ලෝක ඉතිහාසය යනු ලෝක අරගලවල ඉතිහාසයයි

මානව සමාජ ඉතිහාසයෙහි අරගලය එහි විවිධ ස්වරූප මත පැනනගීග එය කැරැලිල නැගිටීම්
විරෝධතා, විප්ලව, නිදහස් සටන් විමුක්ති ව්‍යාපාර, සංග්‍රාම සහ කුමන්ත්‍රණවලට පමණක් ඌනණය
නොවන අතර, එය මානව සමාජ සම්භවයේ සිට සමස්ත මානව පැවැත්ම සහ ප්‍රගමනය සමඟ
අඛණ්ඩව සහ අවියෝජනීයව සම්බන්ධ ප්‍රපංචයකි. මානව සමාජ සංවිධානයේ, පැවැත්මේ සහ
පරිණාමයේ පදනමේ ඇති මූලධර්ම සහ නියමයන් ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලය ලෙස විවිධ ස්වරූපයේ
අරගල ඇතිවන අතරල එය මානව වර්ගයාගේ පැවැත්මේ සහ ප්‍රගමනයේ නියමානුකූලතාවක් ලෙස
ක්‍රියාත්මක වේ. මානව සමාජය බිහිවීමත් සමඟ ඊට ආවේණික බලය නමැති ප්‍රපංචය ද බිහිවූ අතරල ඒ සමඟ ම අරගල ද බිහිවීය.
මිනිසුන් අරගල කරන්නේ ඇයි ? යන්න ශිෂ්ටාචාරික ලෝකය ආරම්භයේ සිට ම මානව වර්ගයා
කණස්සල්ලට පත්කළ ප්‍රශ්නයක් වීය. එම ප්‍රශ්නයට ලබාදෙන පිළිතුර මත මුළු ඉතිහාසය පුරා ම සියලු රාජ්‍යවල ඉරණම තීරණය වී ඇත. සමාජ අරගලයෙ හි උත්මූලමය ස්වරූප වන විප්ලවල නැගිටීම්, කැරැලි, සංග්‍රාම ආදියට මිනිසුන් පොළඹවන හේතු අවබෝධ කරගැනීම මානව වර්ගයාගේ
සහජීවනාත්මක සහ සංවර්ධනාත්මක සත්තාව සහ ප්‍රගමනය සහතික කරගැනීම සඳහා අපට උපකාරී
වනු ඇත. ලොව බොහෝ කීර්තිමත් චින්තකයන් මෙම ගැටලුව කෙරෙහි අවධානය යොමුකළේ
එබැවිනි.
ලෝක ඉතිහාසයේ විප්ලවල කැරැලි, අරගල, නැගිටීම් රාශියක් සිදු වී ඇති අතරල ඒවායින් සමහර
ඒවා සාර්ථක බවට දල තවත් සමහර ඒවා අසාර්ථක බවට ද පත්ව ඇති අතරල එසේ ම එම අරගලවල
ප්‍රතිඵල සාධනීයව ප්‍රගතිශීලීව දල නිශේධනීයව ප්‍රතිගාමීව ද මානව සංහතියේ ඓතිහාසික සමාජ
පරිණාමීය ක්‍රියාවලියට සුවිශාල බලපෑමක් සිදුකර ඇති බව සඳහන් කළයුතුය.
මානව සමාජ පරිණාමයෙහි පූර්ව සමාජ අවධියේ දී මානව වර්ගයාගේ ඉතිහාසයෙහි පළමු
ජයග්‍රාහීිවිප්ලවය මීට වසර 4400කට පමණ පෙර සුමේරියානු – නගර ප්‍රාන්තයේ ලගාෂ් හි ඇති වීය. දැරිය නොහැකි අධික බදුබරල අයථා ක්‍රියා සහ පූර්ණ දිළිඳුභාවයට ජනතාව පත්කිරීමේ ප්‍රතිඵලය ලෙස
රජුට සහ ප්‍රාදේශීය වංශාධිපතීන්ට එරෙහිව ජනතාව එම අරගලයට අවතීර්ණ වීය. සමාජ ප්‍රපංචයක්
ලෙස විප්ලව ඇතුළු අරගලවල විවිධ ස්වරූප අප අවබෝධ කරගන්නා ආකාරය බොහෙවින් වැදගත්
වේ. එයින් තොරව මානව සමාජ ඉතිහාසය තුළ විප්ලවල අරගල, යුද්ධ ආදී ප්‍රපංච කුමන භූමිකාවක්
ඉටුකර තිබේ ද යන්න විනිශ්චය කිරීම දුෂ්කරය.

මේ ඔබ අත පත්වන අනුර බී. සෙනෙවිරත්න නම් පර්යේෂකයාගේ ලෝක අරගල ඉතිහාසය
නැවත කියවමු. කෘතිය ඒ සඳහා අත්පොතක් ලෙස සැලකිය හැකිය.

මනුෂ්‍ය වර්ගයාගේ සමාජඉතිහාසයේ නියමානුකූලතා සමාජ අරගලය ඔස්සේ කියවා ගැනීම සඳහා මෙම කෘතිය මගින් පුළුල් සංකල්පීය-න්‍යායික සහ ද්‍රෘෂ්ටිවාදී-ක්‍රමවේදාත්මක ප්‍රවේශයක් සපයන්නේය.

