“ස්වප්න රාත්‍රිය” කෙටි කතා සංග්‍රහයේ කර්තෘ ප්‍රවීණ ලේඛක චින්තක දොඩම්පෙ ගමගේ ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ එක්වෙයි.

ප්‍රශ්නය : 2023 වසරේ ප්‍රකාශයට පත් කළ “ස්වප්න රාත්‍රිය” කෙටිකතා සංග්‍රහය පිළිබඳ විස්තරයක් ලබා දිය හැකිද?
පිළිතුර : 2024 වර්ෂයේ ප්‍රකාශයට පත් වූ ස්වප්න රාත්‍රිය කෙටිකතා එකතුවේ කෙටිකතා අටකින් පරිමිතයි. වර්තමාන අධිපාරිභෝජනවාදී සමාජයේ දී මිනිසුන්ට මුහුණ දීමට සිදුවූ සිද්ධි මත පිහිටා මම මේ කෙටිකතා එකතුව නිර්මාණය කොට තියෙනවා .

ප්‍රශ්නය : මෙම කෘතිය සඳහා ඔබට හිමිවූ සම්මාන පිළිබඳව කෙටි විස්තරයක් කළොත්?
පිළිතුර : ස්වප්න රාත්‍රිය කෙටිකතා එකතුව ට අමතරව මම 2021 වසරේදී කවියාගේ සිහිනය නමින් කෙටිකතා එකතුවක් ප්‍රකාශයට පත් කළා. එය ධර්මසිරි ගමගේ අනුස්මරණ සාහිත්‍ය තරගයේ කෙටිකතා කෘති අංශයේ ප්‍රථම ස්ථානය දිනාගත්තා,ඊට අමතරව ගොඩගේ අත්පිටපත් තරගයේ අවසන් වටය නියෝජනය කළා. ඊට කළින් සහන් එළිය නමින් කෙටිකතා එකතුවක් නිකුත් කොට තියෙනවා .
ප්‍රශ්නය : “ස්වප්න රාත්‍රිය” කෙටිකතා සංග්‍රහයට අමතරව ඔබ විසින් ප්‍රකාශයට පත් කර ඇති කෘති මොනවාද?
පිළිතුර : ස්වප්න රාත්‍රිය කෙටිකතා එකතුව ට අමතරව මම 2021 වසරේදී කවියාගේ සිහිනය නමින් කෙටිකතා එකතුවක් ප්‍රකාශයට පත් කළා. එය ධර්මසිරි ගමගේ අනුස්මරණ සාහිත්‍ය තරගයේ කෙටිකතා කෘති අංශයේ ප්‍රථම ස්ථානය දිනාගත්තා,ඊට අමතරව ගොඩගේ අත්පිටපත් තරගයේ අවසන් වටය නියෝජනය කළා. ඊට කළින් සහන් එළිය නමින් කෙටිකතා එකතුවක් නිකුත් කොට තියෙනවා .


ප්‍රශ්නය : වර්තමාන සාහිත්‍ය නිර්මාණ ගැන ඔබගේ ඇගයීම කෙබඳුද?
පිළිතුර : වර්තමානයේ වඩාත් උසස් කෙටිකතා නිර්මාණ සමාජ ගත වෙනවා . මේ වසරේ මා කියැවූ සුරේඛා සමරසේනගේ ඊස්ට්‍රජන් , දමිත් දහනායකගේ ප්‍රබන්ධයක ප්‍රේමය, තලතා ගුණසේකරගේ එකම මිනිසෙක් දෙවරක් හමු නොවෙයි නිශ්ශංක විජේමාන්නගේ නන්පේරියල් මේවා නිර්මාණාත්මක කෘති . නමුත් මේ පොත් මිල පාඨකයා පොත් කියවීමෙන් ඈත් කරනවා . වැට් බද්ද කිහිප වතාවක් පොතකට වදිනවා . ඒ නිසා රජය මේ ගැන අවදානය යොමු කළ යුතුයි .
ප්‍රශ්නය : ඉදිරි නිර්මාණ කටයුතු පිළිබඳ සදහන් කළ හැකිද?
පිළිතුර : මේ දිනවල මගේ පළමු නවකථාව නිර්මාණය කිරීමට වෙහෙස වෙනවා .
සංවාද සටහන: සුභාෂ්
ස්වප්න රාත්‍රිය|Swapna Rathriya සහ අනෙකුත් කෘති පිළිබඳ [YouTube] කෙටි වීඩියෝව පහත සබැඳියෙන් නැරඹිය හැකිය.





