ප්‍රදීප් පීරිස්:
ඉතිහාසයේ සැබෑ වීරවරයන්ගේ අගය හා වැදගත්කම වඩාත් දැනෙන්නේ ඔවුන් ජීවත්ව සිටි යුගයට වඩා ඉන් පසු යුගයන්ටය. තත්කාලීන බලසබඳතා හා ප්‍රචාරණය තුළින් හෝ යුධ උමතුව තුලින් ඉස්‌මතු වන හුදු දැවැන්ත පුවරුතුල දිස්වෙන වීරයන්ගේ මතකය ඔවුන් බලයෙන් පහව යැමෙන් පසුව ගිලිහී යන නමුත් සැබෑ යුගපුරුෂයන් ගේ මතකය, නිලඹර දිදුලන තාරකාවන් සේ යුගයෙන් යුගයට හා පරපුරෙන් පරපුරට ආලෝකය ලබාදෙමින් හා දිශානතිය සනිටුහන් කරමින් දීර්ඝ කාලීනව පවතී.
එය තව දුරටත් විග්‍රහයක යෙදෙන ලෙනින් මෙසේ කිවේය.

” ඓතිහාසික අවශ්‍යතාවය පිලිබඳ අදහසෙන් ඉතිහාසයේ පුද්ගලයන් ඉටුකරන කාර්ය කොටස් කිසිසේත්ම යටපත් නොවේ. නිසැක ලෙසම ක්‍රියාශීලී නායකයන් හා පුද්ගලයන්ගේ වැඩ කටයුතුවලින් ඉතිහාසය පිරී පවතී. “
මිනිසුන් මිය යති . එහෙත් තමා මිය ගිය පසු පුරාවෘතයක් විය හැකි මිනිසෙකු වේ නම් ඔහු සැබෑ පරිපුර්ණ මිනිසෙකි. එවන් මිනිසුන් අප දකින්නේ සමාජවාදී ගමන් මග තුල වීම සුවිශේෂී කරුණකි. මාක්ස්වාදී දෘෂ්ටියකින් බලන විට ද පෙනෙන්නේ ඉතිහාසය තුල හුදකලා තනිවීරයන්ගේ වීර වික්‍රමාන්විතයන් ප්‍රතික්ෂේප කලද , එය ගොඩ නැගීමේදී විශේෂ පුද්ගලයන්ගේ විශේෂ දායකත්වය ප්‍රතිෂේප නොකරන බවය. මන්ද එවැනි පුද් ගලයන්ද ඉතිහාසයේ අවශයතාවයන්ගේ නිර්මාණයක් වන නිසාය. එවන් මිනිසුන් අතර අසහාය මිනිසෙකුගේ විවරණයකි මේ. ඔහු නමින් යුරී ගගාරීන්ය.
යුරී ගගාරීන්ට උපත දුන් ගම්මානය පිහිටියේ මොස්කව් නගරයේ සිට කි.මී. 161 දුරින් පිහිටි ක්ලුශිනෝ නම් ගම්මානයයි. ඔහුගේ උපන් දිනය ලෙස සඳහන් වන්නේ 1934 මාර්තු 9 වනදාය.යුරී ගගාරීන්ගේ පියාගේ නම ඇලෙක්ෂි ගගාරීන් විය . මව අන්නා නම් විය. ඔහු පව්ලේ තුන් වෙනියා ලෙස උපත ලැබීය කුඩා ගගාරීන්ට වඩා වැඩිමහල් , වැලන්ටයින් හා බොරිස් යනුවෙන් සහෝදරයින් දෙපලක් හා සෝයා නමින් නැගණියක් ද විය. පියා සමුහ ගොවිපලක ගොවියෙකු වූ අතර මව කිරිදොවන්නියකු විය. ගගාරීන්ගේ අධ්‍යාපනයට ආරම්භයේදීම කණකොකා හැඩුනි.

