කියෝෂි කුරොසාවාගේ ක්ලවුඩ් : “අයුතු ලාභ ලැබීම සහ පළිගැනීම අතිච්ඡාදනය වී විස්තාරණය වේ…”

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2025 ජුලි 28 දින Kiyoshi Kurosawa’s Cloud: “Profiteering and revenge overlap and amplify…” යන හිසින් පලවූ  ඩේවිඩ් වොල්ෂ් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි.

කියෝෂි කුරොසාවා (අකිරා කුරොසාවාට සම්බන්ධ නැත) ප්‍රවීණ ජපන් චිත්‍රපටකරුවෙකි;  මනෝවිද්‍යාත්මක සහ වෙනත් ප්‍රභේදවල ත්‍රාසජනක (horror ) ෂානරයේ කෘති සඳහා ඔහු ප්‍රසිද්ධය. ඔහුගේ වඩාත් ප්‍රසිද්ධ චිත්‍රපටවලින් එකක්  කියෝ  ( Cure-1997) වන අතර එය සුවිශේෂයෙන්  ඇඟ කිලිපොළන සුලු මිනීමැරුම් මාලාවක් විමර්ශනය කරන රහස් පරීක්ෂකයෙකු පිළිබදව වේ.

Image Not Found
කියෝ  ( Cure-1997)

එක් විචාරකයෙක් සඳහන් කරන්නේ ඔහුගේ චිත්‍රපට සාමාන්‍යයෙන්, 

තවත් අයෙක් පෙන්වා දෙන්නේ, 

ඇතැම් විචාරකයෝ සහ චිත්‍රපට ප්‍රේක්ෂකයින් කියෝෂි කුරොසාවා කැපී පෙනෙන ලේඛක-අධ්‍යක්ෂවරයෙකු ලෙස සලකති. තවත් විය හැකියාවක් නම්, ඔහුගේ අඳුරු, මානව විරෝධී, බොහෝ විට ලේ වැකි චිත්‍රපට, පසුගිය වසර 40 සිට 50 දක්වා කාලය තුළ ජාත්‍යන්තර සිනමාවේ ඔටුන්න හිමි මැණිකක් වූ (අකිරා කුරොසාවා, මිසොගුචි, ඕසු සහ වෙනත් අය) ජපන් චිත්‍රපට නිෂ්පාදනයේ සමස්ත පරිහානිය මූර්තිමත් කිරීම වේ.

ක්ලවුඩ් හි, රියුසුකේ යොෂි (මසාකි සුඩා) යනු කර්මාන්තශාලා සේවකයෙකි, ඔහුගේ සැබෑ කනස්සල්ල ර්වන්නේ දේවල් මාර්ගගතව නැවත විකිණීමයි (online reselling). ඔහු (වංචාවෙන්, බලහත්කාරයෙන් සහ වෙනත් ක්‍රමවලින්) භාණ්ඩ ලාභයට ලබා ගැනීම සහ ඒවා අධික මිලට විකිණීම පිළිබඳ විශේෂඥයෙකි. ඔහු තම මෙහෙයුම්වල කෙතරම් සාර්ථකත්වයක් ලබාගත්තේ ද යත්,  ඔහුගේ ප්‍රධානියාගේ කෝපයට හේතු වන පරිදි ඔහුගේ කර්මාන්තශාලා රැකියාව අත්හරියි. (“මට වෙනස් දෙයක් උත්සාහ කිරීමට අවශ්‍යයි.” … “ඒක කිසි තේරුමක් නැති දෙයක්.”)

shoot2
ක්ලවුඩ් ( Cloud)

යොෂි තම පෙම්වතිය වන අකිකෝ (කොටෝනේ ෆුරුකාවා) සමඟ අභිලාෂකාමීව සහ සමහර විට ආවේගශීලීව ගම්බද විශාල නිවසකට  පදිංචියට යයි. ඔහු ඉතා කාර්යක්ෂම සහායකයෙකු වන සනෝ (ඩයිකන් ඔකුඩයිරා) ද සේවයට ගනී.

තීරණාත්මක දර්ශනයකදී, යොෂිට වංක හිටපු පාසල් මිතුරෙකු මුණගැසෙන අතර, ඔහු පෙන්වා දෙන්නේ ඔවුන්ට සැමවිටම “පහසුවෙන් මුදල් ඉපයීමට අවශ්‍ය වූ” බවයි. “දැන් ජීවිතය පහසුද? නැහැ.” කිසිසේත්ම පහසු නැත, “මුදල් උපයන්නේ යාන්තමිනි.” නමුත් “අපට ඉවත් විය නොහැක.” “අපිට මෙහෙම වුණේ කොහොමද?” “මට කියන්න බෑ.” මෙය යොෂි හෝ ඔහුගේ සහචරයින් ආත්ම විභාගය සහ ආත්මඥානය කරා සමීප  වීමේ උපරිමයයි.

