හේමමාලි විජේසිංහ:
වමේ එකතුවක් හදන්නට උත්සාහ දරනව කියලා කීවහම බොහෝ දෙනෙක් මේක, ඔය තරම් වැරදි අන්තයකට ගිය පැරණි වමත් එක්ක යන්න පුලුවන් ගමනක් ද කියලා අහනවා. තේරුමක් නැති උත්සාහයක් කියලා කියනවා. ඒත් මම ඒ වැරදි අස්සෙ වුනත් ඉතාමත් අගය කළ හැකි අයවලුන් අතලොස්සක් වුනත් හිටිය බවට සිහිවන නිසා වම ගැන මා තුළ ලොකු ගෞරවයක් රැඳිලා තියන නිසයි. මේ එකතුවත් සමග තවදුරටත් යන්න හිතුවේ.
වම සුලුවෙන් වුනත් ප්‍රගතිශීලී බලවේගයන් එක්ක වන ක්‍රියාකාරිත්වයන් තුළ පෙළ ගැසෙන්න උත්සාහයක් දරන බවක් පෙනෙන්නට නැතිවීම කනගාටුවක්. ඉදිරියේදී ඒ සඳහා නව උපාය උපක්‍රම ගැන ගවේශනයන් කරන්නට සිදුව තිබෙන බවත්,ජනතා උද්ඝෝෂණ ආදියට දායක වෙමින් ඉන් ඔබ්බට ගමන් කළ යුතු බවත්, එය වාම, ප්‍රගතිශීලි සෑම කොටසක ගේම වගකීම බවත් මතක් කිරීමට කැමතියි.වෙනස්ක් සඳහා ආපු නව ආණ්ඩුව යටතේ ද අහෝසි නොකර පවත්වාගෙන යන ප්‍රතිත්‍රස්ත පනත වැනි ඒවාට විරුදධව අපි ඒකා බද්ධව නැගී සිටිය යුතූයි.
මාතෘකාවට එළඹීමට පෙර අප රටෙන් අතු ගෑවී යනවා සේ පෙනෙන වාමවාදය නැතෙහාත් මාක්ස්වාදය ගැන මේ වන විටත් විශ්වාසයක් මා තබා සිටින්නේ ඇයිද යන කාරණයට බරපතල ලෙස බලපා තිබෙන හෙේතුව ගැන සිහි කිරීමට කැමැත්තෙමි. මා අද වියපත්ව සිටියත් නව යොවුන් වියේ සිටම විශ්වාසයෙන් අනුගමනය කිරිමට හුරුවී සිටියේ මීට වසර 53කට පෙර 1971 සදාකාලික තරුණයන් බවට පත්වී පස්වැදලි වලින් යට ගිය සිසු වියේ සිටි මාගේ සොහොයුරන් වන සරත් විජේසිංහ හා ජස්ටින් විජේසිංහ යන තරුණයන් දෙදෙනා තම ජීවිත සම්පුර්ණමයන්ම කැපකරනලද්දේ තම විශ්වාසය වූ මාක්ස්, -එංගල්ස්-ලෙනින් පෙන්වාදුන් පරිදි පංති විෂමතාවය තුරන් කරලීම උදෙසාවන හෙයිනි.

මා සොහොයුරන් මා තුල නොමැකෙන ලෙසින් පැලපදියන් කරන ලද මාක්ස් එංගල්ස් එකතු කළ කෘතීන්ගෙන් කුඩා උපුටනයක් ඔබ හමුවේ තැබීමට
කැමැත්මතමි.
“ජිවිතේ දී අප තෝරාගන්නා තත්වය වන්නේ අන් සියල්ලටම වඩා මනුෂය සංහතිය වෙනුවෙන් වැඩ කිරීම නම් කිසිම බාධකයකට අපව දන ගැස්විය නොහැකි වනු ඇත. කුමක් නිසාදයත් එම කැප කිරීම සියල්ලන්ගේ යහපත සදහා වන නිසාය. එවිට අප විසින් සුලු සීමා සහිත ආත්මාර්ථකාමී සතුට අත්දකිනු නොලබන නමුත් අපගේ ප්‍රීතිය දශලක්ෂ ගණනකට අයත්වනු ඇත. අපගේ සටහන් නිෂ්ශබ්දවන නමුත් නොකඩවා වමහෙි යෙදෙනු ඇති අතර, අපගේ අලු මත උතුම් මිනිසුන්ගේ තුටු කදුලු හෙළනු ඇති නිසාවෙනි.
