“බෙංගාලි සිනමා ඉතිහාසයේ මීට වඩා හොඳ දවසක් නොතිබුණි”

බංග්ලාදේශ් ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක අමිතාබ් රේසා

2021 කෑන්ස් සමිමාන උළෙලේ පළමු බංග්ලාදේශ චිත්‍රපටය ලෙස
‘‘රෙහානා මරියම් නූර්‘‘ඉතිහාසයක් නිර්මාණය කරයි

2021 කෑන්ස් උළෙලෙහි 74 වන සංස්කරණය සඳහා තෝරාගත් චිත්‍රපට ලැයිස්තුව බ්‍රහස්පතින්දා (ජූනි 3) බංග්ලාදේශ වේලාවෙන් පස්වරු 3 ට ප්‍රංශයේ පැරිස් නුවර යූජීසී නොර්මන්ඩි රඟහලේදී ප්‍රකාශයට පත් කරන විට. බංග්ලාදේශ් චිත්‍රපට කර්මාන්තය විශ්මයෙන් ගල්ගැසුනි. කැන්ස් ඡුරියේ එකී අඩංගුවට බංග්ලාදේශ් චිත්‍රපට අධ්‍යක්ෂ අබ්දුල්ලා මොහොමඩ් සාද්ගේ “Rehana Maryam Noor” චිත්‍රපටියද විය.

.කෑන්ස් සිනමා උළෙලේ. සාම්ප්‍රදායික නොවන කතන්දර පවසන චිත්‍රපටවලට ගෞරව කරන Un Certain Regard අංශය යටතේ චිත්‍රපට නිෂ්පාදක අබ්දුල්ලා මොහොමඩ් සාද්ගේ චිත්‍රපටය රෙහානා මරියම් නූර් තෝරාගෙන තිබේ. මෙය ලොව වඩාත්ම කීර්තිමත් සිනමා උළෙලක් වන කෑන්ස් සිනමා උළෙල සඳහා නිල වශයෙන් තෝරාගත් පළමු බංග්ලාදේශ චිත්‍රපටයයි.

Cannes Film Festival

රෙහානා මරියමි නූර්හි ප්‍රධාන චරිතයට පණ පොවන රංගනවෙිදිනියක මෙන්ම බංග්ලාදේශ් නිරූපිකාවකද වන අස්මේරි හක් බදෝන් (Azmeri Haque Badhon ) මාධ්‍ය සමඟ කළ සාකච්ඡාවකදී මෙසේ පවසා තිබිණි: “දුරකථනයෙන් මෙි ප්‍රවෘත්තිය බෙදා ගැනීමට සාද් මට කතා කළ විට මම හැඩුවෙමි. මම තවමත් සතුටු කඳුළු වගුරුවමි. මෙය එක් චිත්‍රපටයක ජයග්‍රහණය නොවේ, මෙහි ගෞරවය මුළු බංග්ලාදේශයටම හිමි වේ. මෙය අපේ රටට සහ අපේ සිනමාවට ඓතිහාසික අවස්ථාවක්.

Azmeri Haque Badhon

මෙම ඓතිහාසික කණ්ඩායමේ සාමාජිකයෙකු වීමට ලැබීම ගැන මම ආඩම්බර වෙමි. රෙහානා මරියමි නුර්හි ප්‍රධාන චරිතයට හා මා එම භූමිකාවට සුදුසු ද යන්න වටහා ගැනීම සඳහා අධ්‍යක්ෂවරයා විසින් මාස දෙකක් පුරා මා ගැන නිරීක්ෂනය කර තිබිණි. පසුව තවත් මාස 9 ක් පුරා මට චරිතය ගැන පෙරහුරු අභ්‍යාසයක යෙදීමට සිදුවිය. සාද් නැමති මිනිසාගේ ඒ සුවිසල් සිහිනය දැන් මා සැබෑකර ඇත්තෙමි ‘‘

අබිදුල්ලා මොහොමඩි සාද් ලෝක සිනමාව තුල සිය මුද්‍රාව තහවුරු කලේ තමාගේ පළමු නිර්මාණය වු 2016 “Live from Dhaka” තුලිනි. එය සිංගප්පුර් අන්තර්ඡාතික චිත්‍රපටි උළෙලේ විශිෂ්ටතම චිත්‍රපටිය විය .Rehana Maryam Noor” ඔහුගේ දෙවැනි සිනමා කෘතියයි. එය ලොව කීර්තිමත්ම සිනමා උළෙල නියෝඡනය කිරීමට සුදුසුකමි ලැබීම තුලින්ම අපට තවමත් 36 හැවිරිදි බංග්ලාදේශ් දැවැන්තයා යන දුර කොතරමිදැයි සිතාගත හැකිය. .france24. රූපවාහිනියට ඔහු පවසා තිබු සමහර දේවල් මෙි දැවැන්තයා තමා ගැන සිතන්නේ මොන තරමි සුලුකොටදැයි සිතා ගැනීමට අප ඔබ ඉදිරියේ තබන්නෙමු