විලාසිතාමය යැයි කියන කාන්තා බෑග් විශාල ප්‍රමාණයක් ඔහු අත් කර ගනී. සනෝ ඔහුගෙන් අසන්නේ, ඒවා “සැබෑද ව්‍යාජ ඒවාද”? ලෙසයි.”මම ඒ බව සොයා ගැනීමට පෙර විකුණ ගන්නවා,” යොෂිගේ ප්‍රතිචාරය එයයි. කෙසේ වෙතත්, පොලිසිය “ව්‍යාජ විලාසිතාමය  භාණ්ඩ (fake designer jobs)” පිලිබද විමර්ශනය කිරීමට පටන් ගනී.

ඔහුගේ ජනේලය තුලින් වස්තුවක් විසි කරනු ලැබේ. ඔහුගේ නිවස අසල ගුප්ත මෝටර් රථයක් නතර වී, පසුව ඉවතට ඇදී යයි. ඔහුගේ සතුරන් සහ ප්‍රතිවාදීන් අන්තර්ජාලය හරහා රැස් වෙති. “අපේ පළිය ගමු.” අවසානයේදී, ඔවුහු ඔහුව අල්ලාගෙන එය සජීවීව ප්‍රචාරය කරන අතරතුර ඔහුව පණපිටින් පුළුස්සා දැමීමට සැලසුම් කරති. දඬුවම අපරාධයට ගැලපෙන්නේ නැති බව පෙනේ. “මේක මේ දක්වා ඔබ කළ සියලු පාප සඳහා පළිගැනීමක්” යැයි යොෂිට පැවසූ විට, ඔහුගේ පිළිතුර සාධාරණ බව පෙනේ, “මම … එතරම් නරකද?”

කෙසේ වෙතත්, රුධිර ස්නානයක් සිදුවන අතර, එහිදී සනෝ ප්‍රධාන මාරාන්තික භූමිකාවක් රඟ දක්වයි. ඔහුට පාතාල සම්බන්ධතා සහ අත්දැකීම් ඇති බව පෙනේ. අවසාන දර්ශනයේදී, දැන් ගැඹුරින් කම්පනයට  සහ දිරිසුන් වූ යොෂි, “මම විනාශයි” සහ “ඉතින් නිරයට යන විධිය මෙයයි” යනුවෙන් කෑගසයි.

Cloud හි සිටින සෑම කෙනෙක්ම  එක්කෝ වංචාකාරයෙක්, නරුමයෙක්, අවස්ථාවාදියෙක් හෝ මනෝ ව්‍යාධියෙක් වේ. ඔවුන්ගෙන් එකෙක්වත් නරඹන්නාගේ වැඩි සැලකිල්ලක් හෝ අවධානයක් ලැබීමට සුදුස්සෝ නොවෙති. ජපානයේ හෝ වෙනත් ඕනෑම තැනක ජීවිතය පිළිබඳ දෘෂ්ටියක් ලෙස එය කෙතරම් නිවැරදිද? ඇත්ත වශයෙන්ම, පිළිකුල් සහගත චරිත හැර අන් කිසිවක් නොමැති කෘති කලාත්මකව සාර්ථක වී ඇත, නමුත් එවැනි අවස්ථාවන්හිදී කතුවරයා හෝ කථකයා උපහාසාත්මකව හෝ වෙනත් ආකාරයකින් විකල්පයක් සපයයි හෝ පෙන්නුම් කරයි. කුරොසාවා ඔහුගේ ද්‍රව්‍ය, අප්‍රසාදයේ හෝ කෝපයේ ඉඟියක් වත්  නොමැතිව, උදාසීන බැරෑරුම්කමකින් සලකයි. එහිම ආකාරයෙන්,  Cloud ධනේශ්වර ජපන් ජීවිතයේ එකතැන පල්වෙන සහ අශුභවාදී තත්ත්වය සහ එහි ඉහළ ස්ථරවල මානසිකත්වය නිවැරදිව පිළිබිඹු කරනවා විය හැකිය. නමුත් කලාකරුවාට එවැනි මනෝභාවයන් නිකම්ම හඳුනා ගැනීමට වඩා යමක් කිරීමටද, නිශ්චිතවම ඒවායේ  නොලැග සිටීමේද  වගකීමක් ඇත. 

kurosawa
2024 ටොරොන්ටෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී කියෝෂි කුරොසාවා [ඡායාරූපය ජෝන් සියර්ස් / CC BY 4.0]

