ලතින් ඇමරිකානු සිනමාව වගේ අපේ රටට අදාළ කර ගත හැකි සිනමා ධාරාවන් ඇත්තේ ස්වල්පයක් .
මෙක්සිකානු සිනමාව ලතින් ඇමරිකානු කලාපයේ විශිෂ්ටත්වයේ සලකුණක් .
1990 දශකයේ වැඩ ආරම්භ කරන Aljandro gonzales inavvitu මෙක්සිකානු සිනමාවේ පුරෝගාමියෙක්. Babel ඔහු නිර්මාණය කරන්නේ 2006 දී. එය බහු ආඛ්‍යාන (multi narration ) චිත්‍රපටයක් .හරියට ඉරමැදියම වගේ. මේ චිත්‍රපටයේ ආඛ්‍යාන හතරක් තියෙනවා .ඒ ආඛ්‍යාන හතරම ඇක්සිඩන්ට් එකකින් සම්බන්ධ කරනවා. ඉරමැදියමේ ක්‍රිකට් විස්තරයෙන් ආඛ්‍යාන එකිනෙකට යාකරනවා වගේ.babel ඇතුළෙ නාගරික ,අර්ධ නාගරික සහ ගම යන කලාප තුනම අහුකර ගන්නවා.මේ ආඛ්‍යාන කිහිපය මගින් බහු කාල අවකාශ මානයක අපිව ගෙනයනවා.කාල අවකාශ කිහිපයක ජීවිත කිහිපයක් එක ම සිදුවීමකින් වෙනස් වෙනවා.
රිචඩ් සහ සුසාන් දෙදෙනා නිවාඩුවකට මොරොක්කෝ කාන්තාර පෙදෙසට ගමන් කරමින් සිටී.
මොරොක්කෝ වෙළෙන්දෙක් goathard නමැත්තෙකුට රයිෆලයක් අලවි කරයි.ඔහු එය මිලදී ගන්නේ වෘකයන්ට වෙඩි තැබීම සඳහායි.ඔහු එය පුතුන් දෙදෙනාට ලබා දෙයි.ඔවුන් පරිසරයේ විවිධ දේවල් ඉලක්ක කරමින් වෙඩි තබයි.එක් අවස්ථාවක ඔවුන් එය රිචඩ් සහ සුසාන් ගමන් ගන්නා සංචාරක බස් රථයට එල්ල කරයි. ඔවුන්ගේ වෙඩි පහර සුසාන්ගේ ගෙල පසාරු කරමින් ගමන් කරයි.
මෙක්සිකෝවේ ජීවත් වෙන Amelia සුසාන්ගේ සහ රිචඩ්ගේ දරුවන් දෙදෙනාගේ භාරකරුය. දරුවන් දෙදෙනාගේ අහිමිවීමත් භාරකාරීත්වය සනාථ කිරීමට නොහැකි වීමත් වටා සිදුවන වේදනාසහගත සිදුවීම් වෙනස් ම සිතුවිලි කලාපයක්.
ජපානයේ වෙසෙන Chieko පියා සමඟ ජීවත් වෙයි. කථන ගැටලුවකින් පීඩා විඳින ඈ යහලුවන්ගෙන් ප්‍රතික්ෂේප වීමේ වේදනාව දරා ගැනීමට දරන ප්‍රයත්නය යන ආඛ්‍යාන මඟින් චිත්‍රපටයේ රේඛීය ගමන ඛණ්ඩනය කෙරෙනවා.
අහම්ඹය විසින් ජීවිත කෙතරම් සාතිශය ඛේදනීය ඉරණමකට ගොදුරු කරන්නේද යන්නත් ජීවිතයේ වටිනාකම පහළටම වැටෙන ආකාරයත්
එහිදී මිනිසුන් ගොදුරුවන අපරිමිත වේදනාවත් මේ තුළින් විවරණය කෙරෙනවා .
තනි රේඛීය කතා ශෛලියෙන් ඉවත් වෙන බාබෙල් නිරූපණය කරන්න්නේ සමකාලීන මිනිස් ජීවිතය මය. අපේ ජීවිත ද ගලායන්නේ ඒක රේඛීය නොවන ආකාරට ය. Accident එකකින් අපේ ජීවිතය ව්‍යුහාත්මකව උඩු යටිකුරු වීමට හැකිය. අපි පය ගසා සිටින,අපේ ජීවන යථාර්ථයන් තණ අග පිනි බිඳක් වැනි ය.
තනි, නොවැදගත් වස්තුවක් (රයිෆලය) හරහා විවිධ මහාද්වීපවල චරිත සම්බන්ධ කිරීමෙන් “බාබෙල්” නූතන ලෝකයේ ව්‍යුහාත්මකභාවය නිරූපණය කරයි.
එක් ස්ථානයක ක්‍රියාවන් වෙනත් තැනක ගැඹුරු ප්‍රතිවිපාක ඇති කළ හැකි ය.
මෙම චිත්‍රපටය භාෂා වෙනස්කම්, සංස්කෘතීන් පිළිබඳ වැටහීම් සහ පුද්ගලික ආබාධවලින් පැන නගින අවබෝධයට ඇති බාධක ගවේෂණය කරන අතර මානව සන්නිවේදනයේ ආවේනික සීමාවන් ද ඉස්මතු කරයි.
ගෝලීය පුරවැසියා යනු වර්ගවාදය, පන්ති අසමානතාව සහ ගෝලීයකරණයේ බලපෑම වැනි පුළුල් සමාජ ගැටලුවලින් ව්‍යුහගත කෙරුණු ක්ෂුද්‍ර ලෝකයක් බඳු ය.
ප්‍රියන්ත ජයරත්න