1941 දී නාසි ජර්මානුවන්ගේ ආක්‍රමණය එයට තදින්ම බලපෑවේය. එවකට ඔහුගේ වයස අවුරුදු හතක පමණ සිගිති කොලු ගැටයෙකු විය.
නාසි ජර්මානුවන් තම නගරය ආක්‍රමණය කිරීමෙන් පසුව යුරීගේ එමක නැගණිය හා වැලන්ටයින් නාසි හමුදා විසින් අත්අඩංගුවට ගෙන ජර්මනියේ වහල් මෙහෙය සඳහා කැටුව යන ලදී. එවකට අත්අඩංගුවට පත් වූ තරුණ තරුණියන් නාසි පාලනය විසින් දැඩි ශ්‍රම සුරාකෑමකට ජර්මනියට රැගෙන එන ලදී. එය කුඩා ගගාරීන් කම්පනයට පත් කල සිදුවීමක් විය. ඔහුගේ පියා ඉතා දැඩි විනයකට යටත් කරමින් සිය දරුවන් ඇති දැඩි කළේය. යුරී විනය ගරුක තරුණයෙකු වීමට වඩාත් බලපෑමක් සිදු වුයේ සිය පවුලෙන් ලැබූ අභාෂයෙන් බව ඔහු සිය පවුල ගැන පසු කාලයක සඳහන් කල පහත සඳහන් කරුණු තුලින් පැහැදිලි වේ.
” මගේ පව්ල සාමාන්‍ය සෝවියට් පව්ලක්ම විය. මාගේ දෙමාපියන් අව්‍යාජ රුසියානුවෝ වුහ ” යයි කීය.
ගගාරීන්ගේ අහස්යානා සිහිනය මෝදු වීමට බලපෑ විශේෂිත සිදුවීමක් ඔහුගේ වයස හත පමණ වන විට සිදු විය. තම උපන් ප්‍රදේශය ආක්‍රමණය කල ජර්මානුවන් විසින් තම ගමට ඉහලින් පියාසර කල කුඩා සෝවියට් ගුවන් යානා දෙකකට වෙඩි තැබීය. තටුවල රතු තරුව සලකුණු කර තිබු එම ගුවන් යානා දුම් දමමින් පැද්දෙමින් වාතලය කපාගෙන පොළොවට පතිත විය. එය දුටු සම වයසේ කුඩා කොලු ගැටයින් සමග වහ වහා එතනට දිව ගිය ගගාරීන් යානය පැදවූ මිය ගිය පියාසර නිලධාරියා දෙස බැලීය. ඔහුගේ නිල කබාය තරු හා පදක්කම් වලින් වැසී තිබෙනු අයුරු ඔහු දිටීය. පසු කලෙක එම අතීත සිදුවීම මතක් කරමින් ගගාරීන් මෙසේ කිවේය.
” එම සිදුවීම මගේ පුංචි සිතට දුකක් මෙන්ම තමාටද එසේ වීමට ඇත්නම් යන හැගීමක් සිතට නැගුණි ” යනුවෙන් ඔහු හා සම්මුඛසාකච්චාවක් පැවැත්වූ පුවත් පත් කළා වේදියෙකුට පැවසුවේය. ඔහු ගුවන් නියමුවෙකු කිරීමට බොහෝ විට එම සිදුවීම පාදක විය හැක.
නාසීන්ගේ ආක්‍රමණය නිසා යුරී මෙන්ම එම ප්‍රදේශවාසී රුසියානුවන්ට අනෙක දුක් ගහට විදීමට සිදු විය. පාසල් වැසී ගියේය. ගොවිතැන් කටයුතු මෙන්ම දෛනික දිවිපෙවත කන පිට හැරුණි. යුරී ගේ පියා සමුහ ගොවි පලක ගොවියෙක් මෙන්ම එහි පිටි මොලේ යන්ත්‍ර ක්‍රියාකරුද විය . දිනක් නාසි හමුදාවන් ඔහුට නියෝගයක් දෙමින් එම හමුදාවන්ට අවශ්‍ය තිරිඟු පිටිකර දෙන ලෙස කිහ. නමුත් නිර්භයම ඔහු එය ප්‍රතිෂේප කලේ සෝවියට් සමාජවාදීන් නිවටයින් නොවන බව නාසී මිලේච්ච හමුදාවන්ට පෙන්වමිනි. එයින් මහත් සේ උරණ වූ ජර්මානු නාසි හමුදා නිලධාරියෙක් ඇලෙක්ෂි ගගාරීන්ට පහර දෙන ලදී.

