The Zone of interest චිත්‍රපටය Martin Amis ගේ The Zone of Interest” 2014 නවකතාවට පදනම් වුණත්, ඒකෙන් බොහෝ දුරට වෙනස්වන්නෙ ඇයි?

Zone of Interest” යනු 2023 වර්ෂයේ නිර්මාණය වුනු චිත්‍රපටයකි. මේය Jonathan Glazer විසින් ලියා අධ්‍යක්ෂණය කරන ලදී.එක්සත් රාජධානිය, ඇමරිකාව, සහ පෝලන්තය යන රටවල් මේ චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට දායක වෙලා තිබෙනවා.

Jonathan Glazer

Martin Amis ගේ 2014 නවකතාවට පදනම් වුණත්, චිත්‍රපටය ඒකෙන් බොහෝ දුරට වෙනස්.ඇයි එහෙම වෙනස් වුනේ?අපි බලමු කොහොමද ඒක තේරුම් ගන්නේ කියලා.

චිත්‍රපටය පදනම්  වන්නේ සත්‍ය වශයෙන් ම ජිවත් වුනු ජර්මානු Auschwitz කඳවුරේ අධිකාරී ලෙස සේවය කල Rudolf Höss සහ ඔහුගේ බිරිඳ Hedwig ගේ ජීවිතයයී.ඔවුන් ඔවුන්ගේ පවුල සමඟ “Zone of Interest” කියන ප්‍රදේශයේ ජර්මානු  Auschwitz කඳවුරට යාබදව  තැනු ගෙදරක සාමකාමී ලෙස ජීවත් වෙනවා. Rudolf Höss ගේ චරිතයට Christian Friedel සහ Hedwig Höss ගේ චරිතයට Sandra Hüller රඟපානවා.

Rudolf Höss

කලින් කිව්ව විදිහට”The Zone of Interest” කියන චිත්‍රපටයට Martin Amis කියන ලේඛකයෙකුගේ 2014 පොතේ නමම තිබුණත්, චිත්‍රපටය එම පොතෙන් හදලා නැහැ. ඒ පොත Auschwitz කඳවුර ගැන කතාවක් වුණත්, එහි ප්‍රධාන කතාව වුණේ නාසි නිලධාරියෙක් කඳවුර අධිකාරීගේ බිරිඳට ආදරය කරන කතාවයී.

ඒ පොත ලියවුණු විට විචාරකයන් හිතුවේ එහෙම භයානක තැනකට ආදර කතා ගෙනත් එකතු කරන්න එපා කියලා. ඒ නිසා Jonathan Glazer කියන අධ්‍යක්ෂවරයා ඒ පොතෙන් මොකක් හරි වෙනස් දෙයක් කරන්න පුළුවන්ද කියලා සොයා බැලුවා.

Glazer කිව්වේ “ඒ පොත මට ධෛර්යයක් දුන්නේ සාමාන්‍ය මිනිසුන් මරන අයව සාමාන්‍ය මිනිස්සු  වගේ පෙන්නන්න උවමනාව තිබුනා කියලා.” ඒත් ඔහු සැබෑ Rudolf Höss ගැන හොයන කොට, ඔහුට ඕන වුණේ ප්‍රබන්ද කතාවක් නෙමෙයි, සැබෑ ඉතිහාසය පෙන්නන්න.නමුත් අවසානයේදී ප්‍රේක්ෂකයා ආකර්ෂණය වුනේ ඉතිහාස කතාවට නෙමෙයි. සාපරාදී ලෙස සාමාන්‍ය මිනිස්සු මරණ අය දිහා බලන ප්‍රේක්ෂකයා ආකර්ෂණය වෙන්නේ තමන් වගේම සාමාන්‍ය මිනිසෙකුට නේද කියලා හිතන්න පෙලබෙන එකයි.

මේ චිත්‍රපටයේ කතාන්දරයක් නැහැ. අපි බලන්නේ Rudolf Höss (Christian Friedel), ඔහුගේ බිරිඳ Hedwig (Sandra Hüller), සහ ඔවුන්ගේ දරුවො පස්දෙනාගේ එදිනෙදා ජීවිතයයී.ඔවුන්ගේ විශාල නිවස උයනක් එක්ක Auschwitz කඳවුරේ තාප්පයට ලන්වෙලයී තිබුනේ.

