ශක්තික සත්කුමාර:
ටාං…. ටාං…. ටක… ටකාන්…. උදේ හයට වදින හිරගෙදර සීනුවට අවදිවෙන්න දැන් සිත්තරාට පුරුදුයි. හිරගෙදර ආපු මුල්ම දවස්වල සිත්තරා අවදි වුණේ සීනුවෙ හඩ ඇහිලා නෙවේ. කාගේ හරි පා පහරකින්. අදත් සිත්තරා ඇහැරෙද්දි හැමදාම දකින හීනෙන් කොටසක් ඔහු දකිමින් සිටියේය. දිඹුල් වනයක් ඇතුළේ ඔහුයි තාත්තයි අතරමං වෙලා. වෙනදා දකින විදියටම එදත් තාත්තාගේ මූණ ඔහුට පැහැදිලිව පෙනුනේ නෑ. සිත්තරාට බඩගින්නක් ඇවිල්ලා ඔහු දිඹුල් ගහක් හෙළෙව්වා. ගහේ ඔක්කොම ගෙඩි බිමට වැටුණා. ‘උඹ කළේ අපරාධයක්’ තාත්තා හයියෙන් කෑ ගැහුවා. සිත්තරා තාත්තගේ කෑ ගැහිල්ල ගනන් ගන්නැතිව දිඹුල් කන්න පටන් ගත්තා. ඔහු දිඹුල් කාලා බලද්දි තාත්තා පේන්න නෑ.
හිරගෙදර කාලසටහන දැන් සිත්තරාට හොදට හුරුයි. පාවිච්චි වෙන වචනත් දැන් සිත්තරාට පාඩම්. ජේලර්වරයෙක් ඇවිත් යකඩ දොරේ ඉබ්බා ඇරියා. ඛෙලෙක් පිඟානයි ප්ලාස්ටික් කෝප්පයයි ගත්ත සිත්තරාත් උදේ කෑම පෝලිමට එක් වුණා. බත් කෝප්පයක් සහ සම්බෝල හැන්දක් පිඟානට වැටුණට පස්සේ ප්ලාස්ටික් කෝප්පෙට තේ කහට ලැබුණා. ආය හැමෝම පෝලිමේ වාට්ටුවට. කාමර පාටි හැමදාම උදේ කරන කතාව කරන්න එ මොහොතෙත් පටන් ගත්තා.

‘ඔක්කොම වාඩිවෙන්න. ඊයෙ ආපු කට්ටිය විශේෂයෙන් අහගන්න. ඊයෙ ආපු කට්ටිය දැන් කෑම කාලා පල්ලෙහා රෙජිස්ටර් කරන තැනට යන්න ඕනෑ. එතනින් උඹලාව වාට්ටුවලට දායි. හැමෝටම අංකයකුත් ලැඛෙයි. එ අංකයෙන් තමා ඊට පස්සේ මෙහෙ හැම වැඩේම වෙන්නේ. එහෙ මෙහ යන්නැතිව දාන වාට්ටුවට යන්න ඕනෑ. වාට්ටුවලට දාන්න කලින් උඹලට සමහරවිට එස්.පී. මහත්තයා (බන්ධනාගාර අධිකාරී) කතා කරන්න උඩට ගනී. උඩට යද්දී සුදු සරමක් ඇදගෙන පලයල්ලා. එස්.පී. මහත්තයා ඇහුවොත් හැමෝටම නිදාගන්න ලැබුණා කියපියව්. ලැට් එකේ හිටගෙන හිටිය බව කිව්වොත් එක්කෙනෙක්වත් පල්ලෙහාට එන්න එපා….’ කාමර පාටිට කියන්න ලැබුණේ එපමණයි. වාට්ටුවේ පරණ සැකකාරයොත් අලූත් අයට තර්ජනය කරන්න ගත්තා.

‘තොපි එකෙක හරි කිව්වොත් හිට්ටෝල තිබ්බ හරි, ‘සැමන් ගැහුව’ හරි කියලා තොපිව බාවනවා…’
‘අපිත් යකෝ මාසයක් හිටන් හිටියා..’
‘හරි හරි දැන් කෑම කාලා.. පල්ලෙහාට යන්න. සිත්තරා මේ අයව රෙජිස්ටර් කාමරේ ළඟට එක්ක යන වැඩේ ඔයා කරන්න.’ කාමර පාටි සිත්තරා දෙස බැලූවා. සිත්තරා එ නියෝගය පිළිගත්තා.
බත් එක වහලා පැත්තකින් තිබ්බ සිත්තරා තේ කහට එක අමුවටම බිව්වා. වෙනදා වගේම ඊට පස්සෙ ඔහු ගිහින් ලැට් පෝලිමේ හිට ගත්තා. ලැට් කීවට එ එකකවත් දොරවල් තිබ්බේ නෑ. දොරවල් එවට තිබ්බ බවට සාක්ෂි ඉතුරුවෙලා තිබ්ඛෙත් නෑ. ලැට් පෝලිමට වඩා දිගට වතුර ටැංකිය ගාව පෝලිම තිබ්බා. අහස උසට නැගුණු කළු ගැහුණු බිත්තිවලට උඩින් හිරු එළිය හිරගෙදර ඇතුළට එමින් තිබුණා.

‘එයි…. තොට ඛෙටි යන්නෙ නැත්නන් එළියට වර… පන්සීයකට යන්න තියෙන්නෙ ලැට් හයයි. තෝ ඕකේ පැය ගාණනක් ලැගන් ඉදලා හරියනව ද?’
‘එ.. ඔය ඔතන ඉස්සරහා ඉන්නේ ඊයේ ආපු එකෙක් නේද?. පලයන් පලයන් පෝලිමේ පස්සට….’