“එහි සිටීම මහත් ආශ්වාදයක් සහ විශාල ගෞරවයක්. චිත්‍රපටයක් සෑදීම සඳහා විශාල පරිත්‍යාගයක්, භක්තියක්, කාලයක් හා ශක්තියක් අවශ්‍ය වේ, එබැවින් මෙවැනි දෙයක් සිදු වූ විට එය දිගටම කරගෙන යාමට ඔබව එය පොළඹවයි. එය මටත් වඩා මගේ කණ්ඩායමට මගේ රටෙි මිනිස්සුන්ට ලැබුණු ජයග්‍රහණයකි. මෙම වර්ෂය බංග්ලාදේශයේ නිදහසෙන් 50 වන සංවත්සරය වන බැවින් එය සැබවින්ම ජනතාවට වැඩි ප්‍රීතියක් ගෙන දුන් අතර තම රටෙි චිත්‍රපට ගැන ඔවුන් තුල විශ්වාසය ද ඇති කළේය.‘‘

‘‘‘රෙහානා මරියම් නූර්‘‘ වෛද්‍ය විද්‍යාලයක සහකාර මහාචාර්යවරියක් වන රෙහානා වටා කැරකෙයි. වෛද්‍ය වෘත්තිකයෙකු, මවක් සහ ගුරුවරියක් ලෙස ඇය නිරතුරුවම සමබර වන අතර, එක් දිනක් ශිෂ්‍යාවක් සම්බන්ධ අනපේක්ෂිත සිදුවීමක් දුටු විට ඇගේ ජීවිතය සමිපුර්ණයෙන් වෙනස් වේ. මෙම සිද්ධිය සිසුවිය සහ ඇගේ දියණිය වෙනුවෙන් ලිංගිකත්වයට කරනු ලබන අසමාන සැලකිල්ල සදහා වු විරෝධතා සහ එකී පද්ධතියට එරෙහි සටනකට ඇයව පොළඹවයි. මේ අනුව, කතාව මෙතෙක් ඉදිරියට යමින් තිබේ ‘‘

“මා හැදී වැඩුණේ වැඩිමහල් සහෝදරියන් තිදෙනෙකු සමඟයි. ඒ අය හරිම නිර්භීත, ලස්සන, ගතික, බුද්ධිමත් මිනිස්සු. ඔවුන් සෑම විටම අපේ පවුල කෙරෙහි ආධිපත්‍යය දැරූ අතර මට කල බලපෑම හරිම සුවිසල්. දියණියන්ගේ සිට සහෝදරියන් දක්වාත් පසුව මව්වරුන් සහ වෘත්තිකයන් දක්වාත් මම ඔවුන්ව ඉතා සමීපව දැක ඇත්තෙමි. මට මෙය සෑම විටම සැම දිනකම ඉතා සිත් ඇදගන්නා සුළු විය. මුලු ව්‍යාපෘතියම ආරම්භ වූයේ මෙි මුරණ්ඩු ගැහැණුන්ගේ රූපයෙනි. මට අවශ්‍ය වූයේ සැබවින්ම මෙි ගැහැණු සැදී ඇත්තේ කුමක් සදහාද සහ ඔවුන් කෙබදු පුද්ගලයන්ද යන වග මම කොපමණ ප්‍රමාණයක් ග්‍රහණය කර තිබෙි දැයි සොයා ගැනීමටය.‘‘

“අස්මේරි හක් බදොන් ‘‘ ඇගේ “හදවත සහ ආත්මය” රෙහානාගේ චරිතයට ඇතුළත් කළාය. ඇය මෙි සදහා තම මුදල් උපයන මෝස්තර නිරූපිකා වෘත්තිය අත්හැර දැමුවාය. මගේ කතාවෙි මහාචාර්යවරිය වන රෙහානා මාරියමි නුර් වීමට ඇය දිනපතා පුහුණුවීමි කලාය. ඒ අපි ඇයට දුන් සොචිචමි මුදල සදහා නමි නොවෙි. ඇයට එය මෙන් සිය ගුණයක් සිය ක්ෂේත්‍රය තුලින් පහසුවෙන් උපයා ගත හැකිව තිබිණි. අනෙක් අතට ඇයට නව හැවිරිදි දියණියක් ද සිටි අතර ඔවුන් කටයුතු කරන ආකාරය මම දැක ඇත්තෙමි. ඇය මෙම චරිතය සඳහා මාස නවයක් පෙරහුරු කළ අතර අනෙක් සියල්ලම පසෙකට දැමුවාය. මූල්‍යමය වශයෙන්, අපට ඇයට ප්‍රමාණවත් පරිදි වන්දි ගෙවිය නොහැක! නමුත් ඇයට මෙය කිරීමට අවශ්‍ය බව සැබවින්ම හැඟුණු අතර ඇය මුළු චිත්‍රපටයම ඇගේ කර මත තබාගෙන ගියාය.

More From Author

වර්ණ භේද විරෝධී ව්‍යාපාරය තුළින් දකුණු අප්‍රිකාවට සමානාත්මතාව උදාකළ නෙල්සන් මැන්ඩෙලා

ආදරෙයි මම ආදරෙයි!

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348