කදු නැගීම (Wandern)..

යොහානස් වැඩ හොයාගෙන ගම අතහැර යනවිට සිටියේ නව යොවුන් විය අගහිස්සේ. කව්රුත් වගේ ඔහුටත් හිතුනා යමක් හමක් හරි හම්බකරන් එන්න.

දැන් වගේ නෙවි ඒකාලේ ස්විස් තරුණයින් යුරෝපයේ රස්සාවල් හොයන් ඇවිදිනවා. ඔවුන්ට කීවේ Wanderarbeiter කියලා.එය ගොඩාක් දුරට දැතේ රස්සාවක් ඉගෙනගත් අය තමා එහෙම ගියේ.වඩු වැඩ වගේ වෘත්තීයක් ඉගෙනගත් අය අතර ඒ සංස්කෘතිය ඉහලිම්ම තිබුනා . ඔවුන්ගේ ඇදුම් පැළදුම් පවා වෙනස්.

වෘත්තීය පුහුණුවෙන් පසු ඔවුන් අවුරුදු තුනක් සහ දවසක් තමන්ගේ පදිංචි තැන ඉදලා අඩුම කිලෝමීටර් පනහක් දුරින් වැඩ හොයන් යන්න ඕනේ. අතේ තියෙන්න ඕනේ යුරෝ පහක් විතරයි. ඔවුන් වයස 20 ත් 30 අතර විය යුතුයි. දරුවන් නොසිටිය යුතු අතර ණය ගැතිභාවයක් නොතිබිය යුතුයි. සතියකට වඩා රැකියා විරහිත නොවිය යුතු අතර , මාස හයකට වඩා එකම තැනක රැදී නොසිටිය යුතුයි. ඒ සම්ප්‍රදාය හුදෙක් මුදල් හම්බුකරනවාට වඩා වෘත්තීය සහ ජීවන අත්දැකීම් පිනිස වූවක්. Wandergesellen යනුවෙන් තමා ඔවුන්ව හැදින්වුයේ . ඔවුන්ගේ ඇදුමේ බොත්තම අටකින් දවසට පැය අටක් වැඩකරන බව සහ අනිත් බොත්තම් හයෙන් සතියට දින හයක් වැඩකරන බව හැගවෙනවා. එසේම නැවත ගෙදර එනකොට අතේ තිබිය යුත්තෙත් යුරෝ පහක් විතරයි.

ඒ වගේම තමා වැනි ශත වර්ෂවල ස්වීට්සර්ලන්තයේ බොහෝ තරුණයින් වෙනත් රටවලට සංක්‍රමණිකයි ලෙස ගියා. ඒ කාලයේ ගොවි පවුල් වල දරුවන් කොපමන හිටියත් එක්කෙනෙකුට තමා ගොවිපල හිමිවූයේ . ඉතින් අනිත් දරුවන් කොහේ හෝ ගොස් ජීවිත ගොඩනගාගත් යුතුයි. මධ්‍යකාලීන යුගයේ ස්විස් තරුණයින් කුලී හේවායන් ලෙසත් ගිහින් තියෙනවා. කුලී හේවායන් සැපයිමේ තැරැව්කරුවන් එයින් ධනවත් වුනා. තැබැරුම් වල තරුණයින්ට බොන්නදී කුලී හේවායන් ලෙස බැදීමේ කැමැත්ත පලකරන ලිපිවලට අත්සන් ගත් අවස්ථාත් තියෙනවා.

ලෝකය කාර්මීකරණයවී මහා කර්මාන්ත ඉදිවීමත් සමග කාර්මීකයින් එංගලන්තයට ඔත්තුකරුවන් ලෙස ගොස් යන්ත්‍ර නිෂ්පාදනය ගැන තොරතුරු දැනගෙනවිත් , මෙහි යන්ත්‍ර නිශ්පාදනය ආරම්භ කල බවත් කියනවා.රෙදිපිලි කර්මාන්තයේ තාක්ෂණය ,රෙදිපිලි කර්මාන්තයට අවශ්‍ය යංත්‍ර සූත්‍ර නිශ්පාදනයත් එසේ දියුණු කල බවත් කියනවා.

