මහේෂ් මුණසිංහ
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මොහොතකට පෙර ශ්‍රී ලංකාවේ අපනයන සඳහා 44% ක තීරු බද්දක් පැනවීය!
2023-24 වාර්තා අනුව ශ්‍රී ලංකාවේ අපනයනයන්ගෙන් වැඩිම ප්‍රමානයක් වූ 25% කට ආසන්න ප්‍රතිශතයක් ඇමෙරිකාව වෙත සිදු කර ඇති අතර එය ඇ.ඩො. බිලියන 2.75 පමණ වටිනාකමක් වේ.
එහිදී ඇමෙරිකාව යුරෝපා සංගමයේ භාණ්ඩ සඳහා 20% ක්ද චීනය සඳහා 34% ක්ද වන තීරු බදු පනවා ඇත.
මේ වන විට ඉදිරිපත් කර ඇති ලැයිස්තුවේ රුසියාව, මෙක්සිකෝව සහ කැනඩාව සඳහන් නොවීම විශේෂයකි.
එහෙත් පොදුවේ සියලුම ආනයන සඳහා 10% ක තීරු බදු පැනවීමට තීරණය කර ඇත.
එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදය අප්‍රේල් 3 වනදා සිට මගී මෝටර් රථ, සැහැල්ලු ට්‍රක් රථ සහ වාහන අමතර කොටස් ආනයනය සඳහා 25% ක තීරු බදු පනවා ඇත.
- Chile 10%
- India 26%
- Israel 17%
- Brazil 10%
- China 34%
- Japan 24%
- Turkey 10%
- Taiwan 32%
- Vietnam 46%
- Pakistan 29%
- Thailand 36%
- Australia 10%
- Malaysia 24%
- Colombia 10%
- Sri Lanka 44%
- Singapore 10%
- Indonesia 32%
- Cambodia 49%
- Philippines 17%
- Switzerland 31%
- Bangladesh 37%
- South Korea 25%
- South Africa 30%
- United Kingdom 10%
- European Union 20%