ඕනෑම ක්ෂෙත්‍රයක උත්මූලමය සහ සාකල්‍යමය පරිවර්තනයක් වචනයේ පුළුල් අර්ථයෙන්
විප්ලවයක් ලෙස සැලකිය හැකිය. මානව වර්ගයා සිය පරිණාමයේ දී ජෛව-සත්ත්ව සහ ප්‍රකෘති
මට්ටමේ සිට ජෛව-සමාජ (මානව) හා කෘත්‍රිම මට්ටමකට අවතීර්ණ වීම ප්‍රාරම්භය සනිටුහන් කරන ප්‍රථම විප්ලවය ලෙස සැලකිය හැකිය. එය මානව වර්ගයාගේ සම්භවය වන අතර මල එය ස්වභාවධර්මයේ සිට ඉතිහාසයට ඇතුළුවීමක් ද වේග එසේ මල එය අවිංඥානික අවකාශයේ සිට සවිංඥානික අවකාශයටද ඇතුළුවීමකි. ඓතිහාසික සමාජ සංවර්ධනයේ එක් අදියරක සිට තවත් අදියරකට වෙනස්වීම සෑමවිටම විප්ලවීය ආකාරයෙන් සිදුවීය. එක් ආකාරයක විඥානය තවත් ආකාරයකට ප්‍රතිස්ථාපනය වීය. සමාජ සංවිධානයේ පැරණි ආකෘතිල මූලාකෘති මූලික වශයෙන් නව මාදිලියක් මගින් ප්‍රතිස්ථාපනය වීය. ඓතිහාසික සමාජ සංවර්ධන ක්‍රියාවලිය තුළ ප්‍රධාන විප්ලව හෝ විප්ලවීය යුග කිහිපයක් දැකිය හැකිය. නව ශිලා විප්ලවයල පෞරාණික විප්ලවයල වැඩවසම්වාදී විප්ලවයල ධනේශ්වර විප්ලවය සහ කොමියුනිසිට්වාදී විප්ලවය ඒ අතර වේ.
අනුර බී. සෙනෙවිරත්න ලෝක අරගල ඉතිහාසය නැවත කියවමු කෘතිය තුළ ප්‍රමුඛ අවධානය යොමු කරන්නේ සමාජ-දේශපාලනිකල ජාතික-විමුක්ති සහ නිදහස් අරගල ස්වභාවයක් දරන ඓතිහාසික සටන් කෙරෙහි යග මෙම කෘතියේ විශේෂත්වය වෙන්නේ විප්ලවල අරගල, සංග්‍රාම ආදී
සංසිද්ධීන් හුදකලාව ගෙන විස්තර කිරීමකින් තොරවල අදාළ ප්‍රපංච ඓතිහාසික ක්‍රියාවලිය තුළ වර්ධනයවී ප්‍රකට වන ආකාරය විග්‍රහ කිරීම කෙරෙහි අවධානය යොමුකර තිබීම බව සඳහන් කළයුතුය. මෙහි දී මෙම කෘතියේ කතුවරයා මානව වර්ගයාගේ ඉතිහාසයේ නූතන යුගයේ පරිණාමීය දිශානතිය
හැඩගැස්වීම සඳහා පමණක් නොවල අනාගත සමාජ පරිණාමයේ දිශානතිය තීරණය කිරීම සඳහා මහා
ප්‍රංශ විප්ලවයල ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයල චීන කොමියුනිස්ට් විප්ලවය සිදුකර ඇති බලපෑම පිළිබඳව සිය සුවිශේෂ අවධානය යොමුකර තිබේ. අනුර බී. සෙනෙවිරත්න පර්යේෂකයා මෙම කෘතිය තුළ එම දැවැන්ත සිදුවීම්වල ඓතිහාසික සහ යුග සාදන වැදගත්කම මෙන් මල භූමිකාව ද මතුකර දක්වා තිබීම අද්‍යතන සමාජය සිය සමාජ පරිහරණය තුළ මුහුණු පා සිටින අර්බුදාත්මක සහ
අභියෝගාත්මක තත්ත්වය ගැඹුරින් අවබෝධ කරගැනීම සඳහා අතිශය වැදගත් වන බව අපගේ අදහස
යි. ප්‍රංශ විප්ලවය අවශ්‍යතාත්මකව වැඩවසම්වාදය නිමාවට පත් කළේය.