1971 එම විප්ලවීය ප්‍රයත්නය අසාර්ථකත්යෙන් සොයුරු සොයුරියන්ගේ මා සොයුරු සොයුරියන්ගේ දිවි ඔවුන්ගේ භද්‍රයෞවනයෙේදීම අප රටට අහිමි වුවද ඉතා අහම්බෙන් ජීවත්වීමේ වරම ලැබීමෙන් පසු මාහට ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිනියක වන කුමාරි ජයවර්ධන මගින් මාහට ස්ත්‍රී ප්‍රඥප්තිය කියවන්නට ලැබීමෙන් නව ජීවයක් ලදිමි. පංති විෂමතාවයට අමතරව සියලුම තලයන්හි විහිදී මුලු මහත් පොලෝ තලයේ හරි අඩක්වන ස්ත්‍රීන් පෙළීමට බදුන් කරන තවත් ප්‍රබල විෂමතාවයක් වන ( Gender discrimination) ස්ත්‍රී -පුරුෂ සමාජභාවිය වෙනස්කොට සැලකීම යන්න ගැන සංවේදී වුනෙමි.

අද වනවිට විවිධාකාර නාමකරණයන් ඇති කරමින් ලෝකයම නොකඩවා ඉදිරියට රැගෙන යන පුරුෂ මූලික ධනේශ්වරය විසින් ඇති කරන අමානුෂික යුද්ධයන් තුලින් පුරුෂයන් පමණක් නොව බෙහෙවින්ම ස්ත්‍රිය හා දරුවන් මාරයා ගේ කටට ගෙන යමින් සිටී. අනිත් අතට ඒ අතරම මෙම මතවාදයට ලෝකයේ අධ්‍යාපන ක්ෂෙත්‍ර තුළ ඉහළ උපාධි දක්වා ද නොවැලැක්විය හැකි ලෙස ගෙන එමින් තිබේ.
මගේ තරුණ දිවිය පුරාවටම ගම් බිම් බලා ඇවිද පීඩිත ජනයා වෙත ගොස් තිබීම නිසා ඒ තුලින් බොහෝ සමාජමය,ආර්ට්කමය, දේශපාලනමය හා සංස්කෘතිමය කාරණා උගෙනීමට අවස්ථාවක් ලදිමි. අප විසින් ඇරඹි ස්වේච්ඡා සංවිධාන පසුව රාජ්‍ය නොවන සංවිධාන බවට පත්වුනි. ඒවා විසින් ස්ත්‍රීන් උදෙසා රැකියා සහ මුදල් සොයා දුන්න ද ප්‍රායෝගික තලයේදී පංති විෂමතාවය ගැන නෑසූකන්ව සිටින අයුරු පෙනී ගොස් ඇතත් ලෝකයේ බොහෝ තැන්වල ස්ත්‍රී ව්‍යාපාර පීඩිත ජනයා සමග උරෙන් උර ගැටෙමින් එක්ව යන අයුරු දැකිය හැක.
ස්ත්‍රී ප්‍රශ්නය ගැන කතා කිරීම යනු අතිශය විශාල මාතෘකාවකි. මාක්ස් කියූ පරිදි ලෝකයේ පළමු වහලා බවට පත්වන්නේ ස්ත්‍රියි. පුද්ගලික දේපල ඇතිවීම ස්ත්‍රිය පුරුෂයාට යටත්කොට පවුල’ ඇතිකර ගැනීම හා රාජ්‍යය් සම්භවය පිළිබද එංගල්ස්ගේ කෘතියේ තරමක්6# දුරට ස්ත්‍රිය යටපත් කිරීම පිළිඳ පෙන්වාදී තිබේ. අදයතන යුගයේ දී ස්ත්‍රියට හිමිව තිබුනේ ගෞරවණීය තැනකි.

අද වනවිට මානව විද්‍යාව මගින් ඒ යටපත් කරන ලද භූමියෙහි යටපත්වී තිබෙන සත්‍ය මානව විකාශනයන් විද්‍යාත්මකව ලොවට හෙළිදරව් කරමින් මාතෘමූලික යුගයක් ලෙස එම ප්‍රාග් ඓතිහාසික යුගය හදුන්වා තිබේ. අදවනවිට ස්ත්‍රීන්ගේ හා පවුලේ ඓතිහාසික පසුබිම සම්බන්ධ සත්‍යය තොරතුරුවල ඌනතාවය විශාලතම බාධාවන්ගෙන් එකකි. ලිඛිත (His-story) ලෙස මිස ඇයගේ කතාවක් ලෙස නොවන හෙයියිනි. ආදිතම යුගයේ, රාජ්‍යය , ආගම යනාදිය මගින් විද්‍යාත්මක ලෝකය සේම ඇය යටපත් කිරීමේ උපාංගයක් වී තිබුණි.