1943 වන විට සෝවියට් රතු හමුදා තම උපන් ප්‍රදේශය වූ ග්සාට්ස්ක් වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් නාසි ග්‍රහණයෙන් මුදවා ගත්තේය. නිදහස් කරගත් තම ප්‍රදේශය නැවත ගොඩ නැගීමට දිවා රෑ වෙහෙසෙමින් කටයුතු කල අය අතර තම පියාද විය. අධික වෙහෙස හා දරිද්‍රතාවය මතම ඔහු යුරී ඇතුළු පව්ලේ සැම තනිකර මෙලොව හැර ගියේය. පසුව ක්ලුශිනෝ නම් වූ එම නගරය ගගාරීන් ලෙස නම් කරන ලදී.
තරුණ ගගාරීන් විවේකය ලද සෑම විටකම කියවීමට හුරු විය. වික්ටර් හියුගෝ චාල්ස් ඩිකන්ස් හා ගෝර්කි ඔහුගේ ප්‍රියතම කතුවරුන් විය.

නමුත් ඔහු වඩාත්ම ඇලුම් කලේ රුසියානු රොකට් තාක්ෂණයේ පියා ලෙස සැලකෙන කොන්ස්තතින් සියෝල්කෞශ්කි ගේ ග්‍රන්ථ අධ්‍යනය කිරීමටය. ඔහුගේ දිවියේ නොසැලෙන ඉලක්කයක් ඔහු සතු විය. කෙදිනක හෝ වඩා හොඳ ගුවන් නියමුවෙකු වී තම දේශයට උපරිම සේවයක් කිරීම ඔහුගේ පරම පැතුම විය. පියාසර අධ්‍යන ආයතනයේ පුහුණුවීම් කරන විට ඔහු තුලින් දිස් වුයේ පළපුරුදු ගුවන් නියමුවෙකුගේ හැකියාවය. . ගුවන් යානයක් ඉහලට කක්ෂ ගත වන විට හා භූමියට ගොඩ බෑමේදී ඔහු තුලින් එම දක්ෂතා දුටු ඔහුගේ පියාසර පුහුණුකරු වූ දිමිත්‍රි පාවුල්මෙක් මෙසේ සඳහන් කළේය.

” අනාගතයේදී අපි දීප්තිමත් ගුවන් නියමුවෙකු සෝවියට් රජයට ලබා දෙන්නේය”යනුවෙනි .
ඔරෙන්බර්ග් හි පහිටි First Chkalov Air Force Pilot’s පාසලේ අධ්‍යනය කරන අතර තුර ඔහුට සිය අනාගත බිරිඳ වැලන්ටිනා ඉවව්නොව්නා හමුවිය.

School in Borisoglebsk, Russia
ඇයද දීප්තිමත් වෛද්‍ය ශිෂ්‍යාවක් විය. ඔවුන් අතර විවාහය 1957 නොවැම්බර් 7 වන දින සිදුවිය.එම විවාහයෙන් ගගාරීන් හා වැලන්ටිනාට යෙලීනා හා ගලිනා නමින් දියණියන් දෙදෙනෙකු ලැබුණි.

