සුගත් සෙනෙවිරත්න
” ජන්මයට වඩා පුරුද්ද ලොකුයි ” කියල පැරණි කියනනක් තියෙනවා. ඒ අනුව නරක පුරුදු කියන්නේ අපේ ජීවිතයත් එක්ක බද්ධ වෙච්ච, අපිව අතහැරයා නොයන භයානක හතුරෙක්. සමහරවිට විනෝදයට ෆන් එකට (for fun) කියල පටන් ගන්න දේවල් අවසන් වෙන්නෙ ජීවිත හානියකින්. දේපොළ විනාශයයකින්. උදාහරණ ලෙස දුම් බීම මත්පැන් සහ මත්ද්‍රව්‍ය වලින් සිදුවන සමාජ සහ ආර්ථික පරිහානිය ගැන ඔනෑම කෙනෙකුට වැටහීමක් තියෙනවා.
අද අපි පසු කරමින් සිටින්නේ ඩිජිටල් තාක්‍ෂණික මෙවලම් අතර හිරවුනු ජීවිතයක්. ජීවිතයේ තීරණාත්මක සිදුවීම්වල අවසන් විනිශ්චයකරු තාක්ෂණික මෙවළමක්. ඒ නිසා ඩිජිටල් තාක්ෂණය සමග අපේ ජීවිතය අවියෝජනිය සම්බන්ධයක් නිර්මාණය වී ඇත. මේ නිසා අපේ ජීවිතය පහසු වී ඇත . නොසිතූ විරූ පරිවර්තනයක් ඇති වී තිබීම සිතාගත නොහැක්කක්. ඔනෑම හොඳ දෙයක නරක පැත්තක්ද තිබීම ස්වාභාවිකයි.

ඩිජිටල් තාක්ෂණයේ අතුරු ඵල ලෙස අපි එහි වහලුන් බවට පත්ව සිටීම තවත් ඇබ්බැහිකමකි. ඒ අතර මුහුණු පොතේ හිරවීම, සමාජ මාධ්‍ය තුළ හිරවීම, ඩිජිටල් ක්‍රීඩා හෙවත් Game වලට තරුණ පරම්පරාව පමනක් නොව වැඩිහිටි අය පවා ඇබ්බැහි වී සිටීම , අන්තර් ජාළයේ අසැබි කාමුක දර්ශන වලින් ඈත්වීමට නොහැකිවීම මෙයින් කීපයකි. තවද නිතර ආහාර ගැනීම ( Junk Food), නින්ද නැතිකම, ඝෟනාත්මක සිතුවිලි නිතර ගලා ඒම, එදිනෙදාට යෙදී ඇති වැඩ කල් දැමිම (Procrastination ), බොරුකීම සහ ඕපාදූප කීම වැනි දෑ අපිට නිතර පෙනෙන දකින නරක පුරුදුවේ.
ඉතින් ඔබත් මේ වගේ නරක ඇබ්බැහිකමක ගොදුරක් වී ඇත්ත්තෙක්ද , ඒ දඬු අඬුවෙන් ගැළවීමට බැරිව පශ්චාත්තාප වන්නේද? එසේනම් ඔබට මග පෙන්වන වටිනා උපදෙස් අඩංගු පොතක් ගැන කියන්නයි මේ සුදානම.” Rewiring Your Brain Tips”, Chang Your Mind, Develop Healthy Habits & Change Emotional Habits, ඔබේ නරක පුරුදු නැමති යදම් වළින් ගැලවීමට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය මේ පොතෙන් ඔබට ලබා දෙනවා. එහෙයින් මෙහි අඩංගු උපදෙස් සහ නව සොයාගැනීම් ඇසුරුකරගනිමින් ලිපි පෙළක් මුහුණු පොතට එක් කිරීම ප්‍රයොජනවත් වනු ඇතැයි සිතුනි.
නෝමන් ඩොජ් ( Norman Doidge) නම් මනෝවිශ්ලේෂකයාගේ ” The Brain that Changes Itself” පොතේ එන මිෂෙල් (Michel ) අවුරුදු 30 ක කාන්තාවකි. ඇය අපි වගේම හොඳට කතා කරන, පොත් කියවන චිත්‍රපට බලන එදිනෙදා කටයුතු හොඳින් කරගෙන යන රූමත් කාන්තාවකි. ඇය රැකියාවක්ද කරන්නියකි. කොහොමහරි ඇය මව් කුසයේ ඉන්න කාලයේ මොකක් හෝ හේතුවක් නිසා ඇයගේ මොළයේ වම් පැත්ත වර්ධනය වුනේ නැත.( තුන)

ඇයට ඇත්තේ මොළයේ දක්ෂිණ අර්ධ ගෝළය පමණි. අපි ඉගෙනගෙන තියෙන විදිහට නම් අපි කරන කියන දේවල් පාලනය කරන්නේ මොළයේ විවිධ කොටස් වළින්. අදාළ කොටසක් විනාශ වුනොත් එහි ක්‍රියා කාරිත්වයත් නතර වෙනවා. උදාහරණයක්ලෙස අපේ මතකය පාලනය කරන කොටසට කියන්නේ හිපොකැම්පස් ( Hippocampus ) කියලා. මේ කොටසට හානි වුනොත් අපේ මතකය අවුල් වෙන්න පුළුවන්. මතක ගබඩාව විනාශ වෙන්න පුළුවන්. ඒක මාරම අවුලක්. හැබැයි මේ පොතට අනුව, ඉස්සර විශ්වාස කලේ නව යෟවන කාලයේදි අපේ මොළයේ සැකැස්ම නොවෙනස් වන ස්ථිරසාර ක්‍රමයකට නිර්මාණය වන බවයි. ඒකට කියන්නේ Hard wired කියලා. නව පර්යේෂණවලින් හොයාගෙන තියෙනවා මොළයේ සැකැස්ම Hard Wired නොවේ. මොළය හැදිලා තියෙන්නෙ Soft Wired ක්‍රමයට කියලා. මේකට තියෙන හොඳම සාක්ෂිය තමයි මිෂෙල්ගේ ජීවිත කතාව. ඇය ඉපදෙනකොටම මොළයේ වාමාර්ධගෝළය වර්ධනය වී තිබුණේ නැහැ. කාලයත් සමග ඇයගේ වම් පැත්තේ සෛල වර්ධනය වෙන්න පටන් ගත්තා. දකුණු පැත්ත වගේම වම් පාර්ශ්වයෙනුත් මොළය විසින්ම සෛල ප්‍රතිනිර්මාණය කරගත්තා.” Rewire itself to assume control over the functions that her left hemisphere would ordinarily control”.
