“මගේ පස්සෙන් එන්න”

වෛද්‍ය බෝධිනී සමරතුංග විසින් රචිත “මගේ පස්සෙන් එන්න” කෘතිය කියවා අවසන් කළෙමි. එය එක හුස්මට කියවා අවසන් කළ හැකි නව කතාවකි. මෙම නව කතා පොත කියවිමෙන් පසු මා තුළ උපන් යම් යම් අදහස් මෙලෙස වචන කරන්නට සිතුවෙමි. මා කියවු පොතක හෝ මා නැරඹු චිත්‍රපටයක හෝ එන කතාව විස්තර කර දක්වන්නට මා උත්සහා කරන්නේ නැත. මන්ද මා එසේ කිරිම තුළින් අනේකාගේ රසවින්දනයට මා අසාධාරණයක් කරනවා යැයි මට සිතෙන බැවින් මම එසේ නොකරමි.

බෝධිනී සමරතුංග

කතාවේ එන අකාරයට මා ද කුඩා වත්තක (බාච්චු වත්තක) ජිවත් නොවුනත් මෙහි එන ඇතැම් කතා පුවත් අප ගම් තුළද අඩු වැඩි වශයෙන් නොතිබ්බා ම නොවේ. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වු දරුවන් නිසා අම්මලා විදි පීඩාත්, තාත්තලා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වු නිසා දරුවන් විදි පීඩාත් මම අප ගම් තුළත් ඕනෑ තරම් දැක ඇත්තෙමි. අවාසනාවකට කරුණ නම් එම චක්‍රය මේ මොහොත වන විටත් අවසන් නොවි එලෙසින්ම අප සමාජය තුළ ක්‍රියාත්මක වෙමින් පැවතිමය. එකි චක්‍රය කවදා නම් අවසන් වේ දැයි කිව හැක්කේ කාටද?

ලංකාවේ බොහෝ දෙනා විවිධ වු පුද්ගලයන් හෝ කණ්ඩායම් පසු පස යන්නට උපන් හපන්නු වෙති. මන්ද ඔවුහු ඔවුන්ට ලැබෙන ලාබ වාසි තකා එකි පුදගලයන් හා කණ්ඩායම් පසු පස යති. නමුත් අවසානයේ දි එකි පුද්ගලයන් හා කණ්ඩායම් ඔවුන්ගේ කාර්‍ය නිම වු පසු විසිර යති. ජනතාවද ඔවුන් පසු පස ගොස් අමාරුවේ වැටෙති. වර්තමානය වන විට විදේශගත විමේ බලාපොරොත්තු ඇතුව විවිධ පුද්ගලයන් පසු පස ගොස් ඔවුන්ට මුදල් ලබා දී අසරණ වි ඇති පිරිස් බොහෝ ය.

රෝග වැළදිමෙන් පසු එම රෝග වලට වෛද්‍යවරයෙකු හමුවි බෙහෙත් නොගෙන සුවය පතා කට්ටඩියන් හෝ යකැදුරන් පසු පස ගොස් මියැදුණු පුද්ගලයන් පිළිබඳ කතා පුවත් අපි අසා ඇත්‍තෙමු. මාධ්‍ය ආයතන හා දේශප්‍රේමීන් යැයි කියා ගත් පාලකයන් පසු පස යමින් ඔවුන් පවසන සියල්ලම හිස මුදුනින් පිළිගෙන වඳ කොත්තු, වඳ යට ඇදුම් වලට යට වි තවත් ජන කොටසකට විරුද්ධව ගෙන ගිය නාටක අපට අද අමතකව ඇත. මේවා මේ දුපත තුළ ඇති උදාහරණ කිහිපයක් පමණි.

අප කතුවරිය ද වෛද්‍යවරියක විම නිසාවෙන්ම ඇය මෙකි කතාව තුළ පඨකායට වෙනස්ම වු අත්දැකිමක් ළඟා කරන්නට උත්සගෙන ඇත. සෞඛ්‍ය ක්ෂෙත්‍රය තුළ ඇති වංචාව, දුෂණය ඇය පාඨකයා ඉදිරියේ ගෙනහැර දක්වයි. අතීතයේ පටන් සිදු වන ඖෂධ මාෆියාව පිළිබඳ අපගේ සිත නැවත වරක් අවදි කිරිමට කතුවරිය සමත්ව ඇත.

