2025, රාජ්‍ය සාහිත්‍යය සම්මාන ඇගයීමේදී “වසරේ ප්‍රශස්තතම යෞවන් නවකතාව” සඳහා වන සම්මානය හිමිකරගත් “රෝස මල් කුමාරයා” කෘතියේ රචක ජ්‍යේෂ්ඨ සාහිත්‍යවේදියෙකු වන තිඹිරියාගම බණ්ඩාර, මෙවර ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ “අරුනැල්ල” සමඟ එක්වෙයි.

2025 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ඇගයීමේදී “වසරේ ප්‍රශස්තතම යොවුන් නවකතාව” සඳහා වන සම්මානය ලැබුණේ “රෝස මල් කුමාරයා” කෘතියටය. ජ්‍යේෂ්ඨ සාහිත්‍යවේදියෙකු වශයෙන් මෙම අවස්ථාව ඔබට කෙසේ දැනෙන්නේද?
මේ පොත ලීවේ සම්මාන අපේක්ෂාවකින් තොරව.ලියලා ඉවරවුණා ම මගේ හෘද සාක්ෂියට දැනුණු දේ තමයි මේ පොත පාඨකයන් ආදරයෙන් වැලඳගනී කියන එක.එය මා සිතු පිරිදි ම සිදුවුණා.පොත පළවී කෙටි කලකින් ලැබුණු ප්‍රතිචාර අනුව එය තහවුරු වුණා.මගේ කිසිම පොතක නොලද ආදරයක් පාඨකයන්ගෙන් ලැබුණා.රාජ්‍ය සම්මාන හිමි වුණේ ඊ ළඟට.ඒ ගැන සතුටක් තියෙනවා.ඒ අවස්ථාව ලේඛකයෙකුට තම ජීවිතයේ කඩඉමක්.

ඔබ “රෝස මල් කුමාරයා” කෘතියත් සමඟ “කතුවැකි විමර්ශන” කෘතියත් එළිදැක්වීමට කටයුතු කර තිබුණා. ඒ ගැනත් සදහන් කළොත්?
ඒ පොත මගේ දීර්ඝකාලීන මාධ්‍ය ජීවිතයේ ප්‍රතිපලයක්.මගේ මරණයට පෙර එවැන්නක් පළ කිරීමේ වුවමනාව තිබුණා.1987 පමණ සිට මා පුවත්පත් ගණනාවක සේවය කළා.තවමත් මම එම වෘත්තියේ ඉන්නවා.මේ අනුව අතීතයේ පටන් වත්මන දක්වා පුවත්පත් කතුවැකි අධ්‍යයනය කළා.
කතුවැකි යනු සමකාලීන සමාජ දේශපාලන තත්වයන් පිළිබඳ පැතිකඩක්.ඒ කතු ගැන විවරණය කරන අතර 1990 සිට මෙතෙක් මා ලියූ කතුවැකිවලින් තෝරාගත් කිහපයකුත් පොතට ඇතුළත් කළා.

වර්තමානයේ බොහෝ නව පරපුරේ ලේඛක ලේඛිකාවන් භාෂාව පිළිබඳ එතරම් සැලකිල්ලක් දක්වන බවක් පෙනෙන්න නැහැ. එ පිළිබඳ ඔබගේ අදහස?
මම ලියන්නේ සිංහලෙන්.භාෂා සම්ප්‍රදාය අවබෝධ නරමින් හදාරමින් එහි ජීව ගුණය නොනසා ලේඛනයෙහි යෙදීම මගේ වගකීමක්.ඒ සඳහා කියවීම,හැදෑරීම සහ අභ්‍යාසය අවශ්‍යයි.කොහොම ලිව්වත් කමක් නෑ යැයි හිතන ලේඛකයන්ගෙන් භාෂාව සහ සාහිත්‍යයට සිදු වෙන්නේ හානියක්.මා එයට විරුද්ධයි.බස පරිණාමය වන්නක්.එක කැන පල් වෙන්නේ නැහැ.ඒ වෙනස් වීම වගේම එහි ජීවගුණය,සම්ප්‍රදාය ගැන අවබෝධය අවශ්‍යයි.
යොවුන් සාහිත්‍ය තවමත් පවතින්නේ පැරණි රාමුවේද?
එහි යම් ඇත්තක් තියෙනවා.යොවුන් සාහිත්‍යයෙන් බණ කියන අය ඉන්නවා.එහෙම නැත්නම් කසිප්පු අල්ලන,හොරු අල්ලන ,පොලිසිය සමග වීරකම් කරන බොරු වීරයෝ තේමාකරගත් සාහිත්‍ය ලියන අයත් ඉන්නවා.එය වැරදි පාරේ යාමක්.
යොවුන් පරපුර ජීවත් වන වත්මන් සමාජය,එහි වෙනස්කම්,යෞවනයන්ගේ නූතන අභියෝග ගැන අවබෝධයක් සාහිත්‍යකරුවන්ට අවශ්‍යයි.
ලංකේය සාහිත්‍ය ක්ෂේත්රයට සුවිශාල දායකත්වයක් ලබා දී ඇති සාහිත්‍යවේදියෙක් ලෙස, ඔබගේ ඉදිරි නිර්මාණ පිළිබඳව විස්තර කළහොත්?
මේ දිනවල මම ලංකාවේ ගුරු වෘත්තය අර්ථවත් කළ විශිෂ්ටයන් ගැන පොතක වැඩ අවසන් කරමින් ඉන්නවා.එමෙන්ම තවත් නිර්මාණ කිහිපයක වැඩ ටිකෙන් ටික කෙරෙමින් පවතිනවා.
සංවාද සටහන:සුභාෂ්
“රෝස මල් කුමාරයා” [YouTube] කෙටි වීඩියෝව පහත සබැඳියෙන් නැරඹිය හැකිය.*





