මෙලනි ගුණතිලක:
2025 නොවැම්බර් 13 දින කොළඹදී ග්‍රීන්පීස් – දකුණු ආසියානු කණ්ඩායම පසුගිය මාර්තු මාසයේදී කේරළදී සිදුවුනු නාවික අනතුරෙහි පාරිසරික බලපෑම දැනුම් දීමට MSC නැව් සමාගමේ කොළඹ කාර්යාලයට ගියේ අනතුරේ පාරිසරික බලපෑම හා සාමාජීය බලපෑම පිලිබඳ නැව් සමාගමට වගකීම භාරගන්නා ලෙස බලපෑම් කිරීම සඳහාය. මෙහි අරමුණ වූයේ අනතුරේ වගකීම පිලිබඳ ලිපියක්, ප්ලාස්ටික් නර්ඩල්ස් බහාලූ බඳුනක්, අත්සන් 8000 කට අධික පෙත්සමක් සමඟ විමර්ශන වාර්තාවක් නැව් සමාගම වෙත භාරදීමයි.

2025 මැයි මාසයේදී කේරළ වෙරළට ඔබ්බෙන් අනතුරට ලක්වූ MSC Elsa 3 නෞකාව අන්තරායක ද්‍රවය සහ ප්ලාස්ටික් නර්ඩ්ල් විශාල ප්‍රමාණයක් සහිත කන්ටේනර් 643 ක් සමග මුහුදුබත් වීම හා එම නර්ඩ්ල්ස් ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ යාපනය සිට මාතර දක්වා වෙරළ තීරයට ගොඩගසා ඇත.
Greenpeace South Asia සිය නවතම විමර්ශන වාර්තාව “Below Deck: The Truth Beneath What You Sea (Mediterranean Shipping Company MSC),” මගින් නැව් සමාගම් දුර්වල නාවික රෙගුලාසි ඇති රටවල් අනතුරු වලදී අවස්ථාවාදීව පාවිච්චි කරන ආකාරය දක්වා ඇත.
මෙම වාර්තාවේ MSC ආයතනය මූල්‍යමය වාසි සඳහා රෙගුලාසි අඩු රටක ලියාපදිංචි කරන ලද ඉපැරැණි, භාවිතා කරන ලද යාත්‍රා දකුණු ආසියානු කලාපයේ ප්‍රවාහනය සදහා යොදාගනිමින්, අනතුරු ආපදාවල අවදානම සහ පිරිවැය ඉන්දියාව, ශ්‍රි ලංකාව සහ බංග්ලාදේශය වැනි අවදානම් සහිත වෙරළබඩ රටවලට පටවා ලොව විශාලතම බහාලුම් ප්‍රවාහකයා බවට වේගයෙන් වර්ධනය වූ ආකාරය විස්තර කර ඇත. මීට අමතරව නාවික අනතුරේ පාරිසරික, සමාජ හා ආර්ථික බලපෑම පිලිබඳ සවිස්තරාත්මක තොරතුරු මේ වාර්තාවේ අඩංගු විය.
අත්සන් 8000 කට අධික පෙත්සම හරහා බලපෑමට ලක්වු රජයන්ට සහ ප්‍රජාවන්ට සාධාරණ හා විනිවිදභාවයකින් වන්දි ගෙවන ලෙස ඉල්ලා සිටී.

MSC ආයතනය පෙත්සම හා ලිපිය භාරගැනීම ප්‍රතික්ෂේප කල අතර ක්‍රියාකාරීන් විසින් ලිපිය ආරක්ෂක කුටියේ යෝජනා පෙට්ටියට දමන ලදී.

මෙලනි ගුණතිලක-Melani Gunathilaka





