ඊශ්‍රායල් මිනිස් ජාවාරම්  මාෆියාවේ වින්ඳිතයින්වූ ලාංකීක ශ්‍රමිකයින්

ගාසා හී යුද්ධය ආරම්භ වීමට පෙර ඊශ්‍රායලයේ කෘෂි කාර්මීක කම්කරුවන් වූයේ පලස්තීනුවන්. පලස්තීනුවන්ට තමන්ගේම ගොවිබිම්වල කුලී කම්කරුවන් වීමට සිදුවීම ඇත්තමටම ඛේදවාඡකයක් .ඒක වෙනම කතාකල යුතු දෙයක්.

ඊශ්‍රායල් ත්‍රස්ත රාජ්‍යය, ගාසා සහ බටහිර ඉවුරේ ක්‍රියාත්මකව තිබූ ,එක්සත් ජාතීන්ගේ සහන සේවා ඒජන්සිය තහනම් කිරීමත් සමග එයින් ජීවිතය රැකගත් පලස්තීනුවන්ට දැන් එයත් අහිමියි. මා මේ කතාකරන්නේ , ගාසා තීරය නොව ඊශ්‍රායලය බලහත්කාරයෙන් වාඩිලා සිටින බටහිර ඉවුර ගැන .

එම ඒජන්සියේ ගොඩනැගිලි ඊශ්‍රායල් හමුදා අත්පත් කරගෙන තිබෙන්නේ මාස කිහිපයක සිටය. බටහිර ඉවුරේ පිහිටි පලස්තීන සරණාගත කදවුරු විනාස කිරීමෙන් දස දහස් ගනන් පලස්තීනුවන් හිසට වහලක් නැතිව ඇත්තේ ද මාස කිහිපයකට පෙර.

දැන් ගාසාවේ මෙන් බටහිර ඉවුරේද කුසගින්න යුධ අවියක් ලෙස භාවිතයට අරන් .

පලස්තීන ජනතාවට පිටරටින් මුදල් යැවීමට නොහැක්කේ ඒ සියල්ල ඊශ්‍රායලයේ පාලනය යටතේ කෙරෙන බැවින්. පලස්තීන ජනයාට යැවෙන මුදල් වලින් බදු එකතු කරන්නේද ඊශ්‍රායලය.

ඒ වගේම මුදල් යවන්නා ගෙවීගිය වසර දහයක කාලයක් ඇතුලත ඊශ්‍රායලය විවේචනය කර ඇත්නම් ඒ මුදල් ලබා නොදෙයි.

ඊශ්‍රායලය විසින් පලස්තීනුවන්ගෙන් එකතුකරන බදු වලින් “පලස්තීන පාලන අධිකාරියට ” ලැබිය යුතු කොටස නිසි ලෙස නොදීමෙන් එහි පොදු සේවා පවත්වාගෙන යෑමට නොහැකි වෙලා. එහි සේවය කරන්නන්ගෙනට වැටුප් ගෙවීමට නොහැකිවෙලා.

  • මේ තොරතුරු මට දැනගැනීමට ලැබුනේ ස්වීට්සර්ලන්තයේ සෙන්ට් ගාලන් සහ ෆ්‍රවුන්ඩ්ෆෙල්ඩ් නගරවල පැවති සාකචිඡාවන්ට සහභාගීවූ , පලස්තීන සාමා ක්‍රියාකාරිනී මහාචාර්ය සුමායා නසාර් හෙලිදරව් කල කරුනු වලින්.

මුල් කතාවට ගියහොත් පලස්තීන කම්කරුවන් ඊශ්‍රායලයේ වැඩ කිරීමට ආණ්ඩුවේ බලපත්‍ර තිබිය යුතුයි. ඒවා ලබා ගතහැක්කේ ඊශ්‍රායල් මිනිස් ජාවාරම්කරුවන් හරහා පමනයි. ඒක ඊශ්‍රායල් ආණ්ඩුව හා ජාවාරම්කරුවන් අතර කෙරෙන ව්‍යාපාරයක්. ඊට ගෙවන මුදල් සේම, කම්කරුවන්ගේ මාසික වැටුපෙන් 1/3 ක් ජාවාරම්කරුවන්ට දිය යුතුයි.