ලෝක ශිෂ්ටාචාරයේ
මුහුණුවර ප්‍රබල ලෙස වෙනස් කළේය. බටහිර සමාජය සාම්ප්‍රදායිකග වැඩවසම්වාදී සමාජයේ සිට
ධනේෂ්වර සමාජයට පරිවර්තනය වීම ආරම්භ කළේය. ප්‍රංශ විප්ලවය විප්ලවීය ද්‍රාෂ්ටිවාදයේ ඉදිරි
සංවර්ධනයට පාදක වූවා පමණක් නොවල විප්ලවය විද්‍යාත්මක අධ්‍යයනයේ විෂයයක් බවට ද පත් කළේය. ඊට සමගාමීව සමාජ ප්‍රගතිය පිලිබඳ න්‍යාය ද බිහිවීය. ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය යන ලොව මෙතෙක් සිදුවූ අසිරිමත් විප්ලවය’ ගගන යැයි කතුවරයා සඳහන් කරමින් එහි යුගකාරක වැදගත්කම අවධාරණය කරන්නේ යග ඔක්තෝබර් විප්ලවය මානව වර්ගයා ධනවාදයේ සිට කොමියුනිස්ට්වාදයට පරිවර්තනය කිරීම ආරම්භ කළා පමණක් නොවල එය මානව සමාජ පරිණාමයේ නව පරිණාමීය මාවතක්ද විවෘත කළේ‍ය.

