ටේෂාන් පුතණුවන්ගේ කතා කරන දෑස්

මීට දෙමසකට පමණ පෙර කොත්මලේ දී පැවති සාහිත්‍ය වැඩසටහනකට මා සහභාගි වුණේ පිරිවෙන් ගුරුවරයෙකු හා පරිසරවේදයෙකු වන ප්‍රසන්න විජේසිංහයන්ගේ
ඇරියුමෙන්.ඔහු දරුවන්ගේ කලා හැකි දියුණු කිරීමේ අරමුණෙන් විධිමත් වැඩ සටහනක් කරනවා.සංගීතය,නාට්‍යය,සාහිත්‍ය,මාධ්‍ය ඇතුළු විවිධ විෂයන්…
එදා මට හමුවූ දරුවන්ගෙන් මා දුටු විවිධ කුසලතා අමතක වන්නේ නැහැ….

පසුගියදා ඇතිවූ ආපදාවෙන් රම්බඩගම සිදුවු නාය යෑම ඔබට මතක ඇති.පස්වලට යටවූ අයගෙන් කිහිප දෙනෙකු ගොඩගෙන පෙට්ටියක්වත් නැතිව අවසන් කටයුතු කළ බව දුටුවා…
පහුගිය ටිකේම එම ප්‍රදේශයේ දුරකතන වැඩ කළේ නෑ.අද මුල්වරට තොරතුරු ලැබුණා.
එදා වැඩසටහනට තම දරුවා කැටුව ආ මවකගෙන්…
සෝචනීය පුවතක්..
එදා වැඩසටහනේදී මා ඇසූ ප්‍රශ්නවලට උද්‍යෝගයෙන් පිළිතුරු දුන්,එ නිසාම මගෙන් පොතක් තෑගි ලැබූ දරුවෙකු පවුලේ සියලු දෙනා සමග අර පස් කන්දට යට වෙලා…

“එයාලා ඇඳේ නිදාගෙන හිටපු විදියටම තමයි නැතිවෙලා තියෙන්නෙ.bodys ඒ විදියටම තිබිලා.ගේ යටට ගිලා බැහැලා.”
මට එහෙම කිව්වා…..

.
නම – ටේෂාන්
පන්තිය – හතර
පාසල – ආනන්ද දසනායක ප්‍රා.විදුහල
පවුලේ සමාජිකයන් – 4යි
ස්ථානය – රම්බොඩගම

එදා රෝසමල් කුමාරයා කතා පොත ගැනත් මා ඔවුන් සමග කතා කළා….
ඔවුන් මා සමග ඡායාරූප ගත්තා…..
ඔවුන්ට හරි ම සතුටු දවසක්…
මා සමුගන්නා මොහොතේ ටේෂාන් දුවගෙන ළඟට ආවා.ම⁣ට සුබ පැතුවා..අත වැනුවා…පොතක් තෑගි ලැබීමේ සතුට ඒ දෑසින් පෙනුණා…ටේෂාන්ගේ පියාත් ටිකක් දුර මා සමග ආවා..

කොළඹ පැමිණි පසුත් මට ටේෂාන් ඇතුළු දරුවන් මතක් වුණා.

“අපි තව දවසක වැඩක් කරමු.දරුවන් කියවූ පොත් ගැන ලියන්න පොලඹවමු.”
දුරකතනයෙන් කළ මේ යෝජනාව⁣ට ප්‍රසන්න සතුටු වුණා.
ඒ දවස එන්න පෙර අඳුරු දවස ආවා…

ටේෂාන් ඇතුළු පවුලේ සැම එකට මිහිදන් වූ බව දන්නේ අද උදේ……ප්‍රසන්නට මේ දුක කොහොම දැනෙනවා ඇතිද?ඔහුගේ දුරකතනය තවම ගොළුයි.මගේ හදවත සදහටම ගොළුයි.
මේ මහා ව්‍යසනයෙන් මෙවැනි දරුවන් සෑහෙන ගණනක් මිහිදන්වෙන්න ඇති.
අපේ වගකීම එබඳු ව්‍යසනවලින් හැකි තරම් දුරට දරුවන් ආරක්ෂා කිරීමේ දිගුකාලීන පියවර ගැනීම සඳහා දායක වීමයි….

….ටේෂාන්
ඔබගේ කතාකරන ඇස් මට තවම පේනවා….
සදාතනිකව,මගේ රාත්‍රීන් දිගු කරමින් ඔබේ දෑස් මා නින්දෙන් ඇහැරවනු නිසැකය….ඔබ අත වැනූ අයුරු මට තවම පෙනේ …….

More From Author

ළමා මානසික සුවතාවය ගොඩනැගීමට නිර්මාණශීලී ක්‍රමවේද යොදා ගැනීම

දිට්වා සුළි කුණාටුවත් සමගම සමස්ත ජනතා වගේම ජීවන රටාව උඩු යටිකුරු වී ඇතිවාට කිසිදු සැකයක් නැත.

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348