‘තෝ ඇඹරෙන්නේ… තොට සරමෙ යන්න එනව ද?’
‘අයියේ ඊලඟට මං…’
‘මේ.. මේ… එළියෙ යාළුකම් සල්ලි තියෙනකම්. ඇතුළේ යාළුකම් …. අරිනකම්’
‘උඹ මූට ඇරිය ද?’
‘……………’
ලැට් පෝලිමේ හැමදාම ඇහෙන වාක්‍ය ඛණ්ඩ සිත්තරාගේ කන ලඟින් ගලාගෙන ගියා. ඔහු එවා ගැන එතරම් උනන්දුවක් දැක්වූයේ නෑ. තමන් රාත්‍රියේ දැක්ක හීනෙ ගැන සිත්තරා හිතුවා. මූණ පැහැදිලිව පේන්නේ නැති තාත්තව ඉන්න හීන දකින්න පටන් අරන් අවුරුද්දකට වැඩි බව සිත්තරා හිතින්ම ගණන් හදලා බැලූවා.
තමන්ට ‘කාමර පාටි’ පවරපු රාජකාරිය ඉටු කරපු සිත්තරා හිරගෙදර බෝධිය ළඟට ගිහින් පැත්තකින් වාඩි වුණා. එ වෙද්දි සැක කාරයොයි, හිරකාරයොයි බෝධි වන්දනා කරමින් හිටියේ.සමහරු බෝධිය දිහා බලාගෙන අ`ඩනවා. තව සමහරු පොත් දිග ඇරගෙන ගාථා කියනවා. හැමදාම දකින හිරගෙදර තාප්පයයි යකඩ ගේට්ටුවලිනුයි දෑස් ඉවතට ගත් සිත්තරා මොහොතක් අහස දිහා බලාගෙන සිටියා. නිල් පැහැති අහසේ හිරු මෝදු වෙමින් සිටියා. සිත්තරා දෑfස් වසා ගත්තා.
බන්ධනාගාරයට ආපු මුල්ම දවස් කීපය සිත්තරාට මොකවත්ම හිතා ගන්න බැරුව ගෙවිලා ගියේ. ඇතුළේ තිබුණු ගර්භිතයන්ගේ ලෝකය මෙන්ම එහි වචන, සංස්කෘතිය හිමින් හිමින් තේරුම් ගන්න සිත්තරා සමත් වුණා.
බන්ධනාගාරයේ යකඩ ගේට්ටුවෙන් ඇතුළට ආවට පස්සේ ආපු පුද්ගලයව සැකකාරයෙක් ද හිරකාරයෙක් ද කියලා විශේෂ වෙනසක් තිබුණේ නෑ. ඇතුළට ආපු කාරණෙත් අදාළ වුණේ නෑ. සැක අයට කාමර හතරක් තිබුණා. එවාට කීවේ ‘වාට්ටු’ කියලා. සිරකරුවන් ස`දහා ‘වාට්ටු’ දෙකක් තිබුණා. ඊට අමතරව විශේෂ සැක හෝ සිරකරුවන් හෝ දාන්න කුඩා කාමර තිබුණා. එවාට කීවේ ‘ෂෙල්’ කියලා. සැකකාරයෝ හෝ හිරකාරයෝ ඉන්න කාමරවල ප්‍රධානියෙක් හිටියා. එ බොහෝ විට අදාළ කාමරයේ පරණම කෙනා. ඔහුට කීවේ ‘කාමර පාටි’ කියලා. ‘පාටි’ කියන වචනය දේශපාලන අර්ථයෙන් සිත්තරා දැනගෙන හිටියේ යම් දේශපාලන මතයක් දරණ කණ්ඩායමක් කියලා. පොදු සමාජයේ ‘පාටි’ කියන්නේ සාදයක් බව සිත්තරා දන්නවා. නමුත් හිරගේ ඇතුළේ පාටිය කියන්නේ යම් කාර්යයක් ඉටුකරන පුද්ගලයා හෝ කණ්ඩායමට බව සිත්තරා තේරුම් ගත්තා. දර පාටි, කුස්සි පාටි, විසිට් පාටි ආදී වශයෙන් හිර ගෙදර එ එ වැඩ අනුව පුද්ගලයන් සහ කණ්ඩායම් වෙන් කරලා තිබ්බා. අඩි පනහයි පනහක් වන කාමරයක සැක කාරයෝ සීයක් විතර ඉන්න බව දැන ගත් මුල්ම දවසේ සිත්තරාගේ හුස්ම හිරවෙන්න ගත්තා. කාමරේම මුල්ලක කොට බිත්තිවලින් වෙන් වුණු වැසිකිළියක් තිබ්බා. එකට කියන්නේ ‘ටැංකිය’ කියලා. එක බාරව හිටියේ ‘ටැංකි පාටි.’ සිත්තරා බන්ධනාගාරෙට ආපු දවස්වල මුත්‍රාබර හැදුනත් ටැංකියට ගිහින් කොතෙක් වෙලා හිටියත් ඔහුට මුත්‍රා ගියේ නෑ. පස්සේ හිමින් හිමින් එක හරි ගියා.
