ජාත්‍යන්තර ගීතයට සීමා මායිම් නැත. ඕනෑම භාෂාවකින් ගයන්න පුළුවන් .

ජාත්‍යන්තර ගීතය (The Internationale)

ලෝක සමාජවාදී ව්‍යාපාරයේ ගීතය වන The Internationale හෙවත් ජාත්‍යන්තර ගීතය රචනා කලේ ප්‍රංශ විප්ලවවාදියෙක්, පැරිස් කමියුනයේ නාගරික මන්ඩලයේ සාමාජිකයෙක්, සහ කවියෙක් වූ ඉයුජීන් පොටියර් (Eugene Pottier) විසිනි. ලෝක ජනරජයක් පිහිටුවීම සඳහා සහයෝගී වීමට සහ ඒ වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට සූදානම් බව පැරිස් කොමියුනය ප්‍රකාශ කල අතර එම ජාත්‍යන්තරවාදී දිශානතිය තුලින් ලද ආශ්වාදය ඔස්සේ, ඉයුජීන්, 1871 දී මේ ගීතය ප්‍රංශ බසින් රචනා කලේ ය.

ලෝකයේ ප්‍රථම කම්කරු රාජ්‍යය ලෙස සැලකෙන පැරිස් කොමියුනය පැවතුනේ යන්තම් දින 70ක් පමනක් වුවත් එය ලෝක කම්කරු පන්ති ව්‍යාපාරයට දායාද කල දෑ අතර ජාත්‍යන්තර ගීතයට ඇත්තේ සුවිශේෂ ස්ථානය කි.

1890 දී එයට තනුවක් සපයා සංගීතවත් කලේ බෙල්ජියානු කොමියුනිස්ට්වාදියකු වූ පියා ඩි ගේටර් (Pierre De Geyter) විසිනි.

1889 දී පිහිටවූ දෙවැනි ජාත්‍යන්තරයේ නිල ගීතය බවට 1890 සිට පත් වූ එම ගීතය එතැන් සිට අද දක්වා භාෂා සිය ගනනකට පරිවර්තනය වී එම තනුව ලෝකය පුරා විවිධ ශෛලීන් ඔස්සේ සංගීතවත් වී ගායනා කෙරේ.

ජාත්‍යන්තර ගීතය රුසියානු භාෂාවට පරිවර්තනය වූයේ 1902 දී පමන ය. එය 1912 සිට බෝල්ෂෙවික් පක්ෂයේ ගීතය ලෙසත්, රුසියානු විප්ලවය තුලදී සහ 1917 විප්ලවයෙන් පසු එය සෝවියට් ජනරජයේ ගීතය ලෙසත් ගායනා කෙරිනි.

ස්ටැලින්වාදීන් විසින් ජාත්‍යන්තරවාදය අතහැර තනි රටේ සමාජවාදය වෙත පල්ලං බැහීමේ ප්‍රතිපලයක් ලෙස 1944 දී එය සෝවියට දේශය තුල ගායනා කිරීම නතර කෙරිනි. ඒ වෙනුවට ජාත්‍යන්තරවාදයෙන් මෑත් වූ සෝවියට් රුසියාව කේන්ද්‍ර කරගත් නව ජාතික ගීයක් (Hymn of the Soviet Union) එතැන් සිට 1991 සෝවියට් සංගමය බිඳ වැටෙන තුරු ගැයිනි.

ලංකාවේ සමසමාජ පක්ෂය භාවිතා කල “සාදුකීන් පෙලන වුන්” ගීතය ජාත්‍යන්තර ගීතයේ ඉතා ලිහිල් සහ  දුර්වල අනුවර්තනය කි. එය සහ The Internationale ගීතය අතර ඇති සම්බන්ධය ඉතා දුරස් ය; සැබැවින් ම සම්බන්ධයක් සෙවීම  අසීරු ය.

70 දශකයේ දී විකොස (දැන් සසප) විසින් ජාත්‍යන්තර ගීතය මෙරට කම්කරු ව්‍යාපාරයට හඳුන්වාදීමට කටයුතු කලේ ය. එම කටයුත්තෙහි නිරත වූ කන්ඩායම තුල ධම්ම ජාගොඩ ද විය. ගීතයේ සිංහල පද අනුවර්තනය සුචරිත ගම්ලත් විසින් සිදු කල අතර ගීතයේ තනුවට සංගීත අනුවර්තන සපයා ගායනය කලේ  ඩබ්ලිව්. ඩී. අමරදේව විසිනි.                     

More From Author

ගාසා තීරයේ කවි කිහිපයක් …..

සියවසට පිය නගන – ”පිං බෙහෙත් ශාලාව” හෙවත් ශ‍්‍රී ලංකාවේ පළමු නාගරික ආයූර්වේද ප‍්‍රතිකාර සේවාව.  

Leave a Reply

Categories

LDM Columns