සරත් මුණසිංහ ආරච්චි:
පිහිකුළුපත් සොයමින්
පිරික්සුම් බැලුම් හෙලමින්
වැට කඩුලු පනිමින්
ඇවිද ගිය හැටි ජවසුළං බලමින්
මෘදුක හිම වැස්සේ
හිරික්කේඩු සීතලේ
වාත්සල්‍ය යායේ
සුවඳ ඉරුවද බොල්ෂේවික් රුක් ගසේ
උරන පාමින් සංග්‍රාම කාලයට
ඇළුම් කරමින් කම්කරු සටනට
ලොවම හෙල්ලු ඒ දස දවසට
නුඹත් එක්විය රුක්මල් පොකුරට

සරත් මුණසිංහ ආරච්චි -Sarath Munasinghe Arachchi
උපුටා ගැනීම “නිරෝගි කුසුමි” කාව්‍ය සංග්‍රහය