එය ලොව පුරා ජාතික විමුක්ති ව්‍යාපාර සහ නිදහස් අරගල සඳහා ජීවමාන ආදර්ශයක්, ආස්වාදයක් මෙන් මල පරමාදර්ශයක් වූවා සේ මල අද්‍යතනයෙහි මතු වී ඇති ශිෂ්ටාචාරික සහ මනුෂ්‍යත්වයේ අර්බුදයට ඒකායන විකල්පීය විසඳුමක් ලෙස එහි වැදගත්කම සහ අවශ්‍යතාව අද අන්ක වරදාටත් වඩා මනුෂ්‍ය වර්ගයාට දැනෙමින් පවතින බව අපගේ වැටහීමයි.දඩයම් කිරීමේ සහ පලවැල එකතු කිරීමේ සිට සත්ත්ව පාලනය සහ කෘෂිකාර්මික ආර්ථිකයකට
මාරුවීම මනුෂ්‍ය ජීවිතයෙ හි සියලු පැතිකඩ නවීකරණයට ලක්කළ නව ශිලා යුගයේ විප්ලවය වූ අතර
එය මීට වසර 12000කට පෙර සිදුවී යග මීට වසර 2800-2600 අතර කාලය තුළ ප්‍රථම පෞරාණික
විප්ලවය පැරැණි ග්‍රීසියේ ඇතිවූ අතරල එය සමාජයේ ආර්ථිකයේ සිට සංස්කෘතිය දක්වා වූ ග්‍රීක ජීවිතයේ සියලු පැතිකඩ කෙරෙහි ගුණාත්මක වූ දල තීව්‍ර වූ ද සංවර්ධනයක් ඇති කළේය. පෞරාණික විප්ලවයේ පූර්ව යුගය තුළ දිව්‍යාධිපත්‍යය යටතේ ඓතිහාසික ක්‍රියාවලියේ අවේදක තත්ත්වයක පසු වූ මිනිසා පෞරාණික විප්ලවයේ පශ්චාත් අවධිය තුළ ජනතා පරමාධිපත්‍යය යටතේ ඓතිහාසික ක්‍රියාවලියේ වේදකයකු බවට පත්වීය.
මෙසපොතේමියාවල ඊජිප්තුව හා ඉන්දු ශිෂ්ටාචාර සහ ලෝකඩ යුගයේ දේශපාලන ඒකාබද්ධ වීම්
පූර්ව පරිණාමීය යුගයට අයත් වූ අතරල එහි විශේෂත්වය වූයේල පෞරුෂත්වය සහ වේදකත්වය රහිත වීමයිග පෞරුෂයේ සහ වේදකත්වයේ භූමිකාව දිව්‍යත්ව මගින් ඉටුකරන ලදි. පාලකයා දිව්‍ය බලයේ
පරිවර්තකයකු ලෙසල මැදිහත්කරුවකු ලෙස සහ නියෝජිතයකු ලෙස පමණක් ක්‍රියා කළේය. පශ්චාත්
පෞරාණික යුගයේ දී මානව විඥානයෙහි විප්ලවීය පරිවර්තනයක් සිදුවූ අතර, විශේෂයෙන් ම එය
දෙවියන් සමඟ වූ සම්බන්ධතාව වෙනස්වීම තුළ ප්‍රදර්ශනය වීය. මේ අනුවල දේව පරමාධිපත්‍යය
ජනතා පරමාධිපත්‍යය බවට පත්වීය. එය මානව වර්ගයාගේ විඥානයේල චින්තනයේ, අධ්‍යාත්මික
ලෝකයේ පමණක් නොව, දේශපාලන ක්‍රියාවලියෙහි ද විප්ලවයක් සනිටුහන් කළේය.
පශ්චාත් පෞරාණික ශිෂ්ටාචාරවල අභාවයෙන් අනතුරුව ඓතිහාසික ක්‍රියාවලියේ තුන්වන
අවධිය ආරම්භවේ. නමවන සහ දහවන සියවස්වල යුරෝපය පුරා වැඩවසම්වාදී විප්ලව සිදුවීය.
දහසය සහ දහඅට වැනි සියවස්වල යුරෝපයෙහි ධනේෂ්වර විප්ලව මාලාවක් සිදුවූ අතර එය නූතන
යුගයට මාර්ගය විවෘත කළේය.
ඓතිහාසික ක්‍රියාවලියේ අවියෝජනීය කොටසක් ලෙස මානව සමාජ පරිණාමයේ විවිධ යුගවල
දී ඇති වූ සමාජ විප්ලව මානව සමාජ සංවර්ධනය සඳහා ඉටුකර ඇති භූමිකාව සහ අද්‍යතන ගෝලීය
සහ පශ්චාත් ගෝලීය සන්දර්භය තුළ ඇති වූ විප්ලවල සමාජ සංවර්ධනයේ උපකරණයක් ලෙස
වලංගුතාවක් පවතින්නේ ද යන්න පිළිබඳව ඉතා වැදගත් ප්‍රශ්නයක් බව සඳහන් කළ යුතු යග 16 වැනි
සියවසේ ආරම්භයේ සිට එනම් කාර්මික විප්ලවයේ ආරම්භයත් සමඟ සමාජ විප්ලවවල ස්වභාවය
වෙනස් වී ඇති අතර එසේ ම ඒවායේ වැදගත්කම තියුණු ලෙස වර්ධනය වී ඇති බව ප්‍රත්‍යක්ෂ වේ.
නමුත් සමාජීය ප්‍රපංචයක් ලෙස විප්ලවවල සමාජ භූමිකාව පසුගිය සියවස තුළ හීනවීමට හේතු වූ
කාරණා ගවේෂණය කිරීම කාලීන සහ ජාතික මෙන්ම ගෝලීය වශයෙන් ද වැදගත්කම් දරන බව
අපගේ හැඟීමයි. විශේෂයෙන් ම අද්‍යතනයේ දී විප්ලවයේ කාර්යභාරය භූ-දේශපාලනිකල භූ-ආර්ථික
ආයුධයක් ලෙස භාවිත කරන ආකාරය විශ්ලේෂණය කිරීම විශාල වටිනාකම් ඇතිකරන බව අවධාරණය කළයුතුය.
21 වන සියවස ආරම්භයේ සිට විරෝධතාල අරගල ලොව පුරා සක්‍රිය වන්නට වූ බව පෙනේ එම තත්ත්වයට එක් අතකින් විවිධ රටවල නිදන්ගතව තිබූ ගැටලුවලට තුඩුදෙන විභව්‍යතා සක්‍රිය වීම
මෙන් මල අනෙක් අතින් මෑත කාලයේ ක්‍රියාත්මක කරන ලද සමාජ-ආර්ථික හා දේශපාලන
ප්‍රතිපත්තිවලට දක්වන ලද ප්‍රතිචාරයක් ලෙස ද විවිධ රටවල විරෝධතා, අරගල උග්‍රවීම සිදුව ඇති බව
පැහැදිලි වේ. අරගලවල පරිමාණයල දීර්ඝත්වය සහ අඛණ්ඩතාව මත ඒ-ඒ රටවල සිදු වූ වෙනස්කම්
යම්-යම් ප්‍රතිසංස්කරණවලට සීමා වූ අතරල තවත් අවස්ථාවක එය විවිධ රටවල පාලන තන්ත්‍ර වෙනස්වීම දක්වා ද ගමන් කළේය.
එසේම එම අරගල උද්ගත වීම විවිධ හේතු සාධක සමඟ සම්බන්ධ වූ අතරල ඉන් සමහර
අරගල සමහර රටවල අභ්‍යන්තර හේතු නිසා දල තවත් සමහර රටවල බාහිර හේතු නිසා ද ඇති වූ බව
පෙනේ. බොහෝවිට එම හේතු දෙකේ ම සංකලනයක් නිසා ද එකී අරගල සිදු වූ අතරල ඉතා වැදගත්ම කාරණය වෙන්නේ බොහෝ අරගල උපකරණයක් ලෙස විවිධ බලවේග මගින් ස්වකීය වුවමනාවන්
සඳහා යොදවා ගැනීමේ ප්‍රවණතාව දේශීය මෙන් ම ගෝලීය ස්වරූපයක් ද අත්කර ගැනීමයි.
මානව සමාජයෙහි පරිණාමයේ අද්‍යතන අවධිය සුවිශේෂත්වයක් ලෙස සමාජල ආර්ථිකල
දේශපාලනිකල තාක්ෂණික තත්ත්වයන් සංකීර්ණ වීමල විවිධ සමාජ පන්ති අතරල සමාජ ස්ථර අතර සමාජකණ්ඩායම් අතර ප්‍රතිවිරෝධාවන් උත්සන්න වීම තුළ වර්තමාන සමාජයේ විරෝධතා, උද්ඝෝෂණ, අරගල, ගැටුම් සංඛ්‍යාව ප්‍රමාණාත්මකව වැඩි වී ඇති අතරල එම අරගලවල විවිධත්වය දල ස්වරූප දල තීව්‍රතා ද වර්ධනය වී ඇති බව පෙනේ. මේ සන්දර්භය තුළ විවිධ සමාජ පර්යේෂකයන්ගේ සහ චින්තකයන්ගේ අවධානය අද්‍යතන අරගල ප්‍රපංච විශ්ලේෂණය කිරීම කරෙහි යොමු වී ඇති බව පෙනේ. සමාජ පරිණාමයේ ද්‍රෘෂ්ටිකෝණයෙන් සලකා බලන විට අරගල යන්න නිෂේධනීය
ප්‍රපංචයක් නොවල එය මානව සමාජවල පැවැත්මේ සහ වර්ධනයේ නියමානුකූලතාවල ප්‍රකාශවීමකිග ඒනිසා ඒ පිළිබඳව යථාර්තවාදී වූ දල විද්‍යාත්මක වූ දල විචාරාත්මක වූ ද අවබෝධයක් අන් කවරදාකටත්වඩා අද වැදගත් වන බව සඳහන් කළ යුතුය. මේ අනුවල අනුර බී. සෙනෙවිරත්න නම්
පර්යේෂකයාගේ ලෝක අරගල ඉතිහාසය නැවත කියවමු කෘතිය අපට වැදගත් වෙන්නේ ලෝක
යුද්ධල විප්ලවල අරගල පිළිබඳ හුදු ඉතිහාස කෘතියක් ලෙස පමණක් නොවල ඉන් ගම්‍යවන මානව සමාජ පරිණාමීය ක්‍රියාවලිය තුළ අරගලය යන ප්‍රපංචය මගින් ප්‍රකට වන නියමානුකූලතාව අවබෝධ
කරගැනීමේ අර්ථයෙනි එහි දී මෙම යෙදුම්වල එනම් අරගලය’ විප්ලවය’ කැරැල්ල’ පෙරළිය යුද්ධය’ ආදී පද විද්‍යාත්මක අර්ථයකට වඩා ද්‍රෘෂ්ටිවාදී සහ ප්‍රචාරණාත්මක අර්ථයකින් භාවිතයට ගන්නා බව පෙන්නා දිය යුතු සමාජ විද්‍යාත්මක සහ දේශපාලන විද්‍යාත්මක ක්ෂේත්‍රවල මෙකී වචන යොදාගැනීම සහ ඒවායේ නිර්වචන පිළිබඳව ඒකමතිකත්වය නොමැති අතර එය මෙකී ක්ෂෙත්‍රය පිළිබඳව විද්‍යාත්මක විශ්ලේෂණයකට ඇති ප්‍රබල බාධාවකි සමාජ වෙනස්වීම් සහ ගතික අදහස් කිරීම් සඳහා පාවිච්චි කරනු ලබන අරගලය’ විප්ලවය’ කැරැල්ල’ පෙරළිය’ යුද්ධය’ ආදී සංකල්පවලට නිශ්චිත සුපැහැදිලි ඒකීය අර්ථයක් නොමැතිවීමත්ල ඒවායේ පවතින අර්ථ බහුල්‍යත්වයත්ල අදාළ ප්‍රපංචවල ගතිකත්වයත් නිසා ඒකීය පදාර්ථ පද්ධතියක් සකසා ගැනීම දුෂ්කර බව සඳහන් කළයුතු යග නමුත් දශලක්ෂ සංඛ්‍යාත ජනතාව සම්බන්ධ ක්‍රියාකාරකම් සහ ඒ ආශ්‍රිතව උද්ගත වන විවිධ ගතිකල ප්‍රවණතා සහ ප්‍රපංච වටහාගැනීමේ දී විද්‍යාව පමණක් නොවල ද්‍රෘෂ්ටිවාදය ද ප්‍රබල භූමිකාවක් ඉටුකරනු ලබයි.
නිදර්ශනයක් ලෙස මේ හෝ ඒ දෙය පිළිබඳව සත්‍යාසත්‍යතාව නිශ්චය කිරීමට විද්‍යාව වැදගත්
වන අතර සමාජීය ජනතා ක්‍රියාවලීන් සංවිධානය කිරීම මෙහෙයවීම සහ ඒවා පාලනය කිරීම ආදී
කටයුතුවල දී ද්‍රෘෂ්ටිවාදය වැදගත්වේ. මේ නිසා සමාජීය ප්‍රපංච අධ්‍යයනයේ දී හුදු විද්‍යාත්මක ප්‍රවේශය
සහ ද්‍රෘෂ්ටිවාදී ප්‍රවේශයට වෙනස්ව ප්‍රබුද්ධවේදී ( Intellectology) ප්‍රවේශය අනුගමනය කිරීම සමාජ
යථාර්ථය හෝ සමාජ ප්‍රමිතීන්ගේ හරය අවබෝධ කරගැනීම සඳහා වැදගත් වන බව අපගේ හැඟීමයි.
මෙම උක්ත කෘතිය තුළ අනුර බී. සෙනෙවිරත්න පර්යේෂකයා එම ප්‍රබුද්ධවේදී ප්‍රවේශය ඔස්සේ
අදාළ ප්‍රපංච විමසා බලා තිබීම විශේෂත්වයකිග මෙම කෘතියේ කතුවරයා ලෝක ඉතිහාසයෙහි වරින්වර සිදු වූ යුද්ධල විප්ලවල අරගල කැරැලිල ගැටුම් ආදී පුළුල් පරාසයක සමාජීය ප්‍රපංච හැඳින්වීම සඳහා වඩාත්පොදු සංකල්පය ලෙසි අරගලය’ යන සංකල්පය යොදාගෙන තිබේග එය ඉතා ම තාර්කික බව අපගේ අදහසයි.
සමාජ-දේශපාලන චින්තනයෙහි ඉතිහාසය පරීක්ෂා කර බැලීමේ දී බොහෝ විද්‍යාඥයන් සහ
පර්යේෂකයන් අරගලය යන සංකල්පයියමකට දක්වන දැඩි විරෝධතාවක් ලෙස’ විවිධ යෙදුම්වල
ඇති අර්ථ අනුව අපට ඒකාබද්ධ කළ හැකි යග විශේෂයෙන් මල ඉංග්‍රීසි භාෂික සාහිත්‍ය ලෝකයෙහි
‘අරගලය’ යන පදය පුළුල් පරාසයක් ආවරණය කිරීම සඳහා යොදාගන්නා බව පෙනේ.
එනම් එය ප්‍රතිකාරයට හෝ නවෝත්පාදනයේ සිට දේශපාලන අරගල සහ විප්ලවයට තුඩුදෙන
කැරැලිකාර ආවේගය දක්වා භාවිත කරයිග මෙම නිර්වචනයට අනුව පවා අරගලය’ යන ප්‍රපංචයේ අර්ථ නිරූපනය කෙතරම් බහුවිධ විය හැකි ද ? අරගලය යන සංකල්පය බොහෝ කාලයක් සාකල්‍ය සහ ක්‍රමානුකූලව සමාජ-දේශපාලන විද්‍යා අධ්‍යයන ක්ෂෙත්‍රයෙහි භාවිත නොවීම මෙම ප්‍රපංචයේ
සංකීර්ණතාව තවත් වැඩි කරන්නේය. එමනිසාල මෙම කෘතිය අරගලය’ යන සංකල්පය යොදාගැනීම
ඒ හා සමාන වෙනත් සමාජ-දේශපාලන ප්‍රපංච වන කැරුලිල නැගිටීම්ල විරෝධතාල පෙරළි විප්ලවල
කුමන්ත්‍රණල තන්ත්‍ර මාරුකිරීම් ආදිය පිළිබඳව සොයා බැලීමට අප පොළඹවන්නේය.
සමාජ-දේශපාලන ක්‍රියාවලිය තුළ අරගල පිළිබඳ මුල් ම සංකල්පීයකරණය ආරම්භ වන්නේ
පැරුණි ග්‍රීක චින්තකයන්ගේ දාර්ශනික ප්‍රවේශයන් තුළ බව සඳහන් කළයුතුය. රාජ්‍ය ක්‍රමය වෙනස්
කිරීම සහ පාලකයා ඉවත් කිරීම අරමුණු කොටගත් සමාජයෙහි යම් කොටසකගේ ක්‍රියාවක් වශයෙන්
ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් අරගලය තේරුම් ගත්තේය. රාජ්‍යය තුළ යහපත පිළිබඳ පොදුමත
ඒකීයත්වය බිඳවැටීම නිසා උද්ගතවන ගැටුම්වල ස්වරූපයක් ලෙස ප්ලෝටෝ විසින් අරගලය අර්ථ
දක්වනු ලැබීය.

