ඉතිං …කීමට ඇති දහසක් අතුරින් ඔබට කීමට කිහිපයක් පමනක් තෝරාගනිමී..
නිදි නැති එක් රැයෙක මගේ කවී කියවද්දී දවසක මං ඔබට කීවේ කවියකයෙකුගේ ආදරය වීම යනු නොමියෙනා බවයි………….
ලියන කියෙවෙන සෑම පදයකම ඔබ ඉන්නා බව පැවසු විට ඔබේ විසල් වූ දුඹුරි ඇස් වලටත් මං බැදුනෙමී…………..
මිහිර ……….
රිදුනු හිතේ කැබලී එක් කර සෙමෙන් අමුනා කවි ලිවිමට නොහැකි තරමට මා බිදි ඇති බව මම ඔබට කියමි……….
කැඩි බිදි මුලු ගැන්වුනු ජීවිතය හෙමි හෙමින් දලු ලෑමට පටන් ගත්තා පමනක් ය………..
නැවතත් ආදරය විස්වාස කිරිමිට පටන් ගත්තා පමනි…….
මම හෙමිහෙමින් හුස්ම ගන්නට උත්සහා ගත්තා පමනි…….
ඔබේ කෙටි පණිවිඩය මා සිය වාරයක් කියවූ බව මතකය……….
“ඔයාට හරි යන්නේ ඔය ඉන්න විදිහ. ඔයාට හරි යන්නේ නෑ මේ දේවල්……..
මට තාම ඔයාගේ ඔය හිටිගමන් වෙන වෙනස අමාරුයි .”………
මා සදහටම හද දොරගුලු වැසීමට එය සමත් විය. මගේ වෙනස නුබ නැති පාලුව මිස වෙන කිසිවක් නොවන බව පැවසීමට තාම කල් වැඩිය…….
ඉතිං මිහිර………
මා ජිවිතේ බියම සමුගැනිම්වලට ය
මා දුර්වල සමුගැනිම් වලටයි………..
නිදි නැති රැයවල් කිහිපයකට පසු……..
පෙගුනු කොට්ට කිහිපයකට පසු
මා ඔබට ස්තූති කියමි………..
ඔබ කියු ලෙස මට සුදුසු ජිවිතය මා තෝරාගත් ජීවිතයයි……….
අසීමාන්තීක ආදරය………..
පිලිගැනිමට සූදානම් නැති ලෝකයක සිනාසි පසෙකට වීම සුබ බව සැබැය…….
ඉතිං….
නුබ මගේ හිස්තැන බව ලියා තබා නවතිමි…….
මා නොදැනුවත්ව මා ආසිමාන්තිකව නුබට පෙම් වඩා ඇති බව නුබේ කෙටි පණිවිඩය දකින තෙක් මා නොදැන සිටියෙමි…….
නුබ කියු ලෙස මං නුබේ චිත්‍රයයි…….
වැටෙන වැහි පොදට පවා පෙගි වියැකෙන…….
කෙටි කලෙකින් වියැකි යන නුබේ
චිත්‍රය මම බව ලියා තබා නවතිමි……..
“රන්දෝලියක් ලග”
දක්ෂිකා ද පෙරේරා