ලේඛිකා වජී ගුරුසිංහ මෙවර ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ එක්වෙයි.

ප්‍රශ්නය : පසුගිය වසරේ එළිදැක්වූ “නොමැරැනු හීන” කාව්‍ය සංග්‍රහය පිළිබඳව කෙටි හැඳින්වීමක් කළොත්?
පිළිතුර : 2024 වර්ෂයේ දී ප්‍රකාශයට පත් වූ නොමැරුනු හීන කාව්‍ය සංග්‍රහය තුළ කව් 40 ක් ඇතුලත් ය. මෙහි සදහන් වන එක් එක් කව්ය මගින් මිනිසා මුහුණ දෙන සමාජ සිද්ධීන් හේතුවෙන් මිනිස් සංතානය තුළ ඇතිවන හැඟීම් සහ හැසිරෙන ආකාරය ගැන කතාකෙරෙනවා.

ප්‍රශ්නය : ඔබේ කවියට මෙතෙක් ලැබුණු ප්‍රතිචාර ගැන ඔබ තෘප්තිමත්ද?
පිළිතුර : ඔව්, ඒත් මම හිතනවා මට තව දුරටත් ආකර්ශණීය ප්‍රචාරයක් ලබා දෙන්න පුලුවන් උනානම් මීටත් වඩා ප්‍රතිචාරයක් ලැබෙන්න තිබුනා.මොකද මිනිසුන් අතරට යන ප්‍රභල මාද්‍යයක් ලෙස අද සමාජ මාද්‍ය ජාලය පත්වෙලා තිබෙන නිසා.
ප්‍රශ්නය : වර්තමාන සාහිත්‍ය නිර්මාණ ගැන ඔබගේ ඇගයීම කෙබඳුද?
පිළිතුර : බොහෝ ඉහළ මට්ටමක තිබෙනවා. ඉස්සර ව්‍යංගයෙන් කතා කර මාතෘකා අද අමුවෙන්ම ලියනවා ඒක පාඨක ග්‍රහණය රදවගන්න හේතුවක්.
මෑතකදී කිය වු සුරේඛා සමරසේන ගේ ඊස්ට්‍රජන් ච්න්තක දොඩම්පෙ ගමගේ ස්වප්න රාත්‍රිය දම්ත් දහනායක ප්‍රබන්ධයක ප්‍රේමයක් කෘති උසස් සමාජ කෘතීන් ලෙසට මා දකිනවා. වැට් බදුවලින් තොරව දරාගත හැකි මුදලකට පොත් අලෙව් කරන්න පුලුවන් වාතාවරණය ක් හදලා දෙන්න කියල වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිට්නවා.
ප්‍රශ්නය : ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු මොනවා ද?
පිළිතුර : පුංච් දරුවන් එක්කම කාළය ගත කරන නිසාත්, කියවීමේ පුරුද්ද පුංච් කාළයේ සිටම ඇතිකළ යුතු නිසාත් මට හිතුනා ආකර්ශණීය ළමා කතන්දර පොත් කිහිපයක් කරන්න. ඊට අවශ්‍ය කරන වටපිටාව මේ දවස්වල හදාගෙන යනවා. ඉදිරියේදී සාර්ථක ළමා කතන්දර පොත් කිහිපයක් එළිදක්වනවා.
සංවාද සටහන: සුභාෂ්
නොමැරුනු හීන |Nomarunu Heena [YouTube] කෙටි වීඩියෝව පහත සබැඳියෙන් නැරඹිය හැකිය.





