ඔබට The Gods Must Be Crazy චිත්‍රපටියේ සිටි මෙි අහිංසක අව්‍යාජ මිනිසා මතකද ? ඔහුව සිය වර්ගයා විසින් සුරාකන ලදී එහෙත් ඔහු ඒ බව නොදැනම මිය ගියේය…

The Gods Must Be Crazy

යනු 1980 දී ලොව පුරා ආදායමි වාර්තා තබමින් අප්‍රිකානු මහද්වීපයේ නිෂ්පාදිත චිත්‍රපටියකට ඇමෙරිකා එක්සත් ඡනපදයේ ඉහළම ප්‍රේක්ෂක ආකර් ශනය දිනා ගනිමින් සිටි කෘතියයි එය දකුණු අප්‍රිකානු හා බොටිසාවානාහි සම නිෂ්පාදනයකි රටවල් දෙක ඉන් ඉපයු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 67 කි.

චිත්‍රපටය මූලික වශයෙන් නව යුගය හා පැරණි යුගය අතර ඇතිවන ගැටුම ගැන කතාකරයි.
කතාව ගලා යන්නේ කලහාරි කාන්තාරයට ඉහළින් පියාසරකල හෙළිකොප්ටරයකින් පොළවට පතිත වු හිස් වීදුරු කොකා කෝලා බෝතලයක් වටාය කාන්තාරය පසුබිමෙි ඡිවත්වන ගෝත්‍රික ඡනතාව අතරින් සැන් ගෝත්‍රික ෂී XI නැමැත්තා එය අහුලා ගත් පසු විස්මයට පත්වෙයි ඊට පෙර ඔවුහු වීදුරු දැක තිබුනේ නැත විනිවිද පෙනෙන අතිශය සිනිදු මෙම නාදුනන ද්‍රව්‍ය හේ සිය ගෝත්‍රයට පෙන්වයි විස්මයෙන් ඇලලෙන ගෝත්‍රිකයන් එය දෙවියන්ගෙන් ලැබුනු තෑග්ගක් බවට විශ්වාස කරමින් එය අයිති කර ගැනීමට කුමණ්ත්‍රණය කරයි සාමකාමී ඡනතාවක් බෙිද බින්න කල එය දෙවියන්ටම නැවත බාර දීම සදහා සිය දරුදෙදෙනාද තනිකර XI දෙවියන් සිටිතියැයි ඔහු විශ්වාස කරන ලෝකයේ කෙළවර දක්වා දීර් ඝ ගමනක යෙදෙයි ඒ තමයි කතාව.

මෙහි ප්‍රධාන චරිතය වු XI ගේ චරිතය කලේ නැමිබියාවෙි බුෂ්මන් ලෙස හඳුන්වනු ලබන ජන වර් ගයේ Nǃxau Toma ය . ඔහු , Otjiherero සහ Tswana යන ප්‍රාදේශිය භාෂාවන් චතුර ලෙස මෙන්ම සමහර අප්‍රිකානු භාෂාවන්ද කතා කළේය.එමෙන්ම ඔහු තමාගේම නිශ්චිත වයස දැන සිටියේ නැත, අකුරු කියවන්නට හෝ ලියන්නට නොදත් මෙි මිනිසා චිත්‍රපටයට පෙනී සිටීමට පෙර ඔහුගේ නිවසෙන් ඔබ්බට අත්දැකීම් අඩු විය. ඔහු රංගනයට පෙර සුදු ජාතිකයින් දැක තිබුනේ තිදෙනෙක් පමණි ඔහුට මුදල් යනු හිස් කඩදාසි පමණි සීමිත අවශ්‍යතාවිලින් තෘප්තිමත් හේ ගොවියෙකි සිය පවුල සමග සතුටෙන් සමාදානයෙන් කල් ගෙවු මිනිසෙකි.

Nǃxau ǂToma

සිනමා පටයේ අධ්‍යක්ෂක Jamie Uys ඔහුට The Gods Must Be Crazy චිත්‍රපටයේ ඔහුට නියමිත මුදල ඩොලර් 300ක් ලබා දුන් විට, එය භාන්ඩ හා සේවා ලබාගත හැකි ඒකකයක් බව ඔහුට නොතේරෙන නිසා ඔහු එය සුළඟේ ගසාගෙන යාමට ඉඩ දුන් බව කියනු ලැබේ.
ඔහු පැමිණියේ මුදලට මිල දී ගත හැකි ද්‍රව්‍යමය දේ අගය නොකළ සංස්කෘතියකින් වන අතර ප්‍රතිඵලයක් ලෙස මුදල් කළමනාකරණ කුසලතා ඉගෙන ගෙන නොතිබුණි.

Jamie Uys

චිත්‍රපටිය නිමාවු පසු හේ සිය ගමට විත් මෙි මුදල් වලින් තම පවුලට නළ ජලය සහ විදුලිය සහිත ගඩොල් නිවසක් තැනීමට යොදා ගත් අතර පාවිච්චි කළ කබල් කාරයක්ද මිලට ගති එහෙත් හේ රිය පැදවීමට ඉගෙන ගැනීමට ආශාවක් නොතිබූ බැවින් රියදුරෙකු කුලියට ගත්තේය. තවත් ඉතිරිව තිබු කඩදාසිවලින් Xi
වගාකිරීම සදහා බඩ ඉරිඟු, වට්ටක්කා සහ බෝංචි ද ගවයන් 20 දෙනෙක්ද ගනු ලැබීය නමුත් තවත් කඩදාසි ඉතිරිව තිබෙි තවත් හරක් වැඩිපුර ගැනීමට ඔහුට නොහැකිවුයේ ඔහු දත්තේ 20 දක්වා ගණන් කිරීමට පමණි
ඔහු රගපෑ චිත්‍රපටිය ඩොලර් මිලියන ගණන් ආදයමි උපයන බව නොදැනම හේ
2003 ජූලි 5 වන දින, ක්ෂය රෝගයෙන් මිය ගියේය මිය යනවිට ඔහු තම වයස නොදත්තේය නිල ඇස්තමෙින්තු අනුව සමහර විට 58 ක් හෝ 59 කි විය හැකිය නමුත් ලෝකය ඒ වනවිටත් ක්ෂය රෝගය සදහා බෙහෙත් සොයාගෙන තිබිනි

ඔව් ඔහු ඩොලර් මිලියන 67 කට වඩා වැඩි ආදායමක් උපයාගත් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රගපාමින් දුප්පතකු ලෙස මිය ගියේය.

More From Author

තාත්තා

දේශපාලනික මාක්ස්වාදයක් සදහා -Towards Political Marxism (7 කොටස)

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348