සමාජයෙහි දේපල හෝ වරප්‍රසාදවල අසමානතාව නිසා කුපිත වූ කොටස් රාජ්‍ය බලය වෙනස් කිරීම සඳහා වූ ප්‍රයත්නයක් ලෙස ඇරිස්ටෝටල් ප්‍රකාශ කළේල කැරැලි සහ කුමන්ත්‍රණ යන පාරිභාෂික වෙත යොමුවෙ. මිනි ඇත්තවශයෙන් ම ඇරිස්ටෝටල්ගෙන් පසුව දීර්ඝ කාලයක් අරගලය’ යන ප්‍රපංචය පිළිබඳව ශාස්ත්‍රීය අධ්‍යයනය ගිලිහී ගියේය. ඒ සඳහා විශේෂයෙන් ඓතිහාසික හේතු බලපෑ අතරල එහි දී ලෝක දෘෂ්ටිවාදය සහ සමාජ ජීවිතය පූජකකරණය වීම මූලික වීය.
යළිත් වරක් අරගල පිළිබඳව චින්තකයන්ගේ අවධානය යොමුවෙන්නේ වසර 2000කට පමණ
පසුව යග එහි දී නිකොලායි මැකියාවෙලී වැදගත් වන අතරල පිළිවෙලට එරෙහිව යෑම අරගලයක්
කැරැල්ලක් වන බවත් පාලකයන් අනුගමනය කරන නොගැලපෙන ප්‍රතිපත්තිවලට දඬුවමක් ලෙස
කැරැල්ල ඇතිවෙන බවත් ඔහු පෙන්නා දුන්නේය. මැකියාවෙලී ප්‍රථම වතාවට සංගතික මනෝවිද්‍යාව
සලකා බලමින් නායකයකු නොමැති අරගලය පාලකයාට භයානක නොවන බව සඳහන් කළේය

