“විසි වසකට පසුත්” මගේ පළමුවන කාව්‍ය සංග්‍රහයයි.

ලේඛිකා වෛද්‍ය සුජීවා ධර්මවර්ධන ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ එක්වෙයි.

සුජීවා ධර්මවර්ධන – Sujeewa Dharmawardena

ප්‍රශ්නය : ඔබ විසින් රචිත “විසි වසකට පසු” කාව්‍ය සංග්‍රහය පිළිබඳව කෙටි හැඳින්වීමක් කළහොත්?

පිළිතුර : “විසි වසකට පසුත් “මගේ පළමුවන කාව්‍ය සංග්‍රහයයි. එය විවිධ මාතෘකා යටතේ ලියැවුණු කවි පනස් දෙකකින් සමන්ව්තයි. එය ජාතික පුස්තකාල සේවා හා ප්‍රලේඛන මණ්ඩලය විසින් පවත්වනු ලැබූ ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය යටතේ පළ කිරීමට සුදුසු පොතක් ලෙස තෝරා ගනු ලැබුවා. එය මුද්‍රණයෙන් එලි දැක්වූයේ පසුගිය ඔක්තෝබර් මාසයේ ප්‍රොග්‍රෙස් ආයතනය විසින්. එහි පිටු සැකසුම සිදුකළේ මහින්ද ගුණවර්ධන මහතා . පිට කවරය සකස් කරන ලද්දේ ප්‍රොග්‍රෙස් ආයතනයේ  විකුම් ජිතේන්ද්‍ර මහතා විසින් සෝදුපත් බැලීම වසන්තා මිහිඳුකුලසූරිය මහත්මිය විසින් සිදුකරනු ලැබූ අතර පෙරවදන ලියා ඇත්තේ ප්‍රවීණ කිවිඳියක වන සුහර්ෂිණී ධර්මරත්න මහත්මිය විසින්.    

ප්‍රශ්නය : “විසි වසකට පසු” යනුවෙන් කවිපොත නම් කිරීමට හේතුව සදහන් කළ හැකිද?

පිළිතුර :  මෙහි අඩංගු එක් කවියක මාතෘකාව  අනුව එය නම් කැරුණා. එය 2019 වසරේ දිවයින ඉරිදා සංග්‍රහය පුවත් පතේ පළවුණා. එම කවිය මගේ වෛද්‍ය වෘත්තික මිතුරන් හා රෝහල් කාර්‍යමණ්ඩලයේ අනෙකුත් උදවිය අතර යම් ප්‍රමාණයකට ජනගත වූවා.     

ප්‍රශ්නය : ඔබේ කවියට මෙතෙක් ලැබුණු   ප්‍රතිචාර ගැන ඔබ තෘප්තිමත්ද?

පිළිතුර : මා දැරූ උත්සාහයේ තරමට ප්‍රතිචාර හොඳ යැයි මා සිතනවා. පසුගිය කාලයේ වෘත්තිය ජීවිතයේ හා පෞද්ගලික ජීවිතයේ කාර්ය බහුල වීම නිසා ලියූ කවි පළකෙරුනේ ඉතා අඩුවෙන් .නමුත් පුවත්පත් වලට යැවූ කවි බොහොමයක් පළවුණා . මා සමාජ මාධ්‍ය හරහා කවි පළ නොකල බැවින් පොදු ප්‍රතිචාර ගැන යමක් කියන්න බෑ.    

ප්‍රශ්නය : වර්තමාන යෞවන සාහිත්‍යය පිළිබඳ ඔබට කිව හැක්කේ කුමක්ද?

පිළිතුර :  පැරණි රාමුවෙන් මිදුනු , අලුත් මුහුණුවරකින් යුතු යොවුන් සාහිත්‍යය කෘති බොහොමයක් දකින්නට ලැබෙනවා ,පරිවර්තන සාහිත්‍යයද අපේ ළමා කාළයට වඩා බෙහෙවින් පුළුල් වී ඇති බවක් දැනෙනවා . නමුත් ගුණාත්මක භාවය ගැන අදහසක් දැක්වීමට තරම් අධ්‍යයනයක මා යෙදී නැහැ.    

ප්‍රශ්නය : ඔබ ඉදිරියේදී එළිදැක්වීමට අදහස් කර ඇති නිර්මාණ පිළිබඳ කෙටි හැඳින්වීමක් ලබා දිය හැකිද?

පිළිතුර : පළ කිරීමේ අදහසකින් තොරවම මා විසින් රචනා කරන ලද විවිධ නිර්මාණ ගණනාවක් ම තියෙනවා. කෘතිය බොහෝ විට කෙටිකතා සංග්‍රහයක් විය හැකියි .

සංවාද සටහන: සුභාෂ්

විසි වසකට පසු|Visi Wasakata Pasu [YouTube] කෙටි වීඩියෝව පහත සබැඳියෙන් නැරඹිය හැකිය.

More From Author

“රෝසාප්පු කුමාරන්” ජනගත කිරීම

ලොව හෙල්ලූ දස දවස  ලියූ ජෝන් රීඩ්

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348