යුරී ගේ ජීවිතයේ සාර්ථකම කඩඉමට පිවිසියේ ඔහුගේ දක්ෂතා මත සෝවියට් අභ්‍යවකාශ වැඩසටහනට තෝරා ගැනීම තුලිනි. මෙම සුවිශේෂී අවස්තාව එළඹෙන තෙක් ඔහුගේ අසහාය කැපකිරීම සුළුපටු නොවේ. දෛනික පුහුණුවීම්, අධ්‍යන කටයුතු මෙන්ම සමාජවාදී චින්තනයෙන් පෝෂණය වීම මෙහිලා කැපී පෙනෙන ලක්ෂණයයි. 1960 වන විට සෝවියට් තාක්ෂණවේදීන් ශ්‍රේෂ්ට ඔක්තෝබර් විප්ලවය සිදුවී අඩ සියවසක් වැනි කෙටි කාලයක් තුල ලෝක ඉතිහාසයේ නව පෙරලි සිදු කරමින් සිටියේය. ධනේශ්වර සමාජයට වසර සිය ගණනකදී අභිබවීමට නොහැකි වූ අභියෝග සමාජවාදී වට පිටාවක ,සාමුහික ක්‍රියාවලියක ප්‍රතිපලයක් ලෙස මානව වර්ගයාට එහි සාර්තක පල නෙලා දීමට ඔවුනට හැකි විය. එහි එක් අමරණීය මොහොතක් වන්නේ අභ්‍යවකාශ තරඟයට සුදුසු සෝවියට් ගගනගාමියා තේරීමේ අවස්ත්වාවයි. සෝවියට් දේශය පුරාම ඒ සඳහා අයදුම් පත් කැදවිය. අවසානයේදී අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් 19 දෙනෙකු ඒ සඳහා මුලික සුදුසුකම් සලකා බඳවා ගනු ලැබීය. අනතුරුව සුපිරි කණ්ඩායම තෝරා එයටද ගගාරීන් ඇතුලත් කළේය. Sochi Six, යනුවෙන් එයට අන්වර්තනාමයක්ද යෙදීය. එම කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂී පුහුණු වැඩසටහනක් සෝවියට් අභ්‍යවකාශ විද්යාඥඥ වරුන් සැලසුම් කළේය. මෙම ඓතිහාසික අභ්‍යවකාශ ගමන වෙනුවෙන් සැලසුම් කල වැඩ සටහන හැඳින් වුයේ “වොස්ටොක්” නමිනි.
සෝවියට් අභ්‍යවකාශ ගමන සඳහා අවසානයේදී යුරී ගගාරීන් තේරී පත් විය . එම තේරීම සම්බන්දව අභ්‍යවකාශ සැලසුමේ අධ්‍යක්ෂ මෙසේ සඳහන් කළේය.
” තෝරාගත් ගගනගාමීන් අතර සිටි කුඩාම මිනිසාද ඔහු විය. ඔවුන් අතර විපුල දක්ෂතා මෙන්ම ඇදහිය නොහැකි තරමේ උගනීමේ හැකියාවක් තිබු තරුණ පියාසර නිලදාරියාද ඔහුය. යමක් පිලිබඳ ඔහුගේ මතක ශක්තිය පිළිබඳවද මා මවිත කල අතර ඔහුගේ කුසලතාවයන් පිළිබඳව මා රුසියානුවෙකු ලෙස ආඩම්බරයටත් , ප්‍රබෝධයටත් පත් විය. පියාසර කරන විට අවට පරිසරය පිලිබඳ තියුණු දැක්මක් ඔහු සතුවීම ගගනගාමියෙකුට තිබිය යුතු අනිවාරනීය සුදුසුකමකි. එය ගගාරීන්ට වුවමනාවටත් වඩා තිබුණි. මේ සෑම දෙයකටත් වඩා ඔහුගේ සාර්ථකත්වයටත් , අන් අය අභිබවා ඉදිරියට ඒමටත් හැකි වුයේ ඔහු එඩිතර සෝවියට් සමාජවාදී තරුණයෙකු වූ නිසාය .
1968 මාර්තු 27 වෙනි දින සුපුරුදු දෛනික පියාසර චාරිකාවට එක් විය. ඔහුගේ සුරතට හුරු පුරුදු MiG-15UTI යානාව Chkalovsky Air Base,කඳවුරෙන් ගුවන් තලයට පිවිසුණි. වෙනදා මෙන් ඔහුගේ සහය ගගන නාවිකයා වූ ව්ලද්මීර් සේර්යෝගින් ඔහු අසලින්ම හිද ගත්තේය. Chkalovsky ගුවන් හමුදා කඳවුරෙන් පිටත් වී සුළු මොහොතකින් ඔහුගේ යානය Kirzhach නම් ප්‍රදේශයේදී අනතුරට පත් විය. සෝවියට් සමාජවාදීන් ලොවට පුදකළ අසහාය මිනිසෙකු මානව වර්ගයාට තව දුරටත් සේවය කිරීමේ අවස්තාව අවසානාවන්ත අනතුරකින් අහිමිකළේය. ඔහුගේ ආදාහනයෙන් පසුව භස්මාවශේෂ මොස්කව් රතු චතුරශ්‍රයේ තැන්පත් කලේ මතු පරපුරට දැක ගැනීමටය. ගගාරීන් යනු ජීවිතයේ කෙටි කාලයක් තුල මිනිසෙකුට පියමැනිය හැකි සීමාව අතික්‍රමණය කල මිනිසෙකි. ලොව පුරා තරුණ සමාජවාදීන්ට දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩ නැගීමට ඔහුට හැකි වුයේ නිවැරදි දැක්ම හා අසහාය කැප කිරීම මතය.

ප්‍රදීප් පීරිස් -Pradeep Peiris





