ජාන්නි රොදාරි l’Unità පුවත්පතේ ළමුන් සඳහා විශේෂ අතිරේකයක් පවත්වාගෙන ගියේය. එම අතිරේකයේ නම “ඇයි“. ළමා යොවුන් වැඩිහිටි අය ඉදිරිපත් කළ ප්‍රශ්න වලට ජාන්නි පිළිතුරු සැපයීම ඉන් කළා. 1955 සිට 1958 දක්වා කාලය තුළ දරුවන් යොමු කළ ප්‍රශ්න වලට ජාන්නි පිළිතුරු ලබා දී තිබුණා. එකල එය දරුවන් අතර ජනප්‍රිය අතිරේකයක් බවට පත්වී තිබුණි . එහි පළ වූ දරුවන්ගේ ප්‍රශ්න සහ පිළිතුරු පොතක් බවට පත් වන්නේ ඔහුගේ මරණින් වසර හතරකට පමණ පසුවයි. ඒ 1984 දී යි.
දරුවන් ඉදිරිපත් කළ ප්‍රශ්න වලට ජාන්නි පිළිතුරු ලබා දී තිබුණේ තාර්කිකත්වය, පරිකල්පනය, විද්‍යාව සහ කවිය සහජීවනය කැටි කර අලුත් සාහිත්‍යයක් ඒ තුළින් නිර්මාණය කිරීමෙන්. පමණක් ද නොව ඔහුගේ පිළිතුරු තුළ වූයේ ප්‍රායෝගික, විද්‍යාත්මක, වින්දනාත්මක, හාස්‍යයි. ඉන් දරුවාගේ ඉදිරි සංවර්ධන ගමනට රුකුලක් ලබා දෙන එක ඔහුගේ උත්සාහයයි.
පළමු පැනය සහ පිළිතුර
ලෝකය කැරකෙන බව අපිට දැනෙන්නෙ නැත්තෙ ඇයි ?
ලෝකය ගමන් කරන්නේ එකම රිද්මයකට. පුංචිම පුංචි හෝ ගැස්මක් ඇති නොවන විදිහට. පෘථිවිය සැරි සරන්නේ රැලි නොමැති සාගරයක. අභ්‍යවකාශයේ ඇති ලෝකය අති මහත් විශාල
අභ්‍යවකාශ යානයක්.
අභ්‍යවකාශයේ සැරිසරති
දීර්ඝ ගමනක් සඳහා ගමන් ඇරඹූ
අභ්‍යවකාශ යානයක්
එහි නම “පෘථිවියයි “
අපි එහි කාර්ය මණ්ඩලය වෙමු.
අපි හැම එහි මගියෙක් සහ නායකයෙක් වේ
දුර ගමනක් යන්න හැකි වේවි අපිට
අධිෂ්ඨානය තිබුණොත්.
හිල්මි සුපුන් / තරුෂ පෙරේරා
සිතුවම තරුෂ පෙරේරා