- ඉතින් මේ කතාව ඇසුරු කරගෙන මේ පොත අපට කියන්න හදන්නෙ අපේ සිතුවිලි, ආකල්ප සහ ක්‍රියාකරකම් මොළයේ ව්‍යුහය සහ සැකැස්ම වෙනස් කිරිමට උදව් වන ආකාරය පිළිබඳවයි. ඔබට අවශ්‍ය ජීවන රටාව ගොඩනගා ගැනීමටත්,නරක පුරුදුවලින් එතෙර වීමට මේ පොත ඔබට පහුරක් වෙනවාට සැකයක් නැත.
ඔබ මුහුණ දුන් අප්‍රසන්න බියජනක සිදුවීමක් ගැන සිතන්න. එය හිතට එන වාරයක් වාරයක් පාසාම ඔබේ මුළු ශරිරයම සලිත වෙන ස්වභාවයක් හෝ වියරුවැටුන ස්වරූපයක් දැනෙන්නට පටන්ගන්නවා. මෙය දෛනිකව සිදුවුනාම ඒ චිත්තාවේග අපෙ මොළයේ programme වෙන්න පටන් ගන්නවා. ඒ අනුව මොලේ සකස් වෙනවා. අවසානයේදී අපට හිතෙනවා මරාගෙන මැරෙන්න හෝ පලායන්න.(Fight or Flight ). ඔබේ වැඩපොලේ ඉන්න නරකම සහ අප්‍රසන්නම පුද්ගලයා ගැන සිතන්න. ඔහු සමග වැඩ කරන්න සිදුවන දවස ගැන හිතන්න. ඔබට ඇතිතිවන මානසික ආවේග මොන වගේද? ඔබේ හෘද ස්පන්දනය වේගවත් වෙන්න පුළුවන්. ඔබේ අත්ල මතුපිටින් දහදිය වැගිරෙන්න පටන් ගන්න පුළුවන්. උගුර වේලෙනවා වගේ දැනෙන්න පුළුවන්.ඇඩ්‍රනලින් ශ්‍රාවය (Adrenaline ) මුළු ඇඟ පුරාම දුවන්න පටන් ගන්නවා එවිට ඇති වන්නේ මහත් ආතතියක් නොසන්සුන්තාවයක්. ඝෘන සිතුවිලි සහ ආකල්ප සිතට ගලාගෙන එන හැම මොහොතකම මුළු ශරිරයම ආතතියකින් වෙලා ගන්නවා. මොලයේ සහ ශරීරයේ ක්‍රියාකාරිත්වයට ගබඩා වී ඇති ශක්තිය වියළි යනවා. ඉතින් මේ නිසා ලොකු වෙහෙස ගතියක් දැනෙන එක ස්වාභාවිකයි
ඒ වගේම තමයි ඇත්තටම සිදු නොවූ දෙයක් සම්බන්ධයෙන් ඔබ අනිසි බියක් ඇතිකරගත්තොත් ඔබෙ මොළයට එය දැනෙන්නේ බොරු අනතුරු (False alarm) ඇගවීමක් ලෙසටය. ටික වෙලාවකට පසු මොළයට පුළුවන් කම තියෙනවා ඔබේ ශරිරය නැවත යතා තත්ත්වයට ගේන්න. හැබැයි මේ අනිසි බිය නිතර නිතර ඔබ ආයාසයෙන්ම ඇති කරගන්න උත්සාහ කලොත්, ඔබ හිතන්නටත් පෙර මොළය විසින් ම එය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. ඔබ වෙනුවෙන් Panic Button මොළය විසින් මෙහෙයවනු ලබනවා.
ඉතින් අපේ සිතුවිලි ආකල්ප සහ චින්තන ධාරාවන් හරහා අපේ මොළය ප්‍රතිනිර්මාණය කර ගැනීමට ( Rewire Your Brain) අවශ්‍ය උපදෙස් හා දැනුම ඉදිරි ලිපි මගින් ඉදිරිපත් කිරීමට උත්සාහ ගන්නෙමු. ස්තුතියි.