ඖෂධ කියා වතුර එන්නත් කළ සෞඛ්‍ය අමාත්‍යවරු සිටින, බාල ඖෂධ මෙරටට ගෙන්වා ඒවායින් කොමිස් මුදල් ලබා ගෙන ඔවුන්ගේ ලෙඩ රෝග වලට ප්‍රතිකාර ලබා ගැනිමට පිටරටට යන පාලකයින් සිටින රටකට නිදහස් සෞඛ්‍යයක ඇති වටිනාකම මෙකි කතාව කියවිමෙන් පසු පඨකයාට සිහිපත් වනු නොඅනුමානය.

පොත කියවා අවසන් වු පසු මගේ මතකයට නැගුණේ එක්තරා මාධ්‍ය නාලිකාවක් විසින් කළ වැඩසටහනකි. එහිදි ඔවුන් කියා සිටියේ 2022 වසරේදි ADIC (Alcohol and Drug Information Centre) නම් ආයතනය විසින් සිදු කර ඇති සමික්ෂණයකට අනුව ආණ්ඩුව විසින් දුම්වැටි සහා මත්පැන් අලෙවිය තුළින් ලබා ගත් ආධායමට වඩා වැඩි මුදලක් දුම්වැටි සහා මත්පැන් භාවිතය නිසා ඇතිවන රෝගි තත්වයන්ට ප්‍රතිකාර කිරිමට ආණ්ඩුව වියදම් කර ඇති බවය.

රටක් ලෙස ගත් කළ මෙකි කරුණ පිළිබඳ වඩ වඩාත් අවධානය සහ සංවාදයට ලක් කළ යුතු කාලය පැමිණ ඇත. අප එසේ කටයුතු කළහොත් අයාලේ මියැදෙන ජිවිත සංඛ්‍යාවේ වෙනසක් අත්පත් කර ගත හැකිය.
“ආරෝග්‍යා පරමා ලාභා” හෙවත් පරම ලාභය නම් නිරෝගි බව යන්න අප කුඩා කළ සිටම අසාන්නාවු පාඨයකි. නමුත් අප එයට කොතරම් නම් සාදාරණයක් ඉටු කරනවාද යන්න අප අප තුළටම එබි බැළිය යුතුය. රටක සෞඛ්‍ය ආරක්ෂිතව, ශක්තිමත්ව ගොඩ ගැගිමට නම් එහි පුරවැසියන්ද සෞඛ්‍ය සම්පන්න දිවියකට හුරුවිමේ ඇති වදගත්කම මෙම කෘතියෙන් ඉස්මතු කර දක්වයි.

වර්තමානය වන විට ඔබ, මම යන්නේ හෝ යමින් සිටින්නේ කාගේ පසු පස දැයි නැවත වරක් හැරි බැලිමට “මගේ පස්සෙන් එන්න” කෘතිය අපට ආරාධනා කරයි. එනම් ඔබ, මම පසු පස යන අවිධිමත් ආහාර රටා, අවිධිමත් සෞඛ්‍ය පුරුදු පිළිබඳ නැවත වරක් හැරි බලන්නට මෙම කෘතිය පිටුවහලක් වනු ඇත. රෝගිව සිටින සමාජයක එම සමාජය නිරෝගි කිරිමටත්, නිදහස් සෞඛ්‍යයක ඇති වටිනාකම පාඨකයා ඉදිරියේ ගෙන හැර දැක්විමටත් කතුවරිය ගත් උත්සහා සාර්ථක වි ඇත. යහපත්, සෞඛ්‍ය සම්පන්න, නිරෝගී සමාජයක් අහසින් පාත් වන්නේ නැත. එය අප විසින්ම නිර්මාණය කර ගත යුතුව ඇත. අඳුරටම ශාප කරමින් සිටිනවා වෙනුවට එකි අඳුර දුරු කරන්න පහනක් දැල්විමට කාලය පැමිණ ඇත. එම නිසා ඔබටත් මෙම කෘතිය කියවන්නට ආරාධනා කරමි.

More From Author

“රෝස මල් කුමාරයා”ට මගේ කිසිම පොතක නොලද ආදරයක් පාඨකයන්ගෙන් ලැබුණා. රාජ්‍ය සම්මානය හිමි වුණේ ඊළඟට. ඒ ගැන සතුටක් තියෙනවා.

ඇන්ටෝනියෝ ග්‍රාම්ස්චි සහ ෆැසිස්ට් වාදයේ ඉදිරිගමන: 1922 “රෝමයේ ගමන” පිළිබඳ සෝවියට් පුවත්පතක් වූ ප්‍රව්ඩා හි පලවු ලිපිය ගැන නැවත ලිවීම (පළමු කොටස)

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348