ශ්‍රී ලංකාව තවමත් පාරිසරික සෞන්දර්‍යාත්මකභාවයෙන් ප්‍රමුඛ ස්ථානයක පවතින රටක් බව නො රහසකි. එහි එකිනෙකට වෙනස් වූ වූ සංචාරක ආකර්ෂණය දිනාගත් විවිධ ස්ථාන ගණනය කළ නොහැකි තරම් ය. ඒ අතරින් නුවර එළිය කියන්නේ අපේ ජීවිතයේ එක් වතාවක් හරි ගිහින් තියන සංචාරක ආකර්ෂණය අතින් ඉහළ ම ස්ථානයක් හිමි ප්‍රදේශයක්. එයට ආවේණික වූ සීතල දේශගුණය, අලංකාර භූමි ප්‍රදේශය, ගෘහ නිර්මාණ ශිල්පය ආදිය නිරන්තරයෙන් අපව ආකර්ෂණය කරනවා. ලංකාවේ මෙන් ම විදේශීය සංචාරකයන් බොහෝ පිරිසක් තමන්ගේ නිවාඩු කාලය මෙහි ගත කිරීමට පැමිණෙනවා. පරිසරය රස විදිනවා. නමුත් මේ සුන්දරත්වයට අමතරව ඊට එහායෙන් තියන පුද්ගලයන් එහි ගෙවන කටුක ජීවිතය පිළිබදව අප අවදානය යොමු කරලා ඇත්තේ කීයෙන් කී දෙනාද යන්න ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරයි.

නුවර එළිය මාර්ගය හරහා ගමන් කරන විට අපට දැක ගත හැක්කේ එක යායකට මනාව නඩත්තු කර ඇති විවිධ හිමිකාරිත්ව නාමයන් ඇති තේ වතු යායවල් ය. “අනේ මේවා කොච්චර ලස්සනද?..මාර පිළිවෙලට තියනවා නේද?..” මේ ඒ තේවතු පහු කරගෙන යන විට මට නිතර හිතෙන දේවල්. ඒ දේ අනිවාර්‍යෙ ම ඔයාලත් හිතිලා ඇති. අපි ඒ සුන්දර දර්ශනය දෙස බලලා “ශා හරි ලස්සනයිනේ..” කියලා හිතලා ඒවා පසු කරගෙන යනවා.
අනේක වතාවක් මම ද එසේ කළ අයෙක් වුවත්, මේ වතාවේ මම තරමක් ඉතිරියට ගිහින් නුවර එළියේ සුන්දරත්වය නොව ඒ පිටුපස ඇති කටුකත්වය අධ්‍යනය කළෙමි. මේ කිසිවත් දකින තරම් සුන්දර නැත.
මෙම ප්‍රදේශය වඩාත් සුන්දර කිරීම ට දායක වන ප්‍රධාන ම පිරිසක් වනුයේ මෙම වතුකරයේ ජනතාවයි. නමුත් ඔවුන්ව මෙහි වඩාත් ම අඩු වරප්‍රසාදලාභී පිරිස ලෙස හදුනා ගත හැකිය. අපි ඔවුන්ගේ සමාජ පරිසරය තුළට ප්‍රවේශ වුණෙමු. ඔවුන් සමග සුහද වී කතා කලෙමු. සමාජ ආර්ථික පසුබිම, අධ්‍යාපනය, යටිතල පහසුකම්, සෞඛ්‍යය, පොදු සේවාවන් සහ ස්ත්‍රී පුරුෂ සමාජානුභාවය ඇතුළු එම ජනතාව මුහුණ දෙන විවිධාකාර ගැටලු සහ කරුණු පිලිබදව අවදානය යොමු කළෙමු.