ඒ වගේම මෙහි ගොවිබිම් වල වැඩකිරීමට නැගෙනහිර යුරෝපයේ ජනයාත් පැමිණෙනවා. වගා අරබන අප්‍රියෙල් සිට අස්වනු නෙලා අවසන් වන ඔක්තෝබර් දක්වා ඔවුන් මෙහි වැඩකරනවා. වින්ටර් එකට නැවත තම රටවල් වලට යන ඔවුන්ද Wanderarbeitern ලෙස තමා හදුන්වන්නේ.

දැන් කාලේ වගේ ඒකාලේ සංනිවේදය දියුණු නෑ. ලිපි හුවමාරුව උනත් තිබුනේ නැත්තේ රස්සාවල් යොයා ඇවිදයන්නන්ට ස්ථීර තැනක් නැති නිසා.

යොහානස් ගමෙන් පිටවෙනකොට ඔහුට නව යොවුන් වියේ පෙම්වතියක් හිටියා. අවුරුදු ගානක් රටේ තොටේ ඇවිදලා ගමට එනකොට තම පෙම්වතියට මල් කළබක් ගන්න යොහානස් කල්පනා කලා. ඉතින් ඔහු ගොවිපළකට ගියා මල් මිලදීගන්න.  මල් මිළදී ගත්තට පස්සේ තමා ඔහු දැක්කේ එහි ගෙවිළිය තම පෙම්වතිය බව. ඔහුගේ හිතේ ඇතිවූ වේදනාව , ඔහුට දරාගන්න බෑ. ඔහු ආපහු හැරිලා නොගොස් ආපූ අතටම ඇවිදගෙන ගියා.

ඔහු සදහටම ගම අතහැර  ගියාද කියන්නත් බෑ.

හැබැයි ස්වීට්සර්ලන්තයේ යුවතියන් එසේ ගියේ නැ. හැබැයි ඔවුන් භාෂාව ඉගෙන ගන්න කාලයක් ගෙවල්වල වැඩට යනවා.ජර්මන් කතාකරන අය ගියේ ප්‍රංශ කතාකරන ප්‍රාන්තවලට , ප්‍රංශ කතාකරන අය ජර්මන් කතාකරන ප්‍රාන්ත වලට . ඉර්මාත් එහෙම ජිනිවාවල ගිහින් කොම්පැනියක වැඩ කරලා. ප්‍රංශයෙත් ගෙදරක හිටියා කියලත් කීවා.

” පස්සේ පස්සේ යුවතියන් එංගලන්තයේ , ඇමරිකාවේ පවා යන්න ගත්තා. මාත් කාලයක් එංගලන්තයේ හිටියා. දැන් කාලේ වගේ නෙවි ඒකාලේ පාරේ වාහන නවත්තගෙන යන අවස්ථා තිබුනා. මම ත් දවසක් ස්කොට්ලන්තයට ගියේ එහෙමයි” ඇය කීවා.

උබ දන්නවද දැන් ස්වීට්සර්ලන්තයේ ඇවිදීම (wandern ) විනෝදාංශයක් වුනාට ඉස්සර එහෙම නෑ කියලා . ඊයේ ඉර්මා තමා මට ඔය කතා කිව්වේ.

ඊයේ මම ඉර්මා හමුවෙන්න ගියේ මේ මාසයේ වේදිකාගත වෙන අපගේ නාට්‍යයේ ගැයෙන ජන ගී කිහිපයක් ගැන අවබෝදයක් ගන්න. නාට්‍යයේ අපි කදු නගින කංඩායමක් . විවිධ සමාජ පසුබිම් සහ වෘත්තීන් වල යෙදෙන දාහතර දෙනෙක් . බෝඩිම් කාරයින්, නිවාස අහිමිව පාරට වැටුන අයෙක් , තම ලිංගීක අන්‍යයතාවය සඟවා ජීවත්වෙන ලෙස්බියන් යුවලක් .,තනිකඩ යුවතියන් , දරු දෙදෙනෙක් සිටින පවුලක් ,බල්ලෙක්ද ඒ කදු නැගීමට එක්වෙනවා. ඇතැමුන්ට තමන්ගේ ජීවිතයට දෙවන අවස්ථා හිමිවීම ගැනත් එහිදී දැකගැනීමට පුලුවන් වෙනවා.

(ලංකාවේ හිටපු වෘත්තීය සමීතී , දේශපාලන ක්‍රියාධරයෙක් මාධ්‍යවේදීයෙක්.දේශපාලන සිරකරුවෙක්.)

More From Author

ගිම්හානයට ළංවුණ වසන්තයේ දවසක්…

සිත බැඳුණු සුනිල මිණක්

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348