මිනිසුන් ගේ ආකල්ප

කුමන හෝ අවස්ථාවක මිනිසුන් ගේ ජන ජිවිතයට බලපාන ගැටලුවකදී උදව්වට ඉතිරිවන්නේ මිනිසාමය.මිනිසුන් මිනිසුන් ට උදව් කරන අවස්ථාවන් ඇතිවන්නේ නිරායාසයෙනි..යමක් සිදුවී වැඩි කාලයක් ගතවීමට මත්තෙන් තවත් එවැනිම දැනෙන සිදුවීමක් ඇති වීම සාමාන්‍ය දෙයක් බවට පත් වී හමාරය …
උදාහරණ වශයෙන් මෑත කාලයේ පැවැති යුද්ධ කාල වකවානුව ,සුනාමිය,කොව්ඩ් වසංගතය ,කලින් කලට එන නියගයන්,එමෙන්ම දිට්වා සුළි කුණාටුව,ආදි නොයෙකුත් සංසිද්ධි බලපෑවේ මිනිසුන් අවදිකරන්නටය.හිතන්නටය.
යමක් සිදු වූ පසුව අඩුවක් නැත්තේ විවේචන වලින් පමණි.
ආධාර , උපකාර ලබනවා ලැබෙනවා මෙන්ම කිසිදු අඩුවක් නොමැතිව ලැබෙන්නේ විවේචනය.
කලහැක් අය යමක් කළත් යමක් කළ නොහැකි බොහෝ දෙනා නිරත වන්නේ විවේචන සම්පාදනයෙහිලාය.

අගය කිරීම යහපත් පුරුද්දක් වුවද එය අඩුවෙන් ලබාදීමට මිනිසුන් කටයුතු කිරිම ඉතා කනගාටුදායකය. විශේෂයෙන්ම වැඩියෙන්ම අවදිවන්න ,නැගිටින්නට හදන්නේ කලු කඩ මුදලාලින්ය..ඔවුන්ගේ එකම අරමුණ වැටුණු තැනින් අවදිකිරිම වෙනුවට වැටුණු පුද්ගලයන් එම වලටම තල්ලු කිරීමය..ඒ තුළින් ඔවුන්ගේ එකම බලාපොරොත්තුව තමන්ගේ බඩ පුරවා ගැනීමය.
එකට එකක් වැඩිකර කූඪ වෙළදාමේ යෙදෙමින් කටයුතුවල නිරත වන අයුරු දැක බලා ගත හැකිය.

තමන්ගෙ⁣ ගොඩ තරකිරීමට දත්ත රැස් කිරීමට ඇතැම් මිනිසුන් හරි හපනුන්ය.ඇතිවු ව්‍යසන කාරි කාල තුලදි එය සිත් සේ කල ආකාරය පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත.එමෙන්ම බොරු සාක්ෂි ඇති කිරීම ට ලාභ ලැබීමට ඇතැම් මිනිසුන් ක්‍රියා කරයි..ඊට හොදම ළගම සාක්ෂි ⁣දිට්වා කුණාටුව තුළින් ම මතු වී ඇත
මිනිය සොයමින් තවත් ලතවන මිනිසුන් මැද සුවිසල් මැදුරු තනන්නට සැලසුම් හදන සහ මුදල් ලබාගැනීමට නොයෙකුත් සාවද්‍ය තොරතුරු රැස් කරන්නන් සිටින බව තහවුරු වී ඇත.
මේ සියලු දෑ පිටුපස සිටින්නේ මිනිසුන් ය..ඔවුන් මිනිසත් කමින් පිරිපුන් අය නොවීම පමණක් වෙනස වී ඇත.
සමාජයීය ගැටලු හමුවේ මිනිසා⁣ගේ ක්‍රියාකාරකම් හමුවේ තේරුම් ගත හැකි එකම දේ ආකල්පයමය සාරධර්ම පමණයි.මෙය ඇතිකිරීමට තවකෙකුට කල නොහැකිය .එය වඩවා ගත යුත්තේ තමා විසින් මය…අනුන්ගෙන් රැස් කරන ලද දෑ තාවකාලිකය.සිය මහන්සියෙන් උපයන්න….එය සදාකාලිකය…මෙම ආකල්පමය වෙනස පවතින තාක් කිසිවෙකුට බලපෑමක් ඇති නොවේ…
ඒ වෙනස තමා විසින් ම ඇති කර ගත යුත්තකි..එවිට එය දාමයක් ලෙස ඇති වී යදමක් සේ ශක්තිමත් වනු ඇත.

More From Author

කනප්පුව

මගේ නිර්මාණ මුහුණුපොතේ ගොඩක් අය රස වින්ඳා වගේම ඒ අය මගේ කවි ගැන දක්වපු අදහස් නිසා මට ලැබුණු උත්තේජනය තමයි මේ කවි පොත කරන්න රුකුලක් වුණේ.

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348