වැඩි වශයෙන් මෙහි දැක ගැනීමට හැකි වූයේ කුඩා දරුවන් සහ මහලු ජනතාවය. එක් නිවසක් තුළ සාමාජිකයන් විශාල පිරිසක් ජීවත් වෙති. නමුත් එම පිරිසට සාපේක්ශව පවුල තුළ ආදයම් උපයන්නන් අඩු ය. ඔවුන් අඩු ආදායම් මත යැපෙමින් කෙසේ හෝ ජීවන ගමන සරි කර ගැනීමට ක්‍රියා කරති. නමුත් වර්තමානයේ මෙම වැටුප් ගැටලු නිසා බොහෝ තරුණ පිරිස් වතුකරය හැර ගොස් වෙනත් දුර බැහැර රැකියාවල නිරත වෙති. එමෙන් ම, විශ්‍රාම සුවයෙන් පසුවිය යුතු මට්ටමේ සිටින ජනතාව තවමත් තමන්ගේ ශ්‍රමය වතුකරය වෙනුවෙන් කැප කරති. ආදායම් උපයති. ඇතැම් පිරිස් තම මුළු ජීවිතය ම වතුකරයට කැප කරමින් කිසිදු සැනසීමක් නොලබා ඒ තුළ ම මියැදී යයි. එය ඛේදජනනීයය. නමුත් සැබෑ ස්වභාවය එය වේ. අව ම වශයෙන් අප නුවර එළිය ප්‍රදේශය තුළ දකින සුන්දරත්වය ඔවුන් කිසි දිනක දැක නොමැති විය හැකිය.
වතුකරයේ බොහෝ දරුවන් දැන් අධ්‍යපනය හැදෑරීමට යම් රුචිකත්වයක් දක්වති. මා ඔවුන් සමග සිදු කළ කතාබහ තුළින් ඔවුන්ගේ අනාගත අරමුණු පිලිබදව විමසුවෙමි. ඒ අතර වෛද්‍යවරු, ගුරුවරු, ව්‍යවසායකයෝ, ඉංජිනේරුවරු, සහ රාජ්‍ය පාලකයෝ සිටියහ. ඇත්ත වශයෙන් ම එය සතුටට කරුණකි. මන් ද යත්, ඔවුන් මුහුණ දෙන කටුක ජීවත වලින් එහා ලෝකයක් සොයාගෙන යෑමට ඔවුන්ගේ මනස සකසාගෙන ඇති නිසා ය.
මේ සාකච්ජාවන් අතර අප තවත් සංවේදී අවස්ථාවකට මුහුණ දුන්නෙමු. එක් මවක් අප සමග හඩමින් කතා කළාය. මැදි වියේ පසුවන කාන්තාවක වූ ඇයගේ ස්වාමිපුරුෂයා මේ වන විට රෝගාතුර වී මිය ගොස් ඇති අතර ඇය තේ දළු නෙළමින් තම පවුල නඩත්තු කරයි. ඇයගේ දියණිය හොදින් අධ්‍යාපනය හදාරා මොරටුව විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලබා ඇත. නමුත් අවාසනාවකට පවතින ආර්ථික ගැටලු නිසාත්, අද්‍යාපනය පිලිබද එම වැඩිහිටි ජනතාව තුළ පවතින නොදැනුවත්කම නිසාත් එම දරුවාට එම අවස්ථාව ගිලිහී ඇත. එය බොහෝ සංවේදී කරුණකි.
පොදු සමාජයේ අධ්‍යාපනය දරුවෙක්ට අත්‍යවශ්‍ය දෙයක් වුවත් බොහෝ විට එවැනි සමාජයක් තුළ අද්‍යාපනය යන කරුණ දෙස බලනු ලබන්නේ වඩාත් අමතර වියදමක් ලෙසයි. එය එක් අතකින් සාධාරණ විය හැක. මන් ද ඔවුන් ඔවුන් ගේ අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීමට පවා දැවැන්ත ප්‍රයත්නයක් දරන බැවිනි.