ඇතුළේ ටැංකිය පාවිච්චි කරන්න පුළුවන් වාට්ටුවේ දොර වහල තියෙන වෙලාවට පමණයි. එ සදහාත් කාමර පාටිගේ සහ ටැංකි පාටිගේ අවසරය ඕනෑ වුණා.ජේලර්ට නොපෙනී කරන වැඩ කටයුතු සිද්ධ වුණේ මේ කියන ටැංකිය ඇතුළේ. ගංජා සුරුට්ටුවේ ඉදලා හෙරොයින් දක්වා මත්ද්‍රව්‍ය ඕනෑ තරම් හිරගේ ඇතුළේ තිබුණා. එවා සැකකාරයන්ගේ හරි හිර කායන්ගේ හරි පෙනහළුවලට යන්න ආරක්ෂාව දුන්නේ ටැංකියේ කොට බිත්ති. වාට්ටුව ඇතුළේ බිත්ති දිගට හිටියේ පරණ සැකකාරයෝ. එකෙනුත් වැසිකිලිය තිබුණු දිශාවට විරුද්ධ දිශාවේ සිටියේ කාමර පාටි ඇතුළු පරණම කට්ටිය. එකට කීවේ ‘උඩ බෝඩරේ’ කියලා. මැද තීරු දෙකෙන් එක තීරුවක රෑට අලූත් සැකකාරයන්ව නිදි කරවන්නේ. අඩි පහළොවක් පමණ දිග තීරුවක සැකකරුවෝ පනහක්. එක්කෙනෙකුගේ ඔළුව තියෙන පැත්තට අනෙක් කෙනාගේ කකුළ. එකෙ ඉන්න වෙන්නෙ එක ඇලයකට. එකට කීවේ ‘සැමන් ගහනවා’ කියලා. සිත්තරාටත් පළවෙනි දවසෙ ඉන්න වුණේ සැමන් එකේ. එළිවෙනකම් ඇහැරිලා. ඊට පල්ලෙහාත් එකිනෙකා ගෑවෙන පරිදි නිදි කරවන තීරුව. එකට කීවේ ‘ලෙමන්’ කියලා. ලෙමන් එකට යන්නත් සෑහෙන කාලයක් ඇතුළෙ ඉන්න ඕන බව සිත්තරා තේරුම් ගත්තා. එහෙම නිදි කරවලත් ඉඩ මදි වුණොත් ඉතුරු සැක කාරයො ටික එළිවෙනකම් වැසිකිලියේ හිටගෙන. හැමදාම එහෙම විස්සක් තිහක් වැසිකිලියේ.
උදේට එ පිරිසගේ කකුල් පොල්ගෙඩි වගේ. අපාය විහිලූවකට අරන් තිබ්බ සිත්තරා සැබැවින්ම අපාය සහ අපාදුක තිඛෙන බව දැන ගත්තේ මේවා දැකලා. අමුත්තන් බලන ශාලාවට කීවේ ‘විසිට් කාමරය’ කියලා. බලනවා කීවට විශාල දැලකින් එක ආවරණය කරලා තිබ්බේ. අමුත්තන් ආව අයගේ නම් කියලා කෑ ගහන සිරකරුවට කීවේ ‘විසිට් පාටි’ කියලා. එළියේ ඉද්දි ඉදහිට සිගරැට්ටුවක් බීපු සිත්තරාට හිරගෙදර ඇතුළේ දී ලෝකල් බොන එකේ පොඩි වෙනසකුත් තිබ්බා. දුම්කොළ කැබැල්ලක් කුඩා පත්තර පිටුවක ඔතලා හදා ගන්නා ලෝකලයට ලොකු ඉල්ලූමක් හිර ගෙදර ඇතුළේ තිබ්බා. දුම්කොළ නැත්නම් ලෝකල් ඇතුළට ආවේ සැකකාරයන්ගේ අධෝමුඛවලට පිං සිද්ධ වෙන්න. සැක කාරයන්ව සති දෙකෙන් දෙකට අධිකරණයට ඉදිරිපත් කරන්න ගෙනියන වෙලාවල්වලට ෙජ්ලර්ලාට හොරෙන් ලෝකල් වගේම ලයිටර්, ෆෝන් සැකකාරයන්ගේ අධෝමුඛවලට රිංගන බව සිත්තරා දැන ගත්තා. එ විධියට මත්ද්‍රව්‍ය සහ විවිධ භාණ්ඩ ගේනවට කීවේ බංකර් ගහගෙන එනවා කියලා. බංකර් බාන්නේ ටැංකි ඇතුළේ. ඇතුළේ ෆෝන් පාවිච්චි කරන්නේ මෝරු. එ කියන්නේ එළියේ කෝටිපතියෝ වගේ ඉදල ඇතුළට ආපු අය. ජංගම දුරකථනය නැතිනම් ෆෝන් එක ඇතුළෙදි හැ`දින්වෙන්නේ ‘කණ’ නමින්. කණක් පාවිච්චි කරනවා කියන්නේ හිරගේ ඇතුළේ පොරක්.
ගෙවිලා ගිය සතිය හීනයක් ද කියලා සිත්තරාට හිතුණා. සරසවියේ ප්‍රථම වර්ෂයේ අවසන් විභාගයට පෙනී ඉදලා සිත්තරා ගෙදර ආවෙ ඊට සති දෙකකට කලින්. අලූත් ජනාධිපතිවරයා පත්වීමත් එක්ක රට පුරා හමා ගිය තාප්ප සිතුවම් රැල්ල එ වෙද්දි සිත්තරාගේ නගරයටත් ඇවිත් තිබ්බා. තුවක්කු, සිවුරු, සිංහයො, රාවණා රජ්ජුරුවෝ රටේ හැම තාප්පයකින්ම මතු වෙද්දී සිත්තරාටත් නගරේ මැද මාවතේ තියෙන තාප්පයකින් සිංහ කොඩිය උස්සගත්ත රණවිරුවෙක්ව මතු කරන්න කියන ජොබ් එක සෙට් කරේ බාර් එකේ මුදලාලි. තීන්තයි අවශ්‍ය උපකරණයි ගන්න මුදල් මිටමෙලෙව්වේ රේස් බුකිය අයිති සැම්සන් මහත්තයා. සිත්තරාගේ උදව්වට ත්‍රීවීල් පාර්ක් එකේ අයියලා සෙට් එක බැස්සා. පාර්ක් එකේ අයියලා ගහපු පලංචිය උඩ ඉදගෙන සිත්තරා වැඩේ පටන් ගත්තා. ‘එයි සිත්තරා උඹ ඔතන භාවනා කරනව ද? ආන් උඹගේ නමට විසිට් එකක්…’ දර පාටියේ එකෙකුගේ හඩින් සිත්තරා ඇස් ඇරියා. දර පාටියේ සෙට් එක තමන්ගේ රාජකාරි අවසන් කරලා තාප්පේ මුල්ලට වෙලා ලෝකල් අදිනවා. සිත්තාරා විසිට් පාටිව හොයාගෙන යන්න පිටත් වුණා.
