ට්‍රම්ප් සෙලෙන්ස්කි ගැටුම 

   

ඩොනල්ඩ් ට්‍රම්ප් සෙලෙන්ස්කිව ධවල මන්දිරෙන් පැන්නුව කියලා මෙහේ ඉන්න  පුටින්ගේ මුග්ධ පක්කලියො උඩ පනිනවා.  එකෙක් කියනවා ට්‍රම්ප් සෙලෙන්ස්කිගෙ කලිසමත් ගලවාවි කියල. පුටින්  යුක්‍රේනය ආක්‍රමණය කළ විගස මෙවන් මුග්ධයන්  ලෝකයා රවටන්න හැදුවෙ  සෙලෙන්ස්කි බටහිර රටකට පැන ගිහින් බව කියමිනි. මේ වල්ලෙ තවත් එවුන් කීවේ පුටින්  පැරණි සෝවියට සංගමය යළිත් ඇති කිරීම  අත ළඟ බවයි. මෙවන් තකතිරුවන්ට කණකොකා හැඬුවේ  මිලියන 220 ක මහා බලගතු රාජ්‍යයයේ බලය කොල්ලකා ගෙන සිටින  නූතන සාර්ගෙ අභියෝගයට මුහුණ දෙන්න  සිරි ලංකාවට වඩා තවත් මිලියන් 2ක් විතරක් වැඩි යුක්‍රේනය  වහ වහා පෙළ ගැසී පැය 72කින්  අවසන් කරනවා යැයි පුටින් ගැසූ පම්පෝරිය පතුරු හරිමින් වසර 3ක් මුළුල්ලේ  පුටින්ට ජය ගැනීමට ඉඩ නො දී තවදුරටත්  ප්‍රති ප්‍රහාර දෙමින් සිටියි. පුටින්ගේ  ගොන් ප්‍රතිගාමී සිහිනය බිඳ දැමීම ගැන අරුන් රැලේ කෝපයට ලක්ව සිටින්නේ සෙලෙන්ස්කි ය.  මෙය සාධාරණ කර ගැනීම සඳා මොවුන් යොදා ගන්නේ සෙලෙන්ස්කි බටහිර ගැත්තකු බව ය. එහෙත් ට්‍රම්ප් පිස්සු හුටා පුටින්ගේ ඒකාධිපති සාර්වාදී  අරමුණු ඉටු කර ගැනීමට  උදව්වට එන විට මොවුන්ට  පුටින් බටහිර ගැත්තකු නො වේ. ආක්‍රමණිකයාට  නේටෝව මහා බලවතා සමග එක් විය හැක. එහෙත් ආක්‍රමණයට ලක්වූ රටට සිය ස්වාධීනත්වය රැක ගනීම සඳාහා කාගේවත් ආධාර ලබා ගත නොහැක. මේ මුන්ගේ  ගොන් තර්කයයි. දැන් ට්‍රම්ප් ධවල මන්දිරයෙන් සෙලෙන්ස්කිව පැන්නුවා යැයි මැත දොඩන  මුන් බලාපොරොත්තුවන්නේ ට්‍රම්ප්ගේ අණට කීකරු වී සෙලෙන්ස්කි දණ ගසා පුටින්ට යුක්‍රේනය පාවා දිය යුතු බව ය.

 පහත පළ වනුයේ  දෙවෙනි ලෝක යුද්ධයට සැරසෙමින්  රටවල් එකින් එක ඩැහැ ගැනීමේ සිය ක්‍රියා කලාපය තුළ දී හිට්ලර් අවුස්ත්‍රියාවේ නායකයා  කැඳවා ඔහුට ට්‍රම්ප්වාදී පාට් දැමීම පිළිබඳ වාර්තාවයි.  ඒකාලේ  මෙවන් සාකච්චා පැවැත්වූයේ රහසිගතවය. ඒවා වාර්තා වූයේ කල් ගත විය. බලවතාගේ තර්ජන හමුවේ  අවුස්ත්‍රියානු  දුබලයා පරඬැල් වී ගියේ ය.  එහෙත් ධවල මන්දිරයේ දී වූයේ කිසි කලෙකත් නො වූවකි. මාධ්‍යකරුවන් රොත්තක් ද කඳවා මේ සාකච්ඡව පැවැත් වූයේ  සෙලෙන්ස්කි  ලෝකයා හමුවේ සජීවී ව කිච කිරීමේ අරමුණ පෙරදැරිව ය. බටහිර රටවල ප්‍රජාතන්ත්‍රවාදය පවා පුටින්ගේ ප්‍රජාතන්ත්‍රවාදයට වඩා සවුත්තු යැයි එළිපිට කීම සඳහා ට්‍රම්ප් පසුගිය දා යොදා ගත්  උප ජනාධිපති වෑන්ස් නමැති අශිෂ්ට ප්‍රකෝපකාරියාව යොදා ගෙන  ප්‍රකෝපකාරී තත්වයක් නිර්මාණය කර ගත්  ට්‍රම්ප්ට මුහුණ දීමට සිදු වූයේ  හිට්ලර් හමුවේ  සිටි වර්ගයේ රාජ්‍ය නායකයකු නොව තම රටේ ස්වාධිනත්වය උදෙසා කෙරෙන දැවන්ත සටන ට්‍රම්ප් වැනි නරුමයකු ඉදිරියේ පාවා දීමට සූදානම් නො වූ නායකයෙකි.  අයි.එම්.එෆ්. කාරයන් ඉදිරියේත්  නකුට දෙකකුල් අස්සෙ රුවා ගෙන  උන්ගේ ඕනෑම කොන්දේසියකට  ඕකේ කියන මාක්ස්වාදී වෙස්වලා ගත් නායකයන්ටත් වඩා වෙනස් නායකයෙකි.  මේ පිටු කීපයේ පළ වනුයේ එදා හිට්ලර් ඉදිරියේ යටත් වීමට සිදු වූ නායකයාට හිට්ලර් ඉදිරියේ  ක්‍රියා කිරීමට සිදු වූ ආකාරයයි. සෙලෙන්ස්කිට එරෙහිව කීමට  ඇති දේ කුමක් වුවත්, පුටින්ගේ ආක්‍රමණයට එරෙහි ව සටන් කළ පරිදි ම ලෝකය ක්‍රියා කළ යුත්තා තමා කියන විදිහට බව එළිපිට කීමට තරම් ත්‍රාඩයකු වූ ට්‍රම්ප්ට, මුළු ලෝකයටම දැක බලා ගත හැකි වනසේ ඔහු යටත් නොවීම එමඟින් තවදුරටත් පැහැදිලි කර ගත හැක.             

More From Author

“ ආදණීය හිස්තැනට..”

පලාත් පාලන මැතිවරණය 2025 

Leave a Reply

Categories

LDM Columns