බොහෝ තරුණ හීන ඒ වතුකරය තුළ ම ඉපදී වතුකරය තුළ ම මිලින වී යයි. එමෙන් ම පිරිමි ළමයෙකුට සාපේක්ෂව ගැහැනු ළමයෙකුට එම සමාජය තුළ ස්වාධීනව නැගී සිටීමට එරෙහිව තවත් අභියෝග රාශියකට මුහුණ දීමට සිදු වේ. ගැහැනු දරුවන් අධ්‍යාපනයේ නිරත වීම පවා සාපේක්ෂව අඩු ය. මන් ද යත් ඔවුන් අඩු වයසින් විවාහ කර දීම සහ නිවාස තුළ වැඩ කිරීම හෝ ආදායම් ඉපයීම සිදු කිරීම එයට හේතු කාරණා වී ඇත. මෙවැනි සමාජයක් තුළ අප ආමන්ත්‍රණය කළ යුතු බහුවිධ කරුණු රාශියක් නිර්මාණය වේ.

එමෙන් ම අව ම යටිතල පහසුකම් හා දුර්වල සනීපාරක්ෂාව මත එම ජනතාව විවිධ ආකරයේ සෞඛ්‍යය ගැටලුවලට මුහුණ දෙති. පිරිසිදු පානිය ජලය පවා නොමැති තරම් ය. එමෙන් ම ඔවුන්ට රෝහල් වෙත පවා පහසුවෙන් ප්‍රවේශ විය නොහැක. එයට විශාල ලෙස දුර බැහැර ගෙවාගෙන යාමට සිදු වන අතර පොදු ප්‍රවාහනය පවා අව ම මට්ටම ක පවතී. ඉතින් මේ සෑම කරුණ ක් ම සලකා බැලූ විට ඔවුන් වතුකර ජීවිතයෙන් මිදී වෙනත් ජිවිතයකට අවතීර්ණ වීම යන්නම ඔවුන්ගේ විශාල ජයග්‍රහණයකි. මන්ද එය එතරම් ම අපහසු කරුණකි.
ඔවුන්ට යම් මට්ටමකින් ආධාර උපකාර රජයෙන්, පෞද්ගලික ආයතන්වලින් සහ රාජ්‍යනොවන ආයතන තුළින් ලැබුණත් එය නිසි ලෙස ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලනු නොලබයි. ඇත්ත වශයෙන් ම මාගේ දෘෂ්ටිකෝණය අනුව ඔවුන් ට අවශ්‍යවන්නේ නිසි මග පෙන්වීමක් ය, සවිබල ගැනිවීමක් ය, දිරි ගැන්වීමක් ය, ජීවිතය පිලිබද නිසි අවබෝධයක් ය. මන් දයත් පවතින මෙම ක්‍රමවේදය මගින් දිගින් දිගට ම තවත් යැපෙන්නෙකු පමණක් සහ අඩු වරප්‍රසාදලාභියෙකු නිර්මාණය කරයි. එය අඛණ්ඩව සිදු වුවහොත් මෙම දුගී බව සදාකාලිකව පවතී. අවම වශයෙන් පුද්ගලයන් ට ඔවුන්ගේ අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීම සදහාවත් දිරිගැන්වීමක් තිබිය යුතුය. මන් ද දුප්පතා තවත් දුප්පත් කිරීම රටක සංවර්ධනයේ, සමාජ සංවර්ධනයේ අරමුණ නොවන නිසාය. අපි නොදන්න කතා රාශියක් මේ සමාජ තුළ සැගව ඇත.
මේ මා ලද අත්දැකීම්වලින් අතලොස්සකි…ඉතිං..නුවර එළියේ සුන්දරත්වය පිටුපස අප නොදන්න තවත් කටුක ජීවිත රාශියක්, කතා රාශියක් සැගව ඇත..??
විශේෂයෙන් අවධාරණය කළ යුතු කරුණ වන්නේ හුදෙක් මෙය නුවරඑළියට පමණක් විශේෂිකරණය වන කරුණු නොව, සමස්ථ ග්‍රාමීය ප්‍රජාව මුහුණ දෙන ගැටලු ලෙස සාමාන්‍යකරණය කළ හැකිය.

කාවින්ද්‍යා දිල්රුක්ෂි
Photo credits go to my batchmates