මෙහිදී විශේෂත්වය වෙන්නේ අරගලවලටල කැරැලිවලට තුඩුදෙන හේතුව මැකියාවෙලි දුටුවේ ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් මෙන් ද්‍රව්‍යමය සම්පත්වලට පුරවැසියන්ගේ ප්‍රවේශය සීමා කිරීම ලෙස නොවල ඔවුන්ගේ නිදහස සීමා කිරීම ලෙස යග කැරැලි සහ අරගල රාජ්‍යයේ විනාශයට හේතුවන බවත්ල කැරැල්ල මූලික වශයෙන් ම විනාශකාරී ප්‍රපංචයක් බවත්ල එය මිනිසුන්ගේ විෂය මූලික දරිද්‍රතාවෙන් සහ ගෞරවය සඳහාවූ ඔවුන්ගේ අතෘප්තිකර ආශාවෙන් පැනනගින බවත් තෝමස් හෝබ්ස් පෙන්නා දුන්නේය. මිනිසුන්ගේ ස්වභාවික අයීතින් සහ සමාජ සම්මුතිය අතර ඇති ප්‍රතිවිරෝධතාවල ප්‍රතිඵලයක් ලෙස සමාජ ගැටුම් ඇතිවන බව ජෝන් ලෝක් පෙන්වා දුන්නේය.
මේ අනුව අරගලය යන සංකල්පය අප ඉහත ගෙන හැර දක්වන ලද චින්තකයන් තේරුම්ගන්නේ විවිධ සම්පත්ල ප්‍රතිලාභල ද්‍රව්‍යමය සහ වෙනත් වටිනාකම් සඳහා මිනිසුන්ගේ අසමාන ප්‍රවේශ හේතුවෙන් පැනනගින මහජන කෝපයේ ස්වයංසිද්ධ ස්වරූපයක් ලෙසය. ‘අරගලය’ පිළිබඳව කාල්මාක්ස් ගුණාත්මක වශයෙන් වෙනත් අදහසක් වර්ධනය කරමින් සමාජ සංවර්ධනයේ ගතිකත්වය නිෂ්පාදන බලවේග සහ නිෂ්පාදන සම්බන්ධතා අතර ගැටුම මගින් තත්ත්වාරෝපණය වන බව පෙන්වා දුන්නේය.

