පච්චා වලින් හැඩවුණු වෛද්‍යවරිය

Dr. Sarah Gray – Australia

ඔබ වෛද්‍යවරයකු ගැන සිතන විට, අපගෙන් බොහෝ දෙනෙක් සිතන්නේ සුදු පැහැති කබායක් සහ වෙදනලාවක් ගැන ය.නමුත් ලෝකයේ වඩාත්ම පච්ච කොටා ඇති වෛද්‍යවරිය ලෙස හැඳින්වෙන වෛද්‍ය සාරා ග්‍රේ වෛද්‍ය වෘත්තියේ මෙම ඒකාකාරී ක්‍රමයට අභියෝග කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටී

.ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් Adelaide රෝහලේහි සේවය කරන ශල්‍ය වෛද්‍ය සාරා, හිස සිට පාදය දක්වා එක් එක් ආකාරයේ පචිචා මෝසත්රවලින් ආවරණය කර ඇති අතර 31 හැවිරිදි ඇය විකලාංග ශල්‍ය වෛද්‍යවරියකි සාරා රෝහල් වාට්ටුවල සිටින “වඩාත්ම ඡනප්‍රිය හා වර්ණවත්” වෛද්‍යවරියයි
එමෙන්ම ඇය ඇඩිලේඩි රෝහලේද නගරයේද “දීප්තිමත්ම හා හොඳම” තරුණ වෛද්‍යවරයකු ලෙස මිනිසුන්ගේ ගෞරවයට පාත්‍රව සිටී

.සාම්ප්‍රදායික වෛද්‍යවරයකුගේ පෙනුම කුමක් විය යුතුද යන්න පිළිබඳව පවතින මිනිසුන්ගේ ඒකාකාරී මානසික තත්වය බිද දැමීමට මෙි තුලින් ඇය වෙහෙස වෙයි. ඕස්ට්‍රේලියානු ප්‍රවෘත්ති වැඩසටහනක් වන සන්රයිස් වෙත ඇය මෙසේ පවසා තිබේ නම්, ‘‘
ඇත්ත වශයෙන්ම ඔබේ පෙනුම කුමක් ද යන්න කිසිවතුට වැදගත් කාරණයක් වන්නේ ඇයි ? . ඔබ ඔබම වන්න. ““

වෛද්‍ය සාරා අවධාරනය කරන්නේ ඇගේ අසාමාන්‍ය පච්ච කොටා ගැනීමෙන් රෝගීන්, විශේෂයෙන් තරුණ අය සමඟ කටයුතු කිරීමට ඇයට පහසු බවයි. ඔවුන් බය නැතිව බොහෝ සමාඡශීලී මිත්‍ර ස්වරයෙන් මා සමග මුහුවෙනවා. ඒක හොඳ කතාබහක් බව මට පෙනේ, විශේෂයෙන් තරුණ පරම්පරාවේ රෝගීන් බොහෝ දෙනෙක් එහෙමයි.මම හිතන්නේ එය වෛද්‍යවරයකුගේ පෙනුමෙන් හා රෝගියා සම්ප්‍රදායිකව සිතන දෙය අතර ඇති බාධකය බිඳවැටීමක් හා බිද දැමීමක් . එය මට රෝගියාගේ නිවැරදිම ප්‍රතිකාරයට ඉඩ හදනවා.

ඇඩිලේඩ් නගරයේ උපත ලද සහ හැදී වැඩුණු වෛද්‍ය සාරා ඇගේ පළමු පච්චය කෙටුවෙි වයස අවුරුදු 16 දී ය.එහෙත් වෛද්‍ය සාරා ඇගේ පච්ච කොටා ගැනීම නිසා ගැටළු වලට මුහුණ දී තිබේ. ඒ සිය වෘත්තියේදී නොවෙි. සමහර වෙළදසැල්වල කාර්ය මණ්ඩලය ඇගේ ශරීර කලාව දුටු විට ඇයට සේවය කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව ඇය පවසයි. කෙසේ වෙතත්, ඇය තරයේ කියා සිටින්නේ තම සගයන් හෝ රෝගීන් විසින් ඇයව රැකියාවෙන් වෙනස් ආකාරයකින් සලකනු නොලබන බවයි.මගේ රෝගීන් සහ මගේ ඡේෂ්ට වෛද්‍යවරු මට අසාධාරණ ලෙස සලකන්නේවත්, මගේ පෙනුම ගැන විනිශ්චය කරන්නේවත් නැහැ
“ෂුවර්, මෙය එසේ නොවූ අවස්ථා හෝ තත්වයන් තිබේ, නමුත් ඒවා ගණන් නොගතයුතු තරමි.”

කෙ‍‍සේ වුව ඇය ඔස්ට්‍රේලියාවෙි දීප්තිමත්ම හා දක්ෂතම වෛද්‍යවරු ගොන්නේ සිටි.

More From Author

වර්තමාන අධිපාරිභෝජනවාදී සමාජයේදී මිනිසුන්ට මුහුණ දීමට සිදුවූ සිද්ධි මත පිහිටා මෙම කෙටිකතා එකතුව නිර්මාණය කර තියෙන්නේ.

නිසි තැන ද සම තැනද

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348