දර්ශනී වනිගසේකර
රතුපාට බෙන්ස් රථයෙන් බැස
මිලාධික ඔලිව් පැහැ
සිල්ක් ටොප් එකකින් සැරසී
ගුචී බෑගයක්ද අත දරා
ටොක් ටොක් හඩ නගමින්
රාජකීය ලීලාවෙන් ඇවිද යන මැතිණිය
අවට ඇති සියලු ඇස්
තමා දෙසටම හරවාගෙන
ඇතැම් හවස්වරුවල
කිරි සුදු පාට ප්‍රාඩෝ රථය
ශ්‍රැන්ග්‍රීලා රථ ගාලේහී විරාජමාන කර
අහස් නිල් පාට
සිල්ක් ටොප් එකකින් සැරසී
හයි ටී එකට විත්
අලුතෙන්ම හදුනාගත්
මිතුරියක සමගින්
හඩ නගා සිනාසෙන
දුටු දුටුවන්ට
මෙලොව රූමත්ම ප්‍රීතිමත්ම කාන්තාව(විවාහක ) මේ යැයි ඇගිල්ලෙන් ඇන පෙන්වා
රාජකීය ලීලාවෙන් ඇවිද යන මැතිණිය
සියලු සිත් විසිරුවා දමමින
කෙතරම් සුඛෝපබෝගී
රථයක් තුල වුවද
ගතින් මෙන් සිතින්ද විඩා පත්ව
තෙමහල් මහා මන්දිරය වෙත ඇදෙන
සිනා වෙස්මුහුණ ගලවා දමා
ශෝකී විරාගී සෑබෑ ස්වරූපය
කැඩපතට පමණක් පෙන්වන
රාජකීය ලීලාව පහව ගොස් අසරණවූ මැතිණිය
හෙටත් කැළල් සගවා අදින්නට
මිලාධික සිල්ක් ටොප් තෝරන
(සමාජ මාධ්‍ය ජාලා වල ජනප්‍රිය වූ
අම්රිතා කෙටි කතාව ඇසුරිනි.)





