කහපාට රෙදි හැඳි ගැහැණු තිදෙනෙක්

කහපාට රෙදි හැඳි ගැහැණු තිදෙනෙක්
හමුවීය
නිල් පාට අහස . සයුරට මුණ ගැසෙන
ක්ෂිතිජයේ දී
තිදෙනා රැගෙන ආ පොදී බර අතර
සිදී ගිය කහපැහැති බිදී ගිය නුපුරයක ඉතිරියක් විය.

පෙර රාත්‍රියේ, කලින් රතු හැඳි හමුදා මි මැස්සා ගේ පහරෙන්
ඉතිරි වී ගිය ඒ නුපුරයේ එක් කොනක්, කහපැහැති රෙදි ඇඳී
යුක්රේන ස්ත්‍රිය ගේ ය.

පංතියේ විමුක්තිය ඇය විඩා කරවා, දුර බලන හිස් එහෙත් තවම කොනක පණ ගහෙන් පොරොත්තුවක් සහිත
යුක්රේන ස්ත්‍රිය, “මි මැස්සා විසින් ඇකයේ දී, නිහඬ කළ දියණිය තබා ගිය , නුපුරයේ පොරෝතුව , නුඹට  “. පැවසිය
හැරෙමින් තවම අන්රෝ වැසි වැටෙන, දෑස හිමි, කහපාට සළුවෙන් , කෙස් වසා සිටින, ගාසාවේන් පැමිණි ස්ත්‍රිය ට.

කුස ගින්න, ඊශ්‍රයල, මි මැසි පහර ඉක්මවූ හෙයින්, දියණි ය යටත් විය, රුහුරෙන් වැසුනු මව් බිමට, එහෙත් ඇය යේ නුපුරය ගෙනාවේ ,වෙල්ලමුල්ල වයික්කාලෙන් ය,පෙරදින , බලා සෘජුවම කෙසරු රතු පාට පොට්ටුවෙන් වැසුනු මුහුණක් සහ කහ සාරි කොනක් වූ ස්ත්‍රිය දෙසට ..

ඔව් මමයි දුන්නේ ඒ නුපුරය, ලංකා හමුදාවේ මි මැස්සන් පහර පිට පහර ගසන විට තල් ගස පේළියට, දියණිය ගියා රැකුමට තවත් නුපන් දියණියන් ….
ඔව් අපි ඒ දියණියන් ගේ මව්වරුය.කහපහැති රෙදි කඩක් හැඳ , නුපුරය අතින් ගත් ඒ දියණියන් ගේ මව්වරුය  

More From Author

මහේෂි බී විරකෝනගෙන් පරිවර්තන කෘතියක්

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය:10 කොටස

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348