‘අපි ඉක්මණට උඹව එළියට ගන්නවා සහෝදරයා. උඹව දාලා තියෙන්නේ ෂකකඡඍ කියලා අලූත් පණතකින්. එක මේ සිද්දියට අදාළ නැති එකක්. අපි එ ගැනත් ජාත්‍යන්තරයට ලියමින් ඉන්නේ. මේ වන කොටත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය උඹව ‘හෘද සාක්ෂියේ සිරකරුවෙක්’ විදියට නම් කරලා තියෙන්නේ. ලංකාවේ එහෙම නම් කරපු දෙවෙනියා වෙන්නේ උඹ. හයි කෝට් එකේ අපි ඇප ඉල්ලලා තියෙන්නේ…..’ කුඩා දැල්වලට එහා පැත්තේ හිටපු සරසවි ශිෂ්‍ය සංගමයේ සභාපති සහෝදරයා දිගටම කතා කළා. ඔහු සමග තවත් සහෝදරවරු කිහිපදෙනෙක් ඇවිත්. ‘අපි සහෝදරයගේ ගෙදරත් ගියා. අම්මටත් අපි තත්වේ පැහැදිලි කරලා දුන්නා… බය….’ ‘වෙලාව ඉවරයි…’ ටෝං…. ටෝං…. ෙජ්ලර් කෝදුවකින් මේසයට තට්ටු කළා. සිත්තරා සරසවි මිතුරන්ගෙන් සමු ගත්තා. විසිට් බෑග් එක දෝතින්ම ගත්ත ඔහු වාට්ටුවට ගමන් කරන්න වුණා. ‘මචං… කන්න බල්ලෙක්වත් නැද්ද?’ ‘මචං බීම නැද්ද?..’ සැක කාරයෝ කිහිප දෙනෙක්ම තමන් පස්සෙ වැටුණත් සිත්තරා ගමන බාල කළේ නෑ. එ ඔහුට වාට්ටුවේ පරණ අයෙක් දීලා තිබ්බ උපදෙසක්.. හිරගේ ඇතුළේ ‘බලූ බිස්කට්’ කියන්නේ ක්‍රීම් ක්‍රැකර්වලට බව සිත්තරා එ වෙද්දි දන්නවා. සාමාන්‍යයෙන් බලූ බිස්කට් හිරගේ ඇතුළේ බහුලයි. ‘මලේ විසිට් හිඟා කන වුන් මේකේ වැහි වැහැලා. විසිට් එකක් ලැබුණු ගමන් කෙළින්ම වාට්ටුවට පලයං. නැත්තන් ඉතින්….’ ‘ආ… සිත්තරා මල්ලිට ලොකු විසිට් එකක් වගේ. කවුද ගෙදරින් ද?’ වාට්ටුවට ආව සැනින් ‘කාමර පාටි’ සිත්තරාගේ දිහා බලලා නැවත රූපවාහිනී තිරය මත දෑස් අලවා ගනිමින් කීවා. හැම වාට්ටුවකටම රූපවාහිනියක් තිබීම දවස ගත කරන්න ලොකු පිටිවහලක් වුණා. දවස ගත කිරීම යන වචනයට ඇතුළෙදි භාවිත වුණේ ‘අදිනවා’ කියන නමයි. ‘නෑ අයියේ.. කැම්පස් එකේ යාළුවෝ වගයක් ආවා…’ සිත්තරා තමන්ගේ බෝඩරේ තමන් ඉන්න තැනට ඇවිත් විසිට් බෑග් එක තියලා ඉද ගත්තා. වැටුණු වැටුණු තැන බොහෝ දෙනෙක් නිදි. අනිත් අය රූපවාහිනිය දිහාවට ඔරෝගෙන. සිත්තරා වාට්ටුවේ දිග පළල ගැන නැවතත් හිතුවා. අඩි පනහයි, පනහයි. කාමරේම අයිනට වෙන්න කොට බිත්තිවලින් වටවුණු වැසිකිළිය. මෙහෙම කාමරේක සැකකාරයෝ සීයක්. කැම්පස් එකේ මහාචාර්යවරු කීප දෙනෙක් බන්ධනාගාර අධිකාරියට කතා නොකෙරුවනම් තාම හිටගෙන….
