රංජනී සෝමචන්ද්‍ර:
දිට්වා සුළි කුණාටුවත් සමගම සමස්ත ජනතා වගේම ජීවන රටාව උඩු යටිකුරු වී ඇතිවාට කිසිදු සැකයක් නැත.
සියලු වත්කම් ශුන්‍ය වීමත් සමගම ජනතාව පෙළෙන්නේ අන්ත අසරණකමකිනි.
සියල්ලම හොරු ගෙනගියාසේ දැනෙන්නට ගත වූයේ නිමේෂයකි.
අපදා සහන ලබාදීමට දිගුකල දෑත් තවමත් ශක්තිමත් වී ඇත.එය ජාතියක් වශයෙන් උද්දාමයට පත් වීමට එක් උපහැරණයකි.
මිනිසාට ආධාර මෙන්ම ආදරයද, අනුකම්පාව ද, සැනසීමද අත්‍යවශ්‍යම මෙහොතකි මේ ගෙවී යන්නේ..
මානසිකව කඩා වැටීම නවත්වා ගැනීමට දැඩි ආයාසයක් ගතයුතු වෙි. නවනිවසක් සැකසීමට අවශ්‍ය පරිසරය සැකසුණද ඊට වඩාත් වැඩි වෙිගයකින් මානසික සංවර්ධනය ඇති කිරිමට පරිශ්‍රමයක් දැරිය යුතුව ඇත.
බොහෝ දෙනා ඉතිරි කර ඇති වදන් තුළ ගැබ්ව ඇත්තේ පරාජිත බවකි…” ඇඳිවත පමණයි ඉතිරිවෙලා තියෙන්නේ ,මගෙ ඔළුව ගිනි අරන් වගේ,මැරෙන්න හිතෙනවා,මැරුණනාම් හොඳයි කියලා හිතෙනවා, සංසාරෙමදුකක්,ඇයි මෙහෙම අපට වුනේ, මේ සාපය මොකක්ද ? ආදි නොයෙකුත් වදන් අපට සුලබව ඇසුණ දේය.

සිය ජිවිත අරමුණු ඇහිරී යනවට අර්බුද ඇතිවීම සාමාන්‍ය දෙයක්වනු ඇත.සියලු ජීවිත අරමුණු ආදරය සහ රැකියාව ආශ්‍රිතව මානව චේතනා හා සම්බන්ධ ඒවා වනබව පොදු විශ්වාසයකි.
අර්බුදයක් හට ගැනීම හෝ හට නොගැනීම රදා පවතින්නේ සිදුවන අහිමිවීමේ බරපතලතාව මත පමණක් නොව පුද්ගල යා සතු මුහුණ දීමේ හැකියාව මතද වෙි…
එසේ නම් එවන් පරිසර පද්ධතියක අවශ්‍යතාවය නිරායාසයෙන්ම නිර්මාණය විය යුතු කාලය එළැඹ ඇත.

රංජනී සෝමචන්ද්‍ර-Ranjani Somachandra