සැබවින්ම ස්ත්‍රීවාදය නැතහොත් ස්ත්‍රිය පිළිබද කතිකාව හෙවත් ශ්‍රමය ප්‍රතිනිශ්පාදනය කරන බලවේගයේ කතිකාව මානව විද්‍යාව සමග ලෝකයේ ඉදිරියට එමින් තිබේ. ධනේශ්වර ලෝකය තුළ වුව ද විශ්වවිද්‍යාල උසස් උපාධි ඒ ගැන වෙන් කොට තිබීම අගය කළ යුත්තකි.
අතීතයේදී රාජ්‍ය පාලනය යනාදිය ආගමික සිද්ධාන්ත යන්ට අනුව සිදුවී තිබේ. මිනිසා අදෘශයමාන බලවේගයක් විසින් මවනලදැයි එදා පැවති පිළිගැනීම පසුව විද්‍යාත්මක සොයා ගැනීම් මගින් සත්‍යය නිරාවරනය කොට දී තිබේ. පොසිල ඇට කැබලිති හා මෙවලම් විසින් මානව ජීවිතය ඇරඹි ඇත්තේ සත්වයා පරිනාමය වීමෙන් ව ද පිළිගැන්වීමට වැඩවසම් ක්‍රමය බිද දැමූ දියුණු ධනෙේෂ්වර විප්ලවයේ අංගයක් බව කිව යුතුය. එය ඒත්තු ගැන්වීමද විප්ලවීය ක්‍රියාවලියක් මිසක් ලෙහෙසි එකක් නොවීය. අද වනවිට මානව විද්‍යාව මගින් බොහෝ සෙයින් ඇය පිළිබඳ යටපත් කරන ලද මාතෘමූලික යුගය පිළිබද කතාවද එසේම පොසිල විද්‍යාව ආදිය මගින් අද ලොවට හෙලිදරව් කර තිබීම දත්ත සොයා ගැනීමට නොමැති ඇයගේ කතාවට ප්‍රබල සාක්ෂි බවට පත්වී තිබේ. කෘෂිකර්මය, සත්වපාලනය, මැටිකර්මාන්තය වැනි තවත් බොහෝ දෑ ඇයගේ නිර්මාණාත්මක දායකත්වයන් බවට අද වන විට සාක්ෂි සොයා ගෙන ඇත.
ලෝකයේ ප්‍රතිනිර්මාණය කරවන ස්ත්‍රියගේ ප්‍රජනන ශක්තිය, ශ්‍රමය ප්‍රතිනිර්මාණය කිරීමේ මාතෘගුණය මත ඇතිවූ ගෞරවණීය සමාජ බලය විසින් එම යුගයේ ජන සමාජයේ මේ නායකත්වය අත්දැකීම් සහිත මාතෘන්හට හිමිව තිබී ඇත. ඥාති සමූහයේ පාලනය සිදුකරනු ලැබ ඇත්තේ ඇය විසිනි.එසේ ඇය සමාජයේ පිළිගැනීමට ලක්වී තිබේ.
ප්‍රජනන අයිතිය (Reproductive rights) පදනම් කර ගත් ස්ත්‍රීවාදය යන විෂය ආර්ථික , සමාජයීය, දේශපාලනමය සංස්කෘතිකමය සහ අනෙකුත් සෑම ක්ෂෙත්‍රයන්හිම විහිදයන නව ලිබරල් යනාදී වශයෙන් ලෝකය නොයෙක් ආකාරයෙන් ඉදිරියට දුවවන ධනේශ්වරයේ විවිධාකාර පීඩනයට සූරාකෑමට එරෙහි පංති අරගලයේ යෙදෙන පීඩිතයින් හා එක්ව යන ඉදිරි ගාමක බලවේගයක් ලෙස ඇයව දකී.මාක්ස්වාදයෙහි සංවර්ධනීය පියවරක් ලෙස ස්ත්‍රීවාදය කැපී පෙනේ.