‘මොනවද බන් විසිට් බෑග් එක දිහා බලාගෙන කල්පනා කරන්නේ…’
රූපවාහිනිය ඉදිරිපිටින් නැගිටපු කාමර පාටි උඩ බෝඩරේ ඔහුගේ තැනට යමින් ඇහුවා. සිත්තරා හිනා වුණා විතරයි. කාමර පාටි ඉ`දගන්න ගමන් සිත්තරාට හිසින් සන් කළා. සිත්තරා හිමින් සැරේ එතෙන්ට ඇදුණා. ‘සිත්තරා මල්ලි මං ගාව හිටපු කුඩු නලින්දය අද උසාවියෙන් බහිනවා. උඹට පුළුවන් මෙතෙන්ට එන්න. එස්.පී. මහත්මයා කීප සැරයක්ම වසන්ත ෙජ්ලර් මහත්තයගෙන් උඹ ගැන අහලා තිබ්බා.’ බිත්තියට හේත්තු වුණු කාමර පාටි කකුල් දෙක දිග ඇරගෙන එය තාලයකට සෙමින් වනමින් කතා කරන්නට වුණා. ‘මේකට ගොඩක් වුන් ඇවිත් ඉන්නේ කුඩු විකුණලා. නැත්නම් කුඩු ගහලා. ගෑණු දූෂණය කරලා. ගූ නඩු ගොඩයි. එත් උඹ චිත්‍රයක් ඇදපු කේස් එකකට නේ ඇවිත් ඉන්නේ. උඹ කැම්පස් කාරයෙක්. උඹ උඹගේ තරම තියාගෙන හිටපං. මං දැක්කා ලැසීලත් එක්ක උඹ ඊයේ ලෝකල් උරනවා. යකෝ ඔය පත්තර පිටුවල දුම්කොල කෑලි ඔතලා බීපුවහම කාසේ හැදෙනවා. උඹ දන්නවනේ මේකේ මාස තුන හතරක් ගිහිනුත් රෑට තාම හිටගෙන ඉන්න වුන් ඉන්නවා. සැමන් එකේ ලගින වුණුත් ඉන්නවා. අර කළු බණ්ඩා මාමා දැන් අවුරුදු දෙකක් වෙනවා. තාමත් මිනිහා ලෙමන් එකේ නිදියන්නේ. උඹ එ අතින් ලකී….’ සිත්තරාගේ පිටට තට්ටුවක් දැම්ම කාමර පාටි නිහ`ඩ වුණා. ‘එයි ලොකු අයියේ මේක අසාධාරණයි. මූ ඇවිත් සතියයි. ඌට කොහොම ද උඩ බෝඩරේ දෙන්නේ. මේකෙ තව පරණ මිනිස්සු කොච්චර ඉන්නව ද?’ සිත්තරා රාත්‍රියේ නිදාගැනීමට කාමර පාටි අසල ඇතිරිල්ලක් එලද්දී කේ.ජී. අසංක කාමර පාටි දෙස බලාගෙන කෑ ගැහුවා. ‘යකෝ මුන්ව ගහන්න ඕන ලැට් එකේ. මෙවුන් ජාතියට ආගමට වින කරන වුන්. ඕකා හිරේ ඇවිත් ඉන්නේ ජාතික කොඩියේ සිංහයාගේ අහවල් එක ඇදලලූ. ඊට කලින් පන්සලේ යසෝදරාගේ … පේන්න ඇදලා කේස් එකක් ගියාලු. මුන්ට කොහොම ද බෝඩර් දෙන්නේ.’ කුඩු වසන්ත වාට්ටුව දෙක කරන්න වුණා. ‘මේ එකෙක්වත් කෑ ගහන්න එපා. මේක එස්.පී. මහත්තයගේ ඕඩර් එකක්. අනික උඹලා ඇතුළට ඇවිත් තියෙන්නේ පන්සල් හදලා නෙවේනේ.’ කාමර පාටිගේ හඩින් සියලූ හඩවල් යටපත් වුණා. ‘අපි එළියෙදි කුඩු වික්කට ජාතියයි ආගමයි විකුණන් කන්නේ නෑ.. මුන් එන්.ජී.ඕ. කාරයෝ.. දේශද්‍රෝහියෝ….’ ‘මේ.. මේ.. නවත්තපන් උඹේ ඔය දෙඩවිල්ල. යකෝ මේකේ කාමර පාටි මම. මං මේකට ඇවිල්ල අවුරුදු විසි දෙකක් …..’ ‘කාමර පාටියටත් සුදු කකුල් තියෙන පොඩි කොල්ලෙක් ආවොත් ඉතිං…’
‘කමක් නෑ බං අවුරුදු විසි දෙකකින් ගැනියෙකුගේ අහවල් එක දැකලා තියෙන එකක් යෑ…’ ‘මොකද මොකද වාට්ටුවේ සද්දේ…. නිදා ගනිල්ලා … කෝ කාමර පාටි… මොකද මේ….’ කොහෝදෝ සිට දිවවිත් යකඩ දොරට පොල්ලෙන් තඩි බෑ ෙජ්ලර් කෑගසන්නට වුණා. ‘නෑ සර්..’ කාමර පාටි යකඩ දොර අසළට යන්නට පය එසෙව්වා.
‘මං ගැන, මගේ නඩු ගැන මං දන්නැති එවා මුං දන්නවනේ’ සිත්තරා හිතුවා. එදා රාත්‍රියේ සිත්තරා තමන් දකිමින් සිටි හීනයේ තව කොටසක් දැක්කා. එදා තාත්තා ඇවිත් හිටියේ සුදු ඇදගෙන. බඩකුත් උස්සගෙන අම්මත් තාත්තගේ අතේ එල්ලිලා. තමන් දකිමින් ඉන්න හීනේ තමන් නැති බව සිත්තරා තේරුම් ගත්තා. තාත්තගේ මූණ වෙනදා වගේම පේන්නැති තරමට අදුරු වෙලා තිබ්බේ. අම්මා හිටියේ ඉකිබිදිමින්. කොහේදෝ ඉදලා ආපු කොටියෙක් තාත්තාව ඇදගෙන යන්න වුණා. අම්මා විලාප තිබ්බා.
