ප්‍රදීප් පීරිස්:
සමාජයක් ලෙස පවත්නා විවාහ ක්‍රමය ප්‍රතිසංස්කරණය කල යුතුය. විවාහය යනු පවුලේ සමාජ තත්වය සහ ධනය පිළිබඳ විචිත්‍රවත් සංදර්ශනයක් නොවෙි. ම්ලේච්ඡ දෑවැදි ක්රරමය අපේ දියණියන් වෙළඳ භාණ්ඩ ලෙස පහත් කොට සලකන බව දෙමාපියන් තේරුම් ගත යුතු අතර මිනිසුන් ලෙස අප ඔවුන්ට වඩා හොඳින් සැලකිය යුතුවන්නේය.
2021 ජුනි 23 : කේරළයේ මහ ඇමති

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ 4 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවක් වන විස්මයා නයාර්ගේ පසුගිය ඡුනි 22 සිය දිවි නසා ගැනීම හේතුවෙන් ඉන්දියාවේ දෑවැද්ද සහ ගෘහස්ථ හිංසනය පිළිබඳ පුළුල් කෝපයක් ඇති වී තිබේ. ඇය අවසන් වසරේ
ඉගෙනුම ලබන ආයුර්වේද වෛද්‍ය ශිෂ්ෂාවකි. ඉන්දියාව තුල දෑවද්ද නීති විරෝධී බව නොතකා එය බොහෝ දුරට දෙපැත්තේම පවුල් අතර ආඩම්බරයට හා තත්වයට හේතුවක් වී ඇත. මෙම කුියාවෙහි අඳුරු යටි තලයට ගැහැණු ළමයින්ට වෙනස් කොට සැලකීම, ස්ත්‍රී දූෂණය හා අපයෝජනය මනාලියන්ට එරෙහි නිමක් නැති ප්රචණ්ඩත්වය ඇතුළත් වේ. විස්මායාගේ මරණය මෙකී හානිකර ක්‍රමය සහ පුරුද්ද අවසන් කරන ස්ථිර විසඳුමක් සඳහා කේරළ ගැහැණියගේ ඝෝෂාව අලුත් කරමින් තිබෙි.

ආයුර්වේද වෛද්‍ය සිසුවියක් වන 24 හැවිරිදි විස්මායා නායර් දකුණු කේරළයේ සස්තම්කෝට්ටා දිස්ත්තිුක්කයේ සිය සැමියාගේ නිවසේ නාන කාමරයේ දී සියදිවි හානිකර මියගොස් සිටියාය. එවිට ඔවුනගේ විවාහයට යන්තමි වසර එකක් පමනි. මරණයට පෙර විස්මයා ඇගේ සොහොයුරියට වටිස් ඇප් හරහා යැවු ඡායාරූපවල තිබුනේ සිය සැමියා විසින් පහරදිමෙන් තුවාල වු ඇගේ මුහුනේ සහ සිරුරේ යමි යමි ස්ථානයන්ය. ඇය සිය සොයුරියට ලියා ඇත්තේ දෑවද්ද හරියට නොදුන් නිසා ඔහු මෙසේ ඇයට පහර දෙන බවයි.
ඡායාරූපය සිය සොහොයුරියට විස්මයා යැවු දවසේ ඔහු ඇගේ කොණ්ඩය දෑතින් ගෙන ඇයව බිම දිගේ ඇදගෙන විත් නානකාමරයට දමා පහර දුන් පසු මෙි ඡායාරූප එවා ඇතිබව ඇගේ පවුලේ අය විශ්වාස කරති.
එය මිනීමැරුමක් බවත් දෑවැද්ද නිසා ඇගේ සැමියා විස්මයා හිරිහැර කළ බවත්
එම නිසා තම දියණිය සිය දිවි නසාගෙන ඇතිබවත් පවුලේ අය පොලිසියට පැමිණිලි කල පසුව ඇගේ පවුලේ පැමිණිල්ලේ පදනම මත මරණයට පසු දින ඉන්දිය මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවය කල විස්මයාගේ සැමියා වන සහකාර මෝටර්රථ පරීක්ෂක කුමාර් අත්අඩංගුවට ගෙන ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 304 බී වගන්තිය යටතේ :දෑවැදි මරණය* ඔහුට එරෙහිව චෝදනා ගොනු කොට ඇත.
විස්මයාගේ මරණය සම්බන්ධයෙන් කේරළ කාන්තා කොමිසමක්ද වෙනම නඩුවක් පවරා තිබේ. ඇගේ පියා වන ත්රිදවිකාමන් නයාර්ට අනුව සිය පවුලේ අය විසින් විස්මයාගේ දෑවද්දට රන් පවුමි 100 ක් අක්කරයක ඉඩමක් සහ ටොයොටා යාරිස් මෝටර් රථයක් දෑවැද්දක් ලෙස ලබා දී තිබෙි . කෙසේ වෙතත් කිරාන් මෝටර් රථය වෙනුවට මුදල් අවශ්‍යය බව කියමින් විස්මායාගේ පවුලේ අයට මෝටර් රථය විකුණන ලෙස තරයේ කියා තිබිනි.
කුමාර් තම දියණියට තමා ඉදිරිපිටදීත් දෑවැද්ද නිසා පහර දුන් බව නයාර් පොලිසියට පැවසීය. මක් නිසාද ඔහු මෝටර් රථයට අකමැති වූ අතර ඒ වෙනුවට මුදලින් රු ලක්ෂ 10 ක් ඔහුට අවශ්‍යය විය. මා එය කළ නොහැකි යැයි පැවසූ විට ඔහු මගේ ඉදිරියේම දියණියට වධ හිංසා පමුණුවනු ලැබීය. සිද්ධිය වාර්තා වී ටික වේලාවකට පසු ඉන්දිය රාජ්‍ය ප්‍රවාහන දෙපාර්තමේන්තුව කුමාර් සේවයෙන් ඉවත් කළේය.

ප්‍රදීප් පීරිස් -Pradeep Peiris