මානවවිද්‍යාව සම්බන්ධ කාරණයේදී මෝගන් ගේ “ආදිකාලීන ස්මාජය” නම් කෘතිය මාක්ස්ගේ කොමියුනිස්ට් සමාජය පිළිබඳ ලේඛනයන්ට මගපෙන්වූ කෘතීන් අතරට එක්වී තිබේ. මාක්ස්ගේ මරණින් පසු එංගල්ස් විසින් 1884දී “පවූල, පෞදගලික දේපල හා රාජ්‍යයේ සම්භවය” කෘතියෙහි මේවා ගැන විද්‍යාත්මක ලෙසත් විග්‍රහකර පංති රහිත සමාජයේ තිබෙන ප්‍රතිලාභ හා පංති සහිත ස්මාජයෙහි වූ තියුණු වෙනස්කම් පෙන්වා දී තිබේ.

නිශ්පාදන මාර්ග පොදුවේ හිමිකර ගෙන තිබූ එම සමාජයේ සෑම සමාජිකයෙකුටම අනෙක් සියල්ලන් හා සමාන අයිතීන් බුක්ති විඳිය හැකි පදනමක් සපයා තිබුණි. පංති සහිත සමාජයේ මුලික පදනමින්ම ඊට හාත්පසින්ම වෙනස්ය. එහි ජනයා පීඩාවන්ට නොතකා හැරීමට, දූෂණයට, හා ඝාතනයට ලක්වන අයුරු ඔබට පැහැදිලි කිරීමට නුවමනාය. නිශ්පාදන මාර්ග හිමිකරගත් පංතිය ඉහලින් වැජමෙන අතර වැඩ කරන පංතිය ඔවුන්ගේ සූරාකෑමට ලක්වෙයි. “ප්‍රාග්ධන කොමියුනිස්ට්” ක්‍රමය ලෙසත් හැදින්වූ ඒම යුග යෙහි සම්පත් බෙදීයාම හැමට සධාරන වූයේ.එහෙත් මෙතරම් දියුණු යැයි තියන සමාජයේ කොතරම් පිරිසක් මූලික මිනිස් අයිතීන් හෝ සපයා ගැනීමට නොහැකිව කුසගින්නේ සහ මන්දපෝෂණයෙන් පීඩාවෙන් පෙළෙනවාද යන්න ගැන සිතා බැලිය යුතුය.ස්ත්‍රිය ඇගේ ලිිංගිකත්වය හේතුකොටගෙන මොනතරම් නින්දාවට අපහසයට ලක්වෙනවාද යන්න ගැන අමුතුමවන් කිවයුතු නැත.
ලෙනින්ගේ පිටුවහල් කාලය තුළ ජර්මනියේ සමාජ ක්‍රියාකාරීන් හා බුදධිමතුන් සමග සංවාදයෙහි යෙදෙන සමයේ ක්ලාරා සෙත්කින්, කොලොන්තායි, රෝසා ලක්සම්බර්ග් වැනියවුන් සමග ස්ත්‍රී ප්‍රශ්නය සාකච්ඡා කර තිබේ. මාර්තු 8 වෙනිදා ස්ත්‍රී දිනය යොජනාව ඒ අනුව යොදාගත්තකි. අද අප රටේ ද මාර්තු 8 වෙනිදාට ඇයගේ නම සදහන් කරයි. මැයි 1දා දිනයද පැය 8 වැඩදිනයක් ඉල්ලා චිකාගෝ නගරයේ පැය 12,15 ක් ආදී වශයෙන් ලාබාල තරුණියන් යොදවා කම්හල්වල වහල් සේවයේ යෙදවීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවූ ලේ සෙලවූ උද්ඝෝෂණයේ ඵලයක් ලෙසය.

ඇගේ ලිිංගිකත්ව හෙතුකරගෙන ලෝකයේ මොනතරම් නින්දාවට අපහාසයට නොතකාහැරීමට ලක්වෙනවාද යන්න ගැන අමුතුමවන් කිවයුතු නැත. පංති සහිත සමාජය ඇතිවූදා සිට ආර්ථිකය තුලින් දේශපාලනය තුලින් සංස්කෘතීන් තුලින් භාෂාවන්ත තුලින් ආගම් තුලින් කලාවන් තුලින් සිරිත්විරිත් ඇවතුම් පැවතුම් තුලින් නීතිරීති තුලින් අධයාපනය තුලින් Entertainments තුලින්, මෙකී නොකී සෑම අංශයක් තුලින්ම ඇය ඉලක්ක කරගෙන කොන්කිරීමට හෝ අපහාසයට බදුන්කර තිබෙන ආකාරයන් පෙනේ. මෙසේ අදවනවිට ඇය පීඩාවට අපහසුතාවයට මදිපුංචිකරනයට නින්දාවට හිංසාවට දූෂණයට ඝාතනයට හෙලා තිබේ. නව ලිබරල් වර්තමාන ලෝකයේ ඇයගේ පීඩාව අතිශය සංකීර්න තලයකට ඇදදමා ඇත. මේවායින් මුදවාගැනීමට ගන්නා උත්සහයන් ඇයට සාධාරනත්වය ඉටුකිරීමට ගන්නා උත්සාහයන් ස්ත්‍රීවාදය ලෙසින් හැදින්වේ. යුග ගනණාවක් ඔස්සේ යටපත්කරදමා ඇති ඇගේ කතාවද ඉතිහාසයට එක් කිරිම ස්ත්‍රීවාදය ලෙස ගැනේ.