සවස් යාමය වන විට බිත්තිය මුදුනේ කුඩා යකඩ පොලූ අතරින් ගලා ගෙන එන කැබළි වුණු හිරු කිරණ දෙස බලා ගෙන සිටි සිත්තරා පොතු කබර ගැලවුණ සිරගෙදර බිත්තියට හේත්තු වුණා. ඔහුගේ දකුණු පස කාමර පාටි සුබසාධකයෙන් ගෙනා පරණ පත්තරයක් බලමින් සිටියා. රූපවාහිනිය දෙස බලාගත් සැක කාරයෝ අතරේ සිර වාට්ටුවෙන් ආපු ජම්පර් හැදපු සිර කාරයෝ කීප දෙනෙක් ද සිටියා.
සිත්තරාට මහා කාන්සියක් දැනුණා. ඔහුට එකාකාරී බන්ධනාගාර ජීවිතය තිත්ත වී තිබුණා. උදේ හයට නැගිටීම, කෑම පෝලිම, ලැට් පෝලිම, නාන පෝලිම, දහවල් දොළහට දවල් කෑම පෝලිම, සවස තුනට රාත්‍රී කෑම පෝලිම හතරට වාට්ටුව වැහුවට පස්සේ ආයෙ උදේ හය වෙනකම් වාට්ටුව ඇතුළේ කෑ-කෝ ගැසීම්, අඩ-දබර. සිත්තරාට තමන්ගේ අම්මව මතක් වුණා. පියාගේ මතක ඡායාවක්වත් මතකයේ නැති තමන්ව හදාවඩා ගන්න අම්මා වින්ද දුක්-ගැහැට සිත්තරා මතක් කළා. අම්මට අනුව නම් සිත්තරා නොදැකපු සිත්තරාවවත් නොදැකපු ඔහුගේ තාත්තා තාම කොහේහරි ජීවත් වෙනවා. මාමලාට අනුව නම් තාත්තා මැරිලා. තාත්තා සිත්තරා ළඟට ආවේ හීනෙන් විතරයි. එත් එ හීනවල කවදාවත් තාත්තගේ මුහුණ සිත්තරා දැකලා තිබුණේ නෑ. එත් එ තාත්තයි කියලා සිත්තරාට විශ්වාසයි. පපුවෙන් නැග ආ වේදනාව දෑස් කෙවෙනි තෙත් කරමින් පිටාර ගැලූවා.
ඔහු දිගු සුසුමක් හෙළා ළය සැහැල්ලූ කරගන්න උත්සාහ කළා. ‘මොකද බං සුසුම් හෙළන්නේ. උඹේ හුස්මෙන් හිරගෙදර තාප්ප පෙරළෙයි කියලා බැලූව ද?’ බලමින් සිටි පුවත්පත හකුළා පසෙකින් තැබු කාමර පාටි සිත්තාරාගේ මුහුණට එබුණා. ‘උඹට දුක් වෙන්න දෙයක් නෑ මල්ලි. උඹ හිරගෙදරට ඇවිත් දුකක් වින්ද කියල ද? මාස තුන හතරක් යනකන් නිදාගන්නැතුව හිටගෙන ඉන්න මිනිස්සු කොච්චර ඉන්නව ද? උඹට එහෙම ද?’ ‘නෑ අයියෙ මට අම්මව මතක් වුණා.’ සිත්තරා සෙමින් කීවා. ආ… එක ද? උඹට තව ටික දවසකින් බහින්න පුළුවන් වෙයි.
මං දැන් අවුරුදු විසි දෙකක්…’ කාමර පාටිගේ දෑස් යකඩ පොලූ අතරින් අනන්තය සෙව්වා. සැකකරුවෙකුට ඇප ලැබීමට ඇතුළේ පාවිච්චි වුණේ ‘බහිනවා’ කියන වචනේ. ‘අයියා ඇතුළට එද්දි වයස කීය ද?’ සිත්තරා කාමර පාටිගේ මුුහුණට එඹුණා. ඔහුගේ බොර පැහැති දෑස් දිලිසෙමින් තිබුණා. ‘මට මේකට එද්දී වයස විසි පහයි. මිනීමැරුමකට ඇතුළට එන්න වුණේ. එතකොට බැදලා මාස දෙකයි. හැම දේටම මට හිටියෙ අයියා. මං ඇතුළට ආවට පස්සේ උන් අයියව මරලා. මට ඇප දෙන්නවත් කෙනෙක් නැතුව ගියා. ගෑනිව මං පන්නගෙන ආපු එකක්. මං ඇතුළට ආවට පස්සේ එගොල්ලන්ගෙ අම්මලා එයාව එක්කගෙන ගියාලූ. දැං ඉතිං නඩු ෆයිල් එක නීතිපති එකට ගිහින් එනකන් මං ඇතුළේ. කවදහරි නඩුව ඉවර වුණු දවසකට තමයි එළියට යන්න වෙන්නේ….’ කාමර පාටි කියපු කාතාව ඇතුළේ තිබ්බ පැටලිලි ලෙහා ගන්න ප්‍රශ්න ගොඩක් අහන්න සිත්තරාට වුවමනා වුණත් එ සදහා ධෛර්යක් ඔහු සතුව තිබුණේ නෑ. නැවතත් කතා කළේ කාමර පාටිමයි. ‘මං බැන්ද එක්කෙනා ගොඩක් මට ආදරෙයි. මාත් එහෙමයි. මේ නඩුවෙ පැටළෙද්දි එයාගෙ බඩට මාසයක්වත්….’