කැරැලි සහ විප්ලව සමාජ ගැටුම ප්‍රකට වන ස්වරූප වන අතරල එමගින් සමාජ සංවර්ධනයේ ඉහළ තලයකට ගමන් කිරීමේ මාර්ගය විවෘත වන බව අවධාරණය කරමින් මාස්ක් අරගලය සහ විප්ලවය දෙස උත්මූලමය වශයෙන් ධනාත්මක ආකල්පයක් දැරුවේය. මේ අනුවල සමස්තයක් ලෙස සලකා බලන විට පෙනී යන්නේ අරගල යනු බලය ඇතුළු විවිධ සම්පත් සඳහා වූ අසමාන ප්‍රවේශය හේතුවෙන් පැන නගින සමාජ ගැටුමේ ස්වරූපයකි. ද්‍රව්‍යයේ ප්‍රගමනයේ සමාජීය ස්වරූපයල තලය මත සංවිධානය වී ඇති මානව සමාජයෙහි සුවිශේෂ ලක්ෂණය වෙන්නේ එහි ආත්මීය සාධකයේ විඥානික සාධකයේ තීරණයන් මත බලපෑමයි.
එහි දී මානව වර්ගයා පූර්ව රාජ්‍ය සහ පූර්ව සමාජ අවධිවල සිට වර්තමානය දක්වා වූ සමාජීය
පරිණාමය සහ එහි ප්‍රගතිය අරගලවලින්ල විප්ලවවලින්ල සංග්‍රාමවලින්ල අර්බුද සහ ගැටුම්වලින් තොරව සිදුනොවූ බවට මුළු මානව සංහතියේ ඉතිහාසය ම සාක්ෂි දරන බවත්ය. එය ඇත්තවශයෙන් මල මිනිසුන් මිනිසුන් අතර දල කණ්ඩායම් කණ්ඩායම් අතර දල ගෝත්‍ර ගෝත්‍ර අතර දල ජනවර්ග
අතර දල ජාතිකත්ව ජාතිකත්ව අතර දල ජාතීන් ජාතීන් අතර දල සංස්කෘතින් සංස්කෘතින් අතර දල
ශිෂ්ටාචාර ශිෂ්ටාචාර අතර දල සමාජ ස්ථර ස්ථර අතර දල සමාජ පන්ති පන්ති අතර ද නිරන්තර ගැටුමකල අරගලයක ඉතිහාසය ලෙස ඉදිරිපත් වන බව පෙනේග මානව සමාජ සංවිධානවල පැවැත්මේ සහ වර්ධනයේ මෙම ස්වභාවය වරක සංග්‍රාමයක ස්වරූපය දල වරක විප්ලවයක ස්වරූපය දල වරක අරගලයක ස්වරූපය දල වරක කැරැල්ලක ස්වරූපය දල වරක ප්‍රතිසංස්කරණ ස්වරූපය ද ගන්නා බව පෙන්වා දියයුතුය. මේ සියලු ස්වරූප සමාජ තත්ත්වය සඳහා වූ මූලධර්මයට සහ නියමානුකූල බවට යටත්ව සිදුවන බව සඳහන් කළ යුතු අතරල එමගින් සමාජ ප්‍රගතියේල ප්‍රගමනයේ ප්‍රධාන ප්‍රවණතාව ප්‍රකට කරන බව අවධාරණය කළයුතුය.
ඇත්ත වශයෙන් මල විප්ලව හා අරගල පමණක් නොවල සංග්‍රාම පවා සමාජ සංවර්ධනයේ දී උද්ගත වන අර්බුද සහ ප්‍රතිවිරෝධතා විසඳීමේ ආකාරයක් ලෙස ඉදිරිපත් වේග මෙහි දී විප්ලව සමාජය
මුහුණදෙන ගැඹුරු අර්බුදවලට විකල්පීය විසඳුමක් ලෙස ඉදිරිපත් වේග වචනයේ සම්භාව්‍ය අර්ථයෙන්
විප්ලවය යනු පවතින සමාජ පදනමේ ම සිදුවන මූලික පෙරළියක්ල සුවිශාල විපර්යාසයක් වන අතරල එහිදී පවත්නා යල්පැනගිය සමාජ ක්‍රමය විනාශ කිරීම සහ නව ප්‍රගතිශීලී සමාජ ක්‍රමයක් නිර්මාණය කිරීම අදහස්වේ. දේශපාලන ආර්ථික විද්‍යාවට අනුව විප්ලවය යනු නව නිෂ්පාදන බලවේග සහ පැරැණි
නිෂ්පාදන සම්බන්ධතා අතර ප්‍රතිවිරෝධතාව විසඳාලීමකි. ‘විප්ලවය’ යන පදයට ඇත්තේ ලතින් සම්භවයක් වන අතරල එය මුලින් ම ආකාශ වස්තුවල පරිභ්‍රමණය අදහස් කිරීම සඳහා යොදාගනු ලැබීය.

