ගාමිණි මුතුකුමාරණ:
ජෝර්ජස් ඉබ්‍රාහිම් අබ්දුල්ලාගේ නඩුව නූතන ප්‍රංශ ඉතිහාසයේ දේශපාලන වශයෙන් වඩාත්ම චෝදනා එල්ල වූ නඩුවලින් එකකි. 1984 වසරේ ප්‍රංශයේ දී අත්තඩංගුවට පත්වූ ඔහුට 1987 දී ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම විය. ඔහුගේ සිරගත කාලය වසර 41 එකකි. එය දශක හතරකට වැඩි කාලයකි. දකුණු අප්‍රිකානු විමුක්ති අරගලයේදී අත්තඩංගුවට පත් නෙල්සන් මැන්ඩෙලා සිරගතව සිටි කාලය වසර 25 කි. එමඟින් ජෝර්ජස් ඉබ්‍රාහිම් අබ්දල්ලා යුරෝපයේ දීර්ඝතම කාලයක් රඳවා සිටි සිරකරුවා යැයි කිව හැක.

ලෙබනන් ජාතිකයෙකු වූ ජෝර්ජස් ඉබ්‍රාහිම් අබ්දල්ලා පලස්තීන ජනයාගේ විමුක්තිය සඳහා වූ “මහජන පෙරමුණේ PFLP හිටපු සාමාජිකයෙකි. ඉන් පසුව ඔහු ලෙබනන් සන්නද්ධ විප්ලවවාදී කන්ඩායම වූ (LARF) ආරම්භ ආරම්භ කිරීමට ද මුල් වූ අයෙකි.

ඔහුට දඬුවම් නියම වූයේ 1982 දී ඇමරිකානු හමුදා අනුයුක්ත චාල්ස් රොබට්රේ සහ ඊශ්‍රායල රාජ්‍ය තාන්ත්‍රික යාකොව් බාර්සිමන්ටොව් ඝාතනයට සහභාගී වූ බවට චෝදනා කොටය. එහෙත් ඔහු කිසි විටකත් වරද බාර නොගත්තේය. අබ්දුල්ලා අධිකරණය හමුවේ කියා සිටියේ තමා අපරාධකරුවෙකු නොව පලස්තීන අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මාක්ස් ලෙනින්වාදියෙකු බවයි. අදිකරණය ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරද්දීත් අධිරාජ්‍යවාදයට, යටත් විජිතවාදයට සහ සියොන්වාදයට එරෙහිවට එරෙහිව හඬ නැගූවේය.
ඔහුගේ නිදහස වෙනුවෙන් ලෙබනනය දිගු කලක් තිස්සේ ප්‍රංශය සමග රාජ්‍යත්‍රාන්තික ලෙසින් මැදිහත් වෙමින් සිටියත් ඉන් පලක් වූයේ නැත. යුරෝපයේ මානව හිමිකම් සංවිධාන අබ්දල්ලාගේ නිදහස වෙනුවෙන් දිගුකලක් තිස්සේ මැදිහත් වෙමින් තිබුණි. 1999 සිට ඔහු නිදහස් කිරීම සඳහා සියලු නීතිමය කොන්දේසි සපුරා තිබුනත්, එක්සත් ජනපදය දිගින් දිගටම ඔවුන්ගේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස නම් කෙරුණු සිරකරුවෙකු ලෙසි නම් කර තිබීම හේතුවෙන් නැවත නැවතත් අබ්දල්ලාට සිරගතව සිටින්නට සිදු විය. අබ්දල්ලා රඳවා සිටි ලැනෙමෙසාන් Llanemesan සුවිසල් බන්ධනාගාරය ඉදිරිපිට ඔහු වෙනුවෙන් ලොව පුරා වෙසෙන විමුක්තිවාදීන් හා ප්‍රගතිශීලී ආධාරකරුවන් වාර්ෂිකව රැස් වීම සාමාන්‍ය සම්ප්‍රදායක් ද වෙමින් තිබුණි.

1951 දී උතුරු ලෙබනනයේ උපත ලැබූ ජෝර්ජස් අබ්දල්ලා මැරොනයිට් ක්‍රිස්තියානි පවුලකින් පැවත එන්නෙකි. ඔහු උසස් අධ්‍යාපනය හැදෑරූවේ ප්‍රංශයේ university of toulouse විද්‍යාලයෙනි.දර්ශනවාදය හා ඉතිහාසය හැදෑරූ ඔහු පසු කාලයේ වාමාංශික දේශපාලන චින්තනයට යොමු වි තිබේ. 1970 ගණන්වල මැද භාගයේ ලෙබනන් සිවිල් යුද්ධය ආරම්භ වීමත් සමඟ අබ්දල්ලා නැවත ලෙබනනයට පැමිණ පලස්තීන විමුක්තිය සඳහා වූ මහජන පෙරමුණට සම්බන්ධ විය.

1970 සහ 1980 දශක පුරාවටම, අබ්දල්ලා ලෙබනනයේ සහ පුළුල් අරාබි ලෝකයේ වාමාංශික විප්ලවවාදී කවයන් තුළ ක්‍රියාකාරී චරිතයක් විය. ඔහු අරාබි ජාතිකවාදී සහ අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාර සමඟ පෙලගැසී සිටි අතර යටත් විජිතකරණය පිළිබඳ ඔහුගේ අදහස් බෙදාගත් යුරෝපීය වාමාංශික කණ්ඩායම් කිහිපයක් සමඟ ද සමීප සබඳතා පැවත් වීය. පැරිසියේ ඊශ්‍රායල සහ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් ඉලක්ක කර ගත් ප්‍රහාර සිදු වූයේ මේ කාලයේය. අබ්දල්ලා මෙම ක්‍රියාවන්ට සෘජුව සම්බන්ධ බවට සාක්ෂි කිසිවක් නොතිබුණද දේශපාලන හේතු මත ඔහුට මරණ දඬුවම ලබා දුන් බවට ඔහුගේ නීතීඥවරුන්ගේ මතය විය.
ගෙවුනු කාලය තුල අබ්දල්ලා ගේ නිදහස වෙනුවෙන් අභියාචනාධිකරණයෙහි පෙත්සම් ගණනාවක් ගොනු කර විභාග වෙමින් තිබූ අතර පසුගිය ජූලි 17 වන බ්‍රහස්පතින්දා, පැරිස් අභියාචනාධිකරණය, වසර 41 ට වැඩි කාලයක් සිරගත කර සිටින හෙයින් ඔහු කොන්දේසි කොන්දේසි සහිත නිදහස් කිරීමට නියෝග කර ඇත. නිදහස් කල වහාම ප්‍රංශ භූමියේ රැඳී නොසිට ලෙබනනයට පිටුවහල් කිරීම අදිකරණ කොන්දේසියයි. 1984 සිට සිරගත කර සිටින 73 හැවිරිදි අබ්දල්ලාට පැරිස් අභියාචනාධිකරණ නියෝගය අනුව ජුලි 25 වැනිදා උදෑසන නිදහස හිමි වේ.
නිරන්තරයෙන් තම විශ්වාසයන් අත්හැරීම ප්‍රතික්ෂේප කල මේ විප්ලවීය මිනිසාගේ නිදහස වෙනුවෙන් සුබ පැතුම්.

ගාමිණි මුතුකුමාරණ-Gamini MMuthukumarana