‘ලොකේෂන් වාට්ටුවෙ කාමර පාටිට උඩට කතා කරනවා.’ ජ්ලර්වරයෙක් රැගෙන ආ පර්‍ණවිඩය නිසා කාමර පාටි කතාව නවතා නැගී සිටියා. සිත්තරා හිටපු වාට්ටුවට ලොකේෂන් වාට්ටුව කියන නම ලැබිලා තිබ්බේ අලූතින් එන සැකකාරයෝ මුලින්ම එම වාට්ටුවට ඇතුළු කරන හින්දයි.
‘උඹත් ඇවිත් මාස දෙකක් යන්න කලින් වාට්ටුවේ ‘ඇක්ටින් පාටි’ වුණා එහෙනම්. හොදයි හොදයි.’ ලැසීගේ වචන නාන ටැංකිය ළඟදී සිත්තරාගේ කණ ළ`ගින් පාවී ගියා. ඔහු ඊට ප්‍රතිචාර දක්වන්න ගියේ නෑ. කාමර පාටි සමග තමන් පවත්වන සම්බන්ධය කුමක් ද? ඔහුගෙන් තොරව මේ හිරගේ ඇතුළේ තමන්ට ජීවිතයක් තිබේ ද? සිත්තරා තමන්ගෙන්ම ප්‍රශ්න කර ගත්තා. කාමර පාටිගේ පිරිමැදීම් ඔහුගේ ආදරය, උණුසුම, ළෙන්ගතුබව මේ සියල්ල සිත්තාරාව ජීවත් කෙරෙව්වා. කාමර පාටි ඔහුගේ අවුරුදු විසි දෙකක හිර ගෙදර අත්දැකීම් නිතරම සිත්තරා සමඟ ඛෙදා ගත්තා. සිත්තරා එවාට ඇහුකම් දුන්නේ ආශාවෙන්. වැසි දිනවල තනි පොරොණේ යට තුරුළු වෙලා ඔවුන් නිදා ගත්තා. එ වගේ දවස්වලට කාමර පාටිගේ ඉල්ලීම්වලට සිත්තරා අවනත වුණා. කාමර පාටිගේ උණුසුමේ සිත්තරාට නුහුරු ආගන්තුක බවක් මෙන්ම, අගන්තුක නොවූ පළපුරුදු බවකුත් තිබ්බා. එත් පසුවදාට ඔහුට දැනුණේ ලැජ්ජාවක් සහ පිළිකුලක්. ‘මල්ලි හයිකෝට් එකේ තුන්වෙනි එක ගන්නෙ කවද්ද?’ නාලා වාට්ටුවට ගිය හැටියෙ කාමර පාටි ඇහුවා. ‘තව සතියකින් ගන්නවා කීවා.’ සිත්තරා තෙත තුවාය බිත්ති දෙකේ යකඩ පොලූ අතර බැද තිබූ වැලට දැම්මා. ‘එකෙන් නම් ඔයාට ඇප ලැඛෙයි. හෙට මාවත් එළියෙ පාටියෙ වැඩකට අරන් යනවා කියලා මහත්වරු කිව්වා. මහත්වරුන්ට දැන් මාව හො`දටම විශ්වාසයි.’ කාමර පාටි සවස ගෙනා කහට කෝප්පය සිත්තරාගේ අතට දුන්නා. පින්සල් පෙට්ටියක් අරන් සිත්තරා යමින් හිටියේ පාලූ පාරක. පාරේ ඈත ගහක තිබ්බේ ලොකු සිංහ කොඩියක්. සිංහ කොඩිය තියෙන ගහට ළං වෙද්දී සිත්තරාට ඇහුණේ ගෙරවිල්ලක්. සිත්තරා ක්ෂර්‍ණකවම උඩ බැලූවා. සිංහ කොඩියෙන් එළියට ආපු සිංහයා කඩුවක් අරන් සිත්තරා දිහාට පැන්නා. සිත්තරා වේගෙන් දුවන්න පටන් ගත්තා. ඔහු අතින් පින්සල් පෙට්ටිය විසික් වුණා. විවිධ හැඩයෙන් සහ ප්‍රමාණයෙන් යුතු පින්සල් පාර පුරා විසිරුණා. සිත්තරා පසු නොබලා දිව්වා. සිංහයාගේ ගෙරවිල්ල ඔහුගේ පසුපසින්ම ආවා. කහපාට බලූ රෑනක් දත් විලිස්සන් සිත්තරාගේ ඉදිරියට දුවගෙන එමින් සිටියා. කොහේදෝ ඉදලා පොල්ලක් අරගෙන කහ පැහැති බලූ රෑන ඉදිරියට පැන්න තාත්තා බල්ලන්ට ගහන්න වුණා. බල්ලෝ ඔක්කොම තාත්තගේ ඇඟට පැනලා තාත්තා පෙරළා ගත්තා. කරකියා ගන්න දෙයක් නැති තැන සිත්තරා කෑ ගැහුවා…. ‘එ මලේ මලේ නැගිටපන් හීනයක්…’ කාමර පාටිගේ හඩින් සිත්තරා අවදි වුණා. අඩ අදුරේම වාට්ටුවේ අය සිත්තරාට හිනා වුණා. ‘ලොකු අයියා මූට අද ඇරලා වගේ..’ කසිප්පු ලාල්ගේ කතාවට නැවතත් වාට්ටුවේ උන් හිනා වුණා. කාමර පාටි සිත්තරා අතට වතුර බෝතලයක් දුන්නා. සිත්තරා ඉ`දගෙන බිත්තියට හේත්තු වෙලා වතුර බෝතලේ හිස් කළා.
