අධ්‍යාපන සාහිත්‍ය පුස්තකාල දිනය නිමිත්තෙන් වැඩ සටහන් ගණනාවක්

පලාත් පාලන අමාත්‍යාංශය සහ දැරණියගල ප්‍රාදේශීය සභාව එක්ව අධ්‍යාපනික වැඩසටහන් ගණනාවක් දියත් කරන්න ට දැරණියගල ප්‍රාදේශීය සභාව කටයුතු කර තිබිණි.

පොත පත තුලින් ද දැනුම ලබාගත හැක්කේ සමාජ මාධ්‍ය තුළින් ද යටතේ පැවති විවාද තරගයේදි පොත පත තුලින් දැනුම ලබා ගත හැකි යි යනුවෙන් තරග වැදුණු දැරණියගල සිරිසමන් මධ්‍ය මහා විද්‍යාල කණ්ඩායම ජය ලැබූහ.

මීට සමගාමීව චිත්‍ර තරගයක් ද පැවැතිණි.

මෙම අවස්ථාවන් සිසු සිසුවියන් ට ලැබුණු වටිනා අවස්ථාවකි.ඔවුන්ගේ දක්ෂතා දැක්වීමට එය මහගු පිටිවහලක් විය.

මෙම අවස්ථාවෙදී දැරණියගල ප්‍රාදේශීය සභාවේ මහජන පුස්තකාලය වෙත පොත් පරිත්‍යාග ආරම්භ කිරිමට මට අවස්ථාව ලැබීම මා ලද භාග්‍යයකි.
“කියවීම මිනිසා සම්පූර්ණ කරයි.”
මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් පලාත් පාලන සහකාර කොමසාරිස් දමිත් කුමාර මහතා දැරණියගල ප්‍රාදේශීය සභාවේ ලේකම් නලින් පුෂ්ප කුමාර මහතා, දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික රණසිංහ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ම සහභාගී වූහ.

More From Author

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: සහෝදරවරුන්ට යැවූ ලිපි – V

අනාථයෝ එක්කරගත් 79 වන සංවත්සරය

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348