Rudolf හා Hedwig ඔහුන්ගේ දරුවන් සමඟ උයනේ

Höss ගේ නිවස Auschwitz වල තිබුණු විදිහටම ඉතා නිවැරදිව හැදුවා. උයනත් ඒ වගේම හැදුවා. Glazer අලුත් ක්‍රමයකින් රූගත කළා. සැඟවුණු කැමරා දාලා, ඔහු සහ ඔහුගේ කණ්ඩායම ඈතින් ඉඳගෙන ඒ දිහා බලන් හිටියා. ඒක ස්වභාවික වගේ පෙනුණා.Glazer කිව්වේ “මට අවශ්‍ය වුණේ ඔවුන්ගේ  රගපෑම් බලන්න නෙමෙයි. ඔවුන් කොහොමද හැසිරෙන්නේ, ඔවුන් කවුද කියලා දකින්නයී.”Höss ගේ උපන්දිනය.රාත්‍රියේ නිවස අගුළු දාලා ලයිට් නිවන එක Höss සහ Hedwig වෙන් වෙන්ව ඇඳන්වල ඉදලා කතා කරලා සිනහා වන එක.ඇය දරුවන්ට මල් පෙන්වන එක. ඔහු කොහොමද Auschwitz වල මිනිස්සු මරණ විදිහ ක්‍රමානුකුලව වඩා හොදින් කරන ක්‍රම ගැන රැස්වීම් කරන එක සහ Hedwig ඇගේ අම්මට ගෙදර ලස්සන පෙන්වන එක.”මේක පාරාදීස උයනක්,” ඇගේ අම්මා කියයි. “Rudi මට Auschwitz රැජින කියයි,” ඇය කියයි. දෙන්නම සිනහ වෙනවා.මේ වගේ සාමාන්‍ය දර්ශන තමයි Glazer පෙන්වන්නේ.චිත්‍රපටියේ එකම ගැටුම ඇතිවන්නේ Höss විසින් Hedwig ට කියනවා තමාව Berlin අසල කදවුරකට මාරු කරනවා කියලා. Hedwig මෙහිදී කෝපයට පත් වෙලා කියන්නේ ඇය යන්නේ නැහැ කියලා.
“මාව මෙතනින් ඇදගෙන යන්න වෙයි,” ඇය කෑගහනවා. “මේක අපේ ගෙදර; අපි සිහින පාරාදීසයක ජීවත් වෙනවා.”

අපට කඳවුර ඇතුළත පෙන්වන්නේ නැහැ. ඒත් අපට හැමදාම ශබ්ද ඇහෙනවා. “The Zone of Interest” ඇත්තටම චිත්‍රපට දෙකක්.එකක් දකින්න, එකක් අහන්න.ගෙදරදී සාමාන්‍ය ජීවිතය පෙන්වද්දී, කඳවුරෙන් භයානක ශබ්ද එනවා. ඒවා අපිළිවෙලකට හැදුවොත්,
පිච්චෙන හඬ දුම්රියක හඬ යකඩ තැලෙන ශබ්ද බල්ලන්ගේ ශබ්ද කුඩා ළමුන්ගේ කෑගැසීම්,වෙඩි ශබ්ද,මිනිස්සු යටි ගිරියෙන් කරන කෑගැසීම්, කෙදිරිලි හඩවල් වගේ දේවල්.මේක වෙනත් Holocaust චිත්‍රපටවලට වඩා වෙනස්. අනිත් චිත්‍රපටවල අපි දුක් විඳින මිනිස්සුන්ට සහයෝගය දෙනවා. ඒත් මේකේ අපිට තේරෙනවා මිනිස්සු මරන අයත් සාමාන්‍ය මිනිස්සු වගේම කියලා. අපිත් ඒ වගේ වෙන්න පුළුවන් කියලා.අපි ආකර්ෂණය වෙන්නේ ප්‍රධාන චරිතයටයි.(මිනිස්සු මරණ කෙනාට)

Gillian Rose

මේක Gillian Rose කියන දාර්ශනික ස්ත්‍රීයගේ අදහසට ගොඩක් ගැලපෙනවා. ඇය කිව්වේ අපි Holocaust චිත්‍රපටවලින් දුක් විඳින අයට පමණක් සහයෝගය දෙන්නේ නැතුව, අපිත් වරදකරුවන් වගේ වෙන්න පුළුවන් කියන එක තේරුම් ගන්න ඕන කියලා.ඒ නිසාම මේ චිත්‍රපටය බලලා අපි ගැඹුරු සිතීමකට ලක්‌ වෙනවා. ඒකයි මේ චිත්‍රපටයේ ලොකුම සාර්ථකත්වය.බලන අපිත් තිගැස්සෙන්නේ අපි වගේම සාමාන්‍ය මිනිහෙක් අපි වෙ නුවෙන් මිනිමරනවා දකින විටයි.ඔබත් සාමාන්‍ය මිනිසෙක්ද?

More From Author

පොත්, මගේ ආත්මය නොමැරී තියාගන්න තව තව පොත් එවන්න

තම්පෝ ; වෘත්තීය සමිතියෙන් ඔබ්බට විමසීමක්.

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348