දිවි පෝරණුව ලග මං තාමත් රැදිලා

තුෂාරි විජේනායක    

එළිවෙන පැයට සුවදම දස අත පතුරා
යන්නට නිදහස්ව ඉඩදී ගිනි නිවලා
දිවිදහසක් විතර ගියමුත් නිදහස ලබලා
දිවි පෝරණුව ලග මං තාමත් රැඳිලා

අනා සුමට කර පදමට ගෙන සොඳට
දමා වතුර සකසමු අඩුවක් කුමට
නිවා දැමු කලට ගින්දර නිසි ලෙසට
ඔවුන් යන්න යයි නිදහස ලැබු කලට

රැයක් පුරා නිදි වරමින් සිත වෙහෙසා
අනත් පනත් බලමින් සැකසුම් සකසා
හැඩක් රසක් ගෙනදී වෙහෙසක් දරලා
ඉඩක් දෙමු යන්න ඇවිළුන ගිනි නිවලා

නාටක අවසන්ව නිසි හැඩ රුව ලබලා
යා හැක යන්න ලැබු දුක් ගින්දර නිවිලා
මාවත ව්වර වුන පසු නිදහස ලබලා
කාටද මතක පෝරණුවක හිමිකරුවා

සියදහසකුත් එකකටවැඩ් ගිනි නිවිලා
රසවත් සුවදවත් වෙති සැනසුම ලබලා
දහසක් දනන් ගියමුත් නිදහස ලබලා
දිව් පෝරණුව ළග මං තාමත් රැඳිලා

සිතුවම අන්තර්ජාලයෙනි

More From Author

මුස්ලිම් ලෝකය ෂේක්ස්පියර්ගේ ලේඛනයේ හදවතයි !

රන් රෝස මලක් සොයා ගිය සඳ ගමනක්

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348