සරත් මද්දුමාගේ:
2023 ඔක්තෝබර් 07සිට 2025 ජූනී 18 වෙනවිට ඝාසා යුද්ධයේදී මරාදැමූ මාධ්‍යවේදීන් , මාධ්‍යවේදිනියන් ඇතුලු මාධ්‍යය ක්‍රියාකාරීන් ගණන 200 ක් වන බව දේශ සිමා නැති වාර්තාකරුවන් පවසයි(Reporter ohne Grenzen (RSF))

පසුගියදා ගාසා හී කෆේ පලස්තීනා වෙත ඊශ්‍රායල් විසින් එල්ලකල බෝම්බ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 33 දෙනෙකු මරාදැමූ අතර ඒ අතර මාධ්‍ය ක්‍රියාකාරීන්ද වීය .මාධ්‍යවේදීනී Bayan Abusultan ගේ ජීවිතය බේරී තිබුනි. ඒ අනුව මේ වනවිට ගාසා යුද්ධයේදී ඊශ්‍රායල් ත්‍රස්ත හමුදා ඝාතනය කල මාධ්‍ය ක්‍රියාකාරීන් ගණන 227 දක්වා ඉහල ගොස් ඇතැයි පැවසේ.
යුධවාදීන් පනිවුඩකරුට වෙඩි තබමින් යුද්ධයේ සැබෑ තතු වසන්කිරීමට දරන උත්සාහයන්ට දේශසීමා නැත. තමන්ට අවනත නැති මාධ්‍යය සහ මාධ්‍ය ය ක්‍රියාකාරීන් මර්දනය කරන්නේ ඒ නිසාවෙන් ය.ජන ඝාතකයින්ට අවශ්‍ය වන්නේ තමගේ කෲරත්වය සහ තමන් විසින් කරන සියළුම ආකාරයේ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ යුක්ති යුක්ත කරන මාධ්‍යය සහ මාධ්‍ය ක්‍රියාකාරීන් වේ.
විසි එක්වෙන සියවසේ ලෝකයම සජීවීව නරඹන පලස්තීන ජන සංහාරයේ සැබෑ තතු ලොවට හෙලිදරව් කිරිමට කැපවූ 227 ක් වූ මාධ්‍යය ක්‍රියාකාරින්ට සහ ඇතැම් අවස්ථාවන්හී ගාසා හී ජීවත්වෙන ඔවුන්ගේ පවුල්වල සමීපතමයින්ට පවා තම ජීවිත වලින් වන්දී ගෙවීමට සිදුවූයේ ඒ හෙයින් ය

ජඩ මාධ්‍ය භාවිතයටද දේශ සීමා නැත.බී.බී.සී ප්‍රමුඛ යුරෝපයේ බොහෝ මාධ්‍ය රුසියාව යුක්ක්‍රේනයට එරෙහිව ගෙන යන යුද්ධය සහ ඊශ්‍රායලය ගාසා හී සහ බටහිර ඉවුරේ නැගෙන හිර ජෙරුසලමේ පලස්තීන ජනයාට එරෙහීව ගෙන යන ජන සංහාරය සහ වාර්ගීක ශුද්ධය වාර්තාකරන ආකාරය දකින විට ඔවුනගේ මාධ්‍යකරණයේ ද්විත්ව සදාචාරය සහ කුහක පිලිවෙත මනාව දක්නට ලැබේ.
2005-2010 මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුල මරාදැමූ මාධ්‍යවේදීන් ගනන 45 පමන වන බව පැවසේ ඉන් 43 ක්ම දෙමළ ජනමාධ්‍යවේදීන් යැයි කියයි. ඒ පැහැරගෙන ගොස් අතුරුදහන් කල මාධ්‍යවේදීන් හැර විය හැකියි.