මුලින් මිවිප්ලවය’ යන සංකල්පය සමාජීය දෘෂ්ටියෙන් භාවිත කරන ලද්දේ නිකොලොයි මැකියාවෙලී බව සඳහන් කළයුතු යග නමුත් මැතියාවෙලීගෙන් පසුව දේශපාලන සහ ඓතිහාසික රචනා ලියන ලද මැකියාවෙලීගේ සමකාලිකයන්හෝ දේශපාලන චින්තකයන් හෝ දාර්ශනිකයන් විසින් විප්ලවය යන පදය භාවිත නොකරන ලද්දේය. විප්ලවය යන සංකල්පය සමාජ හා දේශපාලන කැලඹීම්ල පෙරළි සඳහා යෙදුමක් බවට පත්වූයේල ලතින්භා ෂාවෙන් පසුව ඉංග්‍රීසි භාෂාව තුළය. එය එංගලන්තයේ 1640 විප්ලවය මෙන් 1688 සිදුවූ සිද්ධීන් පාදකව සමාජ දේශපාලනික අර්ථයක් සහිත සංකල්පයක් ලෙස භාවිතයට පැමිණියේය.

‘ලෝක අරගල ඉතිහාසය නැවත කියවමු ’ කෘතිය තුළ මානව ඉතිහාසයෙ හි නූතන යුගය තුළ
ඇතිවූ සුවිශාල වැදගත්කමක් සහ සමාජ පරිණාමීය ක්‍රියාවලියට ප්‍රබල ලෙස බලපාන සියලුම විප්ලවීයල සංග්‍රාමික සහ විමුක්තිකාමී නිදහස් අරගල කෙරෙහි සිය අවධානය යොමුකොට ඇති කතුවරයා එම සංසිද්ධීන් පිළිබඳව ඓතිහාසික වූ දල විද්‍යාත්මක වූ ද ආකල්පයක් පාඨකයා තුළ හැඩගැස්වීමට ගෙන ඇති ප්‍රයත්නය ප්‍රශංසනීය බව පෙන්වා දියයුතුය. ‘ලෝක අරගල ඉතිහාසය නැවත කියවමු ’ කෘතිය පොදු පාඨකයාට පමණක් නොව විශ්වවිද්‍යාලවල සමාජවිද්‍යා සහ මානව ශාස්ත්‍ර විෂයයන් හදාරන විද්‍යාර්ථින්ට ද ඔවුන්ගේ ඓතිහාසික සමාජ දේශපාලන දැනුම වර්ධනය සඳහා මෙන් මල අද්‍යතන මානව වර්ගයා මුහුණ දී ඇති සමාජ අර්බුදය විචාරාත්මකව අවබෝධ කරගැනීම සඳහා ද වැදගත් වන බව අපගේ අවබෝධයයි.


මහාචාර්ය ටියුඩර් වීරසිංහ

(ශ්‍රීපාලි මණ්ඩපය, කොළඹ විශ්වවිද්‍යාලය)

More From Author

මාකේස්ට ආදරය කරන්නෝ වර්ගාස් යෝසා ව පිළිකුල් කරන්නේ ඇයි?

ලංකාවේ පොල් මිල ඉහළ යාම හා තිරසර විසඳුම් සහිත යථාර්ථවාදී බැල්ම

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348