ප්‍රදීප් පීරිස්:
නිදහස් මතධාරීන්ගේ කවයක සාමාජිකයකු වීම හේතුවෙන් 1849 අප්‍රේල් මාසයේදී අත් අඩංගුවට ගන්නා ලදී. මාස 8 ක් සිරගෙදර ගත කිරීමෙන් පසුව මරණ දඬුවම නියම කරන ලදී.
එය රඟපෑමක් විය. මරණ දඬුවම
දීමට සියල්ල සූදානම් කෙරිණි. දෑස් බැඳ
අත් පිටුපසට කොට ගැට ගසන ලදී.

වෙඩි තැබීමට මොහොතකට පෙර
මරණ දඬුවම අවලංගු කර බරපතල වැඩ ඇතිව සයිබීරියාවේ අවුරුදු 8 ක
සිර දඬුවම් නියම කරන ලද බව සිරකරුවන්ට දන්වන ලදී. එවැනි දඬුවම් ක්‍රමයක් එකල රුසියාවේ ක්‍රියාත්මක කරන ලදී. එයින් බලාපොරොත්තු වූයේ මානසික වධ බන්ධනයට ලක් කොට අදහස් හා මත වාදයන් වෙනස් කිරීමයි.
ඒ අවස්ථාවට මුහුණ දුන් දස්තයෙව්ස්කිගේ මිතුරෙක් උමතු බවට පත් විය. ආගම විවේචනය කරමින් සිටි දස්තයෙව්ස්කි දැඩි කිතූ බැතිමතකු බවට පත් වූයේය. වෙඩි තැබීමට තුවක්කු වල කොකා අදින හඬ ඇසුණු දස්තයෙව්ස්කි මෙසේ පවසා ඇත.
“අපි ක්‍රිස්තු සමගයි (“Nous serons avec le Christ”)
දස්තයෙව්ස්කි අපස්මාර රෝගියෙකු
විය. ඔහු එදා විඳි මානසික වධය “අමනයා” (Idiot) නම් ස්වකීය නවකතාවේ ප්‍රධාන චරිතය ලවා මෙසේ කියවයි.

” මිනිසකු මැරීම නිසා මරා දැමීම අපරාධයට වඩා බොහෝ සෙයින් වැඩි දඬුවමකි. දඬුවමක් වශයෙන් නීතියෙන් මරා දැමීම මංපහරන්නන් අතින් මැරුම් කෑමට වඩා අතිශයින් බිහිසුණුය. මහ රෑ වනාන්තරයකදී මංපහරන්නන් අතින් මැරුම් කන පුද්ගලයාට බේරී යාමේ බලාපොරොත්තුව අවසාන නිමේෂය දක්වා පවතින්නේ ය. එහෙත් මෙහිදී ඒ අවසාන බලාපොරොත්තුව සදහටම
උදුරා ගෙන ඇත.”
දස්තයෙව්ස්කිගේ ” පංච පුස්තකය”
(හොඳම කෘති පහ)
- අපරාධය හා දඬුවම
- අමනයා
- යක්කු
- බාලයා
- කරමසොෆ් සහෝදරයෝ

ප්‍රදීප් පීරිස් -Prdeep Peries