සිත්තරා විසිට් එකට නැග්ගේ ගොඩක් දුකෙන්. අම්මගෙ මූණ බලන්න තරං ශක්තියක් ඔහුට තිබ්ඛෙ නෑ. ‘මේ සැරේ හැමෝම කියන්නෙ පුතාට ඇප ලැඛෙනවා කියලා. තව ටික දවසනෙ.’ අම්මා දැල් අතරින් සිත්තරාගේ මුහුණට එබුණා. සිත්තරා කිිසිත් නොකියා දැල් අතරින් අම්මාගේ මුහුණ දිහා බලාගෙන හිටියා. ඈ බොහෝ වියපත්ව ඇතැයි සිත්තරාට සිතුණා. ඇගේ ගෙල මෙන්ම කන් පෙති ද හිස්ව ඇති බව සිත්තරා දුටුවා. ‘විසිට් බලන කට්ටිය පොඩ්ඩක් එහාට වෙන්න…..’ ෙජ්ලර්වරයෙක් සැකකරුවන් කිහිප දෙනෙක් සමග හිර ගේ මහ ගේට්ටුවෙන් ඇතුළට එමින් කීවා. ‘ආ අම්මෙ ඔය එන්නේ කාමර පාටි’ සිත්තරා කියූ දේ අම්මාට නොතේරුණත් ඇය තමා පිටුපසින් යන පුතා පෙන්වූ පුද්ගලයා දෙස බැලූවා. මදක් නැවතුණු කාමර පාටි ද ඈ දෙසත් දැලෙන් එහා පස සිටි සිත්තරා දෙසත් මාරුවෙන් මාරුවට දෑස් යැව්වා. ‘මේ මගේ අම්මා..’ සිත්තරා කාමර පාටිට ඇහෙන්න කෑ ගැහුවා.

කාමර පාටි දෑතට දැමූ මාංචු සමගම සිත්තරාගේ මවට ආචාර කළා.
‘විසිට් වෙලාව ඉවරයි. දැන් යන්න…. ටෝං… ටෝං…’ විසිට් බෑග් එක දෝතින් ගෙන වාට්ටුවට යන්න පය එසෙව්වා පමර්‍ණ. පසුපසින් පැමිර්‍ණ ෙජ්ලර්වරයෙක් සිත්තරාව ඇමතුවා. ෙජ්ලර්ගේ මුහුණේ වූයේ මද සිනහවක්. ‘එස්.පී. මහත්තයා කතා කරනවා. ඕක යාළුවෙකුට දීලා ඉක්මණට එන්න.’ එ වෙද්දි හිරගේ ඇතුළේ ෙජ්ලර්වරුන්ගේ යම් පිළිගැනීමක් සිත්තරාට තිබුණා. එක ඔහුට ලබා දුන්නේ යම් සහනයක්. සිත්තරා වටපිට බැලූවා. වාට්ටුවේ ටැංකි පාටිව දුටු සිත්තරා ඔහුට විසිට් බෑගය දී ෙජ්ලර් පිටුපස වැටුණා. බන්ධනාගාර අධිකාරිවරයාගේ කාමරේ හිටියෙ මහාචාර්ය ජයසේකරයි ඔහුගෙ බිරිදයි. සිත්තරා මුලින්ම ඔවුන්ට වැන්දා. මහාචාර්යවරයාගේ බිරිද සිත්තරාගේ ඔළුව සිප ගත්තා. ‘තව ටික දවසයි පුතා.’ ඇය සෙමින් කිව්වා. සිත්තරාගේ නඩු කටයුතු ගැනත් ඔහුගේ දක්ෂතා ගැනත් මහාචාර්යවරයා බන්ධනාගාර අධිකාරීවරයාට පැහැදිලි කළා. සිත්තරා පසෙකින් සිටගෙන බන්ධනාගාර අධිකාරීවරයාගේ පුටුව අසල වැටී ඇති හිස දැවුණු ගිනි කූර සහ සිගරැට් ෆිල්ටරය දෙස බලාගෙන සිටියා සිත්තරා වාට්ටුවට එද්දි එතන ලොකු කලබලයක්. කවුදෝ යකඩ පොලූවල, රෙදිවලින් ඔතපු කඹයකින් ඛෙල්ලෙ වැල දාගෙන. ‘කවුද? කවුද? එල්ලිලා තියෙන්නෙ.’ ‘කාමර පාටි’ කවුදෝ කෙනෙක් කෑ ගැහුවා. සිත්තරාගේ දෙපා එක්වරම අප්‍රාර්‍ණක වුණා. එදා රෑ සිත්තරා දැකපු හීනේ දී තාත්තා ඇවිත් සිත්තරාව බදාගෙන ඇඩුවා.
සිත්තරා තමන් ළඟ තිබුණු ජංගම දුරකථනයේ විදුලි ආලෝකයෙන් තාත්තගේ මූණ බලන්න උත්සාහ කරා. තාත්තා එක වැළැක්කුවා. සිත්තරා තමන්ගේ උත්සාහය අත් ඇරියේ නෑ. තමන්ව වැළදගෙන හිටපු තාත්තව පසෙකට තල්ලූ කරපු සිත්තරා දුරකථනයේ විදුලි ආලෝකය තාත්තගේ මුහුණට එල්ල කළා. දුටු දසුනින් සිත්තරා ගල් ගැසුණා. කාමර පාටි හ`ඩමින් දෑත් එක්කොට සිත්තරාගේ දෙපා පාමුල ඇද වැටුණා. ‘එයි… එයි… මොකද උඹ හීනෙන් අ`ඩන්නේ. නැගිටපන්… නැගිටපන්….’ කසිප්පු ලාල් නිදා සිටි සිත්තරාගේ දෙවුරෙන් හොලවන්න වුණා.

ශක්තික සත්කුමාර-Shakthika Sathkumara
ඡායාරූප Meta AI