පලස්තීන කම්කරුවන් කුසගින්නේ තබා ඒ වෙනුවට ඊශ්‍රායල් මිනිස් ජාවාරම්කරුවන් ලංකාවේ මිනිස් ජාවාරම්කරුවන් සමග හවුලේ ලංකාවේ ශ්‍රමිකයින් එහි පැටවීමට පටන් ගත්තේ ඒ අනුව. රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ මනූෂ නානායක්කාරට සහ ඔහුගේ සොහොයුරාට වංචා චෝදනා පවා ආවා මතකයි.  දැන් මාලීමා ආණ්ඩුවත් ඒ වැඩේ දිගටම කරගෙන යනවා. හාස්‍යට කරුණ ” පලස්තීන ජනයාගේ නිදහස ගැන කතාකරමින්” වර්ණභේදවාදී ඊශ්‍රායලයට කම්කරුවන් පැටවීම..  ඔවුන් කොතරම් කුජීතදැයි කීවොත් කෘෂි කාර්මීක කම්කරුවන්ට අමතරව , පලස්තීන භූමිය මත බලහත්කාරයෙන් ඉදිකරන ඊශ්‍රායල් කොළණි හී ඉදිකිරීම් කම්කරු ලෙසද ශ්‍රමිකයින් යැවීමට ක්‍රියා කිරීමයි. ලංකාවේ විදේශ සේවා කාර්‍යාංශයෙන් ඒ ගැන දාන උජාරු දැන්වීම් පවා පසුගිය කාලයේ දකින්නට ලැබුනා. ආණ්ඩුවකට නැති සදාචාරයක් ජනතාවට කෙසේ තිබෙන්නද ? ආර්ථික අගහිග කම් හමුවේ ඔවුන් ඊශ්‍රායලයට යන්නේ ඒ හෙයින්.

ඒවගේම රනිල් – හරින් ආරමිභකල යුධ සංචාරක කර්මාන්ත මේ ආණ්ඩුවත් දිගටම කරගෙන යන හැඩයි. ඊශ්‍රායල් යුධ අපරාධ චෝදනා ඇති හමුදා භටයින් ලංකාවේ ආනණ්ඩුවේ රැකවරණ මැද විවේක ගන්න ඉඩ සලසා ඇතැයි ජනතාව ආණ්ඩුවට චෝදනා කරන්නේත් ඒ නිසයි.

ඊශ්‍රායල් ත්‍රස්ත රාජ්‍ය ඉරානයට ප්‍රහාර එල්ලකිරීමත් සමග ඇරබුන යුද්ධයෙන් කිසිම හව් හරනයක්  රැකවරණක් නැත්තේ , ඊශ්‍රායලයේ ජීවත්වන 21% පමනවූ දෙවන පංතියේ ඊශ්‍රායල් පුරවැසියන්වන පලස්තීනුවන්ට සහ එහි ලංකාව වැනි රටවලින් ගොස් සිටින කම්කරුවන්ට.

එහි බංකර හී රැකවරණ ලැබෙන්නේ යුදෙව්වන්ට , යුරෝපියන්ට පමනයි. බංකර් වෙත එන ලංකාව වගේ රටවල ශ්‍රමිකයින්ව පලවාහරින වීඩියෝ අප දැකින්නේ ඒ හෙයින්.

එහි ජීවත්වන පලස්තීනුවන්ට බංකර් ඉදිකිරීමට තහනම්.

දැන් ලංකා ආණ්ඩුවේ වගකීමක් තමා ” තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගන්නයැයි ” කියමින් තානාපති සහ ආණ්ඩුවේ නිවේදන නිකුත් කිරීම නොව ඔවුන්ව වහාම ගෙන්වා ගැනීම..

(ලංකාවේ හිටපු වෘත්තීය සමීතී , දේශපාලන ක්‍රියාධරයෙක් මාධ්‍යවේදීයෙක්.දේශපාලන සිරකරුවෙක්.)

More From Author

න්‍යෂ්ඨික අවියෙන් තොර ලොවක් පැතූ විසල් ලාංකිකයා: විනිසුරු සී.ජී. වීරමන්ත්‍රී

මගේ නයිට්ස්ටෑන්ඩි(Nightstand) එක උඩ සදාකාලිකවම පොත් දෙකක් තියෙනවා

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348