එකල පුද්ගල පැහැරගැනීම් , ඝාතන සාමාන්‍ය දින චරියාවක්ව පැවති යුගයක් වීය. දුම්රිය කම්කරු පුවත්පත ” අකුණ” සම්බන්ධව සිටි ලලිත් , නිහාල් සහ සිසිර යන තිදෙනාව 2007 පෙබරවාරී 05 දින පැහැරගනු ලැබින.
පාර්ලිමේන්තුවේ දී විපක්ෂය විසින් අදාල පැහැරගැනීම් ගැන කල ප්‍රශ්න කිරීම් වලදී ආණ්ඩුව වෙනුවෙන් එකල අගමැති රත්නසිරි වික්‍රමනායක කියා සිටියේ ” ආණ්ඩුවට ඒ පිලිබද තොරතුරු නොමැති බව සහ ඒ ගැන පරීක්ෂණ පැවැත්වෙන ” බවකි.
එකී පැහැරගැනීමට එරෙහීව ක්ෂණිකව ක්‍රියාත්මක වූ වෘත්තීය සමිතී, දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කොටුව දුම්රිය පල ඉදිරිපිට උද්ඝෝෂණයක් කර , පැහැරගනු ලැබූ ක්‍රියාකාරීන් තිදෙනා ගැන තොරතුරු වහාම හෙළිදරව් කරන ලෙස මහින්ද රාජපක්ෂ ආන්ඩුවට බලකලහ. යහපත් ප්‍රතිචාර නොලැබුනහොත් පැය 24 ක් ඇතුලත වැඩ වර්ජනයන්ට අවතීර්ණ වන බව දුම්රිය , සෞඛ්‍යය ඇතුලු වෘත්තීය සමිති කියා සිටියහ.

උද්ඝෝෂණය නොවන්නට පැහැරගැනීමට ලක්වුවන්ගේ පමනක් නොව පසුව අත්අඩංගුවට පත්වූ අපගේ ජීවිතද අහිමිවීමට ඉඩ තිබූ බවට සිතිය හැකි සාධක බොහෝය.
තමන් කිසිවක් නොදන්නා බව කී ආණ්ඩුව පසුව කියා සිටියේ අදාල තිදෙනාව ” යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවක් ය “ඊට අමතරව පැහැරගෙන ගොස් ඔවුන්ගෙන් ලබාගත් ප්‍රකාශයන්ද “රුපවාහිනියේ විකාශනය කරනු ලැබින. පැහැරගෙන ගොස් , පහරදී ලබාගත් ඒ ප්‍රකාශ ස්වෙච්ඡාවෙන් ලබාගත් ඒවා නොවීය .
” උබලාව ගත්තේ පනපිටින් බාර දෙන්න නොවේයැයි” පැහැරගත් කල්ලිය ඔවුන්ව ටී.අයි.ඩී ය වෙත බාරදීමේදී තමන්ට පැවසූ බව පසු අවස්ථාවක මට කීවේ ඒ තිදෙනාගෙන් අයෙක්ය.
එකල පුද්ගලයින් පැහැර ගැනීමට ගෝඨාගේ ත්‍රිපෝලී කල්ලියට අමතරව හමුදා බුද්ධි අංශ සමග ජ.වි.පේ සම්බන්ධ වූ ගුණතිලක කෙනෙකු මෙහෙයවූ කල්ලියක්ද වූ බව කියයි. එහි සත්‍යය අසත්‍යය බව හෙලිදරව් කරගත හැක්කේ නිසි පරීක්ෂණයකින් පමනයි.
අප කණ්ඩායමේ අය පැහැරගැනීමට මැදිහත්වූ , කණ්ඩායමේ සිටි ෂාමල් නැමැත්තාව මෙහෙයුමට පෙර ගෝඨා ලගට රැගෙන ගියේ විමල් විරවංශ බව මට මතක හැටියට හෙලිදරව් කලේ “සන්ඩේ ලීඩර්” පුවත් පතයි. එම කරුනු ඉහත සැකය තහවුරු කිරිමට හේතුවෙයි.
ලංකාවේ පැහැරගැනීමට ලක්වූවන්ගෙන් ජීවත්වීමේ අවස්ථාව ලැබුනූ ඉතා සීමිත පිරසකට පමනයි.
ඊශ්‍රායල් ෆැසිස්ට් ආණ්ඩුවට ගාසා හී ක්‍රියාකාරී මාධ්‍යවේදීන්ගේ තොරතුරු තිබේ. ඔවුන් ඉලක්ක කර බෝම්බ හෙලීම, මිසයිල ප්‍රහාර මගින් ඝාතනය කරයි. ඔවුන් කොතරම් කුරිරුදැයි කිවහොත් , ඝාතනය කරන්නන්ට දුරතකතන ඇමතුමි දි ඔන්න අපි උඹලාව මරනවා කියන්නට තරම් අමනුෂ්‍යයින් වී තිබේ.
ඒ අනුව ඉතා කෙටි කාලයක් තුල ලොව වැඩිම මාධ්‍යය ක්‍රියාකාරීන් ඝාතනය කළ රාජ්‍යය ඊශ්‍රායල් විය හැකියි.

සරත් මද්දුමාගේ -Sarath Maddumage
(ලංකාවේ හිටපු වෘත්තීය සමීතී , දේශපාලන ක්‍රියාධරයෙක් මාධ්‍යවේදීයෙක්.දේශපාලන සිරකරුවෙක්.)





