සාමයේ මිල: පලස්තීනයේ නිමක් නැති දුක් වේදනා වලින් ලෝකයට ඉගෙන ගත හැකි පාඩමි

සෑම වසර කිහිපයකට වරක් ලෝකයම ගාසා තීරය දෙසට ඇස් යොමු කරවනවා. අලුත් බෝම්බ ප්‍රහාර, අලුත් මරණ සහ සුන්බුන් වලින් ඇද ගන්නා ලද දරුවන්ගේ අලුත් රූප මතුවේ.

නායකයින් ප්‍රකාශ නිකුත් කරයි, මාධ්‍යවේදීන් පැමිනෙයි, සහ සමාජ මාධ්‍ය කෝපයෙන් පිරී යයි. ඊට පස්සේ, සෝඩා බෝතලයක් විවෘත කලසේ හෙමින් සද්දය නැති වෙනවා. නිස්කලංක බව එනවා. ආයෙත් නැවත වරක් ගාසාවෙහි බෝම්බ පුපුරණතුරු,පලස්තින යුද්ධය දිඝු කාලයක් තිස්සේ නිමා නොවමින් පවතින යුද්ධයක් නිසා ලෝකයට ඒක හරියට පසුබිම් ශබ්දයක් වැනිය. නමුත් පලස්තීනුවන්ට එය එසේ නොවේ. එ‍ය ඔවුන් සැමදා මුහුණ දෙන ජිවිතයේ යතාර්තයයි.

ඔවුන්ගේ ජිවිතේ සෑම දවසක්ම ආරම්භ වන්නේ අනිශ්චිතභාවයකින් සහ අවසන් වන්නේ කිනම් හෝ පාඩුවකින්. ලෝකයට ගාසාව දෙස බැලීම අමතක වූවත් දුක් වේදනා ගෙවෙන හැම තප්පරයකදීම ඔවුන් එය පරම්පරාවෙන් පරම්පරාවට ‍රැගෙන යති.

සාමය ගැන බොහෝවිට සියලුදෙන දේශපාලන වචන වලින් කතා කෙරේ. සටන් විරාම, සාකච්ඡා සහ ජාත්‍යන්තර යෝජනා ගැන අපට නිතර නිතර අසන්නට ලැබේ. එහෙත් මෙම නිමක් නැති යුද්ධයෙන් පීඩාවිදින පලස්තීන ජනතාවට සාමය යනු ඉතා සරල දෙයකි. බයක් නැතිව නිදා ගැනීම සහ අවදි වීම, දරුවෙකු පාසලට යැවීමේදී ඔහු නැවත එනවාදැයි සැකයක් නැතිව පාසලට යැවීම, පිපිරීම් ශබ්දය නොඇසී ආහාරයට ගැනීම යන්නයි. නමුත් යුද්ධය පුරුද්දක් වූ විට, විශ්වාස කළ නොහැකි සිහිනයක් බවට පත් වෙනවා.

ගාසා තීරයෙන් මතුවන සෑම ඡායාරූපයක්ම කතාවක් කියනවා. තම දරුවාගේ කුඩා සිරුර අල්ලාගෙන සිටින මවක්. තම නිවසේ නටබුන් අසල හඬන පිරිමි ළමයෙක්. සුන්බුන් අතර නම් සොයන මහලු මිනිසෙක්. මේවා වෙනත් ලෝකයකින් පැමිණි රූප නොවේ; ඒවා මනුෂ්‍යත්වයේ අනුකම්පාව, සංවේදීකම නැති වනවිට සිදුවන දේ පිළිබඳ මතක් කිරීම් වේ. නමුත් අවාසනාවට අපි ඉගෙන ගෙන තියෙන්නේ, අන් අයගේ වේදනාව නොතකා එය තමන්ට බොහෝ දුරස් තමන්ගේ ප්‍රශ්නයක් ලෙස නොතකා මඟ හැරීමට ඉඩ දෙන්න.

ශක්තිමත් අයගේ නිහඬභාවය බෝම්බවලට වඩා මාරක වෙලා. ආණ්ඩු කතා කිරීමට පසුබට වන විට, ආයතන ක්‍රියා කිරීමට අපොහොසත් වන විට, ඔවුන්ගේ නිහඬතාවය ප්‍රචණ්ඩත්වයේ සහායකයෙකු බවට පත් වෙනවා. පලස්තීනයේ ඛේදවාචකය එක් ජාතියක කතාව පමණක් නොවෙයි-එය දුක්විදීමට පුරුදු වූ සංවේදීකම අහිමි වූ ලෝකයක පිළිබිඹුවක්.

යුද්ධය සහ එහි දුක දන්නා ශ්‍රී ලංකාව වැනි රටවලට, මෙම නිහඬතාවය වේදනාකාරී ලෙස හුරුපුරුදු බවක් දැනේ. පිළිතුරු නොමැතිව අතුරුදහන් වූවන් භූමදාන කිරීම, අහිමි වීමේ සෙවණැල්ල තුළ ජීවත් වීම යන්නෙහි තේරුම අපි දන්නවා. වේදනාවට පිළිගැනීමක් නොලැබුණොත්, එය කිසි විටෙකත් අතුරුදහන් වෙන්නෙ නැහැ; පරම්පරාවලට ඇතුළු වෙලා, අපි තමන් සහ අන්‍යයන් දකින ආකාරය වෙනස් කරනවා. සැබෑ අර්ථයෙන් ගත් කල, යුක්තිය යුක්තියකින් තොරව පවතින්නේ නැහැ. එය ආධිපත්‍යය හෝ මකා දැමීම මත ගොඩන්නැහිය නොහැක.

ජාතිකත්වය හෝ ආගම නොසලකා, සෑම මානව ජීවිතයක්ම වටිනා බව පිළිගැනීම මත පදනම් වේ. එක් පාර්ශ්වයක ජයග්‍රහණයක් නොවෙයි. එය දුක් විඳි සියලු දෙනාගේ බෙදාගත් ගෞරවයයි.
ගාසාවේ දරුවන්ගේ මුහුණු දකිනකොට, මට මතක් වෙනවා, සෑම දරුවෙකුම, ඔවුන් කොතැනක ඉපදුනත්, බියෙන් තොරව වැඩෙන්න යුතු බව. ලෝකය ඔවුන්ට අනුකම්පාව පමණක් නොව, ක්‍රියාවෙන්ද ශක්තියයි දියයුතුය. මොකද සාමය යනු බලවතුන් දෙන තෑග්ගක් නොවෙයි; එය මිනිස්කම, දුක් වේදනා සාමාන්‍ය දෙයක් ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් පමණක් වර්ධනය වෙන දෙයක් බැවිනි. සැබෑ මිල යනු සංවේදීකමයි-සහ අපි තවමත් එය ගෙවා නැත.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
දර්ශන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය

More From Author

ලොව පළමු පෙලේ මනෝවිද්‍යත්මක නවකතාකරුවකු වූ ෆියෝදර් දස්තයෙව්ස්කි- (1821 – 1881)

ලියුම් කවරයක කතාවක්!

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348