චිත්‍රපටය සම්බන්ධයෙන් “මාක්ස්වාදී” යන යෙදුම භාවිතා කරමින් සමාජ මාධ්‍ය විචාරකයෙකු යෝජනා කරන්නේ  Cloud  යනු “මේ දක්වා කුරොසාවාගේ වෘත්තීය ජීවිතයේ වඩාත්ම දුෂ්ට හා සදාචාරාත්මක ආඛ්‍යානයන්ගෙන් එකක්” බවයි. ඔහු මෙසේ තර්ක කරයි:

මෙය “මාක්ස්වාදය” යනු කුමක්ද යන්නද ඇතුළු බරපතල වරදවා වටහා ගැනීමකි. ඇදහිය නොහැකි ලෙස පාලනයෙන් බැහැරව යන දෙයකට හසු වූ මොවුන් සාපේක්ෂව කුඩා පරිමානයේ අපරාධකරුවන් සහ  අනෙකුත්  අය  වෙති.

අධ්‍යක්ෂවරයෙකුගේ ප්‍රකාශයක, කුරොසාවා තර්ක කරන්නේ,

අධ්‍යක්ෂවරයා තවදුරටත් ප්‍රකාශ කරන්නේ Cloud හි “මාරාන්තික සටන”,

“නූතනයේ යුද්ධ” ක්ෂනයේ දියත් කිරීමේදී අහම්බය මූලධාතුවක් වනු ඇති බවට නිසැක නමුත්, සමකාලීන කලාකරුවන් බොහෝ දුරට නොසලකා හරින,  සමාජයක් තුළ ඇති ප්‍රධාන “සටන්” මෙන්ම ඒවා ද සිදුවන්නේ ගැඹුරු සමාජ හා ඓතිහාසික හේතූන් සහ ගාමක බලවේග නිසා වේ. කුරොසාවා නොගැඹුරු, ධාරණාවාදී (impressionistic) දෘෂ්ටියක් ඉදිරිපත් කරන අතර, චිත්‍රපටය ඔහුගේ සාමාන්‍ය ප්‍රවේශයෙන් පීඩා විඳියි; කෙසේ නමුත් ඔහුට පැහැදිලි කුසලතා ඇති අතර සිදුවීම් ඵලදායී ලෙස මෙහෙයවයි.

විශාලතම දුෂ්කරතාවය වන්නේ කුරොසාවාගේ වර්ධනය සිදුවූ එකතැන පල්වන පොදු දේශපාලන හා සංස්කෘතිය යි. අවසානයේදී, සමහර අවස්ථාවන්හි බිහිසුණු “ශබ්ද සහ කෝපය” තිබියදීත්, ඔහුගේ චිත්‍රපට, ඔහුගේ ගෝලීය සමකාලීනයන් විසින් නිර්මාණය කරන ලද බොහෝ චිත්‍රපට මෙන්, අත්‍යවශ්‍යයෙන්ම නිෂ්ක්‍රිය වන අතර, පැත්තක් නොගත් ඒවා වේ. තැනින් තැන තවමත් හඳුනාගත හැකි වඩාත් අව්‍යාජ රැඩිකල් ආවේගයන් බොහෝ දුරට උදාසීන කර හෝ පක්ෂඝාත තත්ත්වයට පත් කර ඇත. කුරොසාවා ඇතැම් ප්‍රතිගාමී තත්වයන් සහ මානසික තත්වයන් හඳුනා ගනී, නිශ්චය කර ගනී, නමුත් ඒවා පිලිබද කුමක් කළ යුතු දැයි  නොදනී. ඔහු ඒවා ඉදිරිපත් කරයි, ඒවා පුපුරන සුලු දෙයක් බවට ගොඩනඟයි, පසුව එය ක්‍රමයෙන් මියෑදී යයි. ඔහු තවත් තත්වයක් හඳුනා ගනී, එයත්  පොම්ප කර පුම්බා හරී, එය මැකී යයි. එය වියුක්ත, චක්‍රාකාර, දොම්නස් චලනයකි. සමාජය පසුකර යන විශේෂිත අවධිය, නිශ්චිත “මේ මොහොත” මග හැරී ගොස් ඇත, නමුත්  එහි  ප්‍රතිවිරෝධතා මෙම “නිරයෙන්” මිදීමට මාර්ගය ඉදිරිපත් කරයි.

කලාකරුවන් ලෝකය විවිධ ආකාරවලින් අර්ථකථනය කර ඇත, කෙසේ වෙතත් කාරණය …[වන්නේ වෛශයික සත්‍යය අව්‍යාජව අනාවරණය කිරීම හා ලෝකය වෙනස් කිරීමයි]

උපුටා ගැනීම:TheSocialist.LK

More From Author

සදා නොමියන ලෙනින් !

මාක්ස්වාදයේ හා ස්ත්‍රීවාදයේ මානව කේන්ද්‍රීය සීමාවන් පිළිබඳව කෙටි සාකච්ඡාවක් (2 කොටස)

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348