රුවිනි මේනකා:
ඒ නිලුපුල් දෑස
පාව එනතෙක් වෙරළ තීරෙට
තෘෂ්ණාධික හදින්
මඟ බැලුවෙමි
පොල් රුප්පාවක වැටකේ
පඳුරු මත වැතිර
ලවණ රස උරාගත් කවක්
පෙරදිනක හාදූ ඉල්ලා
මා වෙහෙසට පත්කළ
ඒ දෙතොල මත තෙරපන්න
මඟ බැලුවෙමි
අල්වෙර්තිනා ඔබ දැන සිටියාද ?
සෙයිලාන් දූපතේ කොළඹ නගරයෙ
හැඩැති බඩු මුට්ටු
පිරුණු පුංචි ගෙදරක්
ඔබේ අහිංසක සිනා දකින්නට
විශාල කැඩපතක්
අයිතම නොඅඩු පුංචී කුස්සියක්
ඔබ වෙනුවෙන් බලා උන්නු බව

හිස්වන වීදුරුවට සැණෙන්
මදුවිත පිරවු රත්නයියගෙ
සුවඳ විහිදුවන රා පොල්කට්ටක තිබුණේ
ඔබ කැමති ප්ලමෙන්තෝ කවියක රස
ඔබෙ පහසින් මිදුණු වැල්ලවත්ත
හුදෙකලාවේ දීප්තියකි
අල්වෙර්තිනා ඔබ නොදැන සිටියාද ?
පළඳින්නට ඔබ වඩා ප්‍රිය වු
හිස්වැසුමේ අළු පැහැය
සොරා ගත් වළාකුලක ගැටී
ඔබ හසුන්පත් එවූ විහඟ මියැදුණු වග
ඉක්බිතිව පැබ්ලෝ නෙරූඩා නමට
අල්වෙර්තිනා නම් ශ්‍රේෂ්ඨ පෙම්වතියගෙන්
හසුන්පත් නොලැබුණ බව
දීප්තිමත් හුදෙකලාවක
ඔබේ නමින් ලියූ කවී කෑ ගසා
ඔබට ඇහෙන්නට කියවමි
රාත්‍රින් පුරා ඇවිලෙන වේදනා
දුම් පයිප්පයක බහා
වාතලයට මුහු කරමි

රළ එදා වගෙම අදත් නැඟෙනව
වෙරළ බලාවිත් හැපෙනව
අප නැතත් හෙටත් රළ නැගේවී
මා ප්‍රියාවිය අල්වෙර්තිනා
නිවසන ගරා වැටී ඇත
වැල්ලවත්ත
දැන් ගොඩක් වෙනස් වෙලා
රුවිනි මේනකා-Ruwani Menaka





