තනිය තනිවම විදිමි,

නොතිත් ආශා රැහැනින්
වෙළි වෙළී මෙතෙක් ආ මඟ
නිස්සාර ද කෙතරම්
රැඟූ කෙළිමඬල..
හිස් වූ හිතින් මා
සරන්නෙමි අවකාශයක
ළංව උන් ඒ සියොත් කැළ
පියඹා ගොසිනි
සී සී කඩ..
තනිය,
තනිවම විඳිමි
ම’හිත දවමින්,
තදින්,
හුදෙකලාවේ රිදුම…
නපුරු ද..
මෙතරම්ම කාලය…?

More From Author

ශ්‍රී ලංකාවෙ අපනයන සදහා ඇමරිකාවෙන් 44% බද්දක්

හේගල්ගේ දර්ශනය පිලිබද සංවාදය නැවතත්,

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348