Anthropology මානව විද්‍යාව සහ පොසිල අධ්‍යයනය මේ සඳහා බෙහෙවින් දායක වී ඇත. ලෝකයේ ගමන්මග පිළිබඳ මතවාදී අධ්‍යාපනයේදී මාක්ස් එංගල්ස් පෙන්වාදුන් මග ස්ත්‍රීවාදී මග හා සමාන්තර තලයක ගමන් ගන්නා බව හැගේ. ඇයට එරෙහිව ලෝකය තුල ක්‍රියාත්මකවන ශ්‍රමික හා ලිිංගික යන
දෙයාකාර පීඩනයෙන් මුදවාලීම සදහා වන නන්වැදෑර අවතීර්ණවීම් පියවරයන් ස්ත්‍රීවාදය නැතහොත් ස්ත්‍රී ප්‍රශ්නය ලෙසින් හැදින්වේ.
ලෝකයේ ඉදිරිගමනට මගමපෙන්වන මාක්ස්වාදය අප රට තුළ මෙතෙක් පොතේගුරුවාදයක් බවට පත්කර ගෙන සිටීම හැර ප්‍රායෝගික තලයේ කිසිදු සංවර්ධනීය ගමනක යෙදී නොමැති අතර, ශ්‍රමය ප්‍රතිනිශ්පාදනය කරන ස්ත්‍රිය එහි සාධනීය කර්තව්‍යයක් ඉටුකීරීම ගැන ඔවුන්ගේ අවධාරනයට ලක් නොකරයි. ඇය සමාජයේ තීන්දු තීරණ ගන්නා වැදගත් සහ ගෞරවනීය සමාජ ආර්ථික , දේශපාලන, සහ සංස්කෘතික ආස්ථාන යන්ගෙන් බැහැරකර තිබේ. අඩුවශයෙන් ස්ත්‍රියගේ හඩට ඇහුම්කන් නොදෙයි. එහෙත් එදා මෙන් අදත් ස්ත්‍රිය ම බොහෝ ස්ටන්වල ඉදිරිමයන්ම සිටින බවද කිව යුතුය.
දෙපලෙහි විෂමාකාර බෙදීයාම නිසා දේපල අහිමිවන්නන් තුළ ඇති කරන පීඩනය අතිමහත්ය. දේපල මෙන්ම දේශපාලන බලය විසින් අද රටවල් ඒහෙම්පිටින්ම අත්පත්කරගැනීමේ යුදධයන්ට ධනේශ්වරය විසින් යුදධකරන තත්වයක්ද තිබේ ඒහිදී ස්ත්‍රීන් සහ දරුවන් අන්ත අසරන අඩියකට ඇදදමා තිබෙන අයුරුද පැහැදිලිය.
ස්ත්‍රීන් පත්ව ඇති ශ්‍රමිකයෙක් ලෙස වන පීඩාව මෙන්ම ලිිංගික බලහත්කාරය නිසාවන පීඩාවන් සමාජය තුළ මෙන්ම ගෘහයන්තුළද අතිශයින් අමානුෂිකය. ‘ස්ත්‍රීවාදයෙන්’ කියැවෙන්නේ ‘ප්‍රාක්ධන කොමියුනිස්ට්’ යුගය තුළ එනම් මාතෘ මුලික සමාජය තුළ ඇය විදි ගෞරවනීය තත්වයන් හා සමාජ පිළිගැනීම් අද වැනි නින්දාසහගත තත්වයක් කරා සංස්ක්‍රමණය වූයේ කෙසේ ද යන කාරණය පිළිබඳ විද්‍යාත්මක විග්‍රහයකට භාජනය කිරීමයි. එය මාක්ස්වාදයේ සංවර්ධනීය අංගයක් ලෙස සැලකිය හැකිය.
හේමමාලි විජේසිංහ-Hemamali Wijesingha.





