1790 වසරේදී අප්‍රේල් 1 වැනිදා රුසියාවේ යුක්රේනයේ පොල්තාවා ප්‍රාන්තයේ සොරෝව්න්ස්කි ග්‍රාමයේ උප්පත ලබන්නේ සාහිත්‍ය කලාකමියෙකු හා නාට්‍ය රචකයකු වූ වසිලි අනොසිවිව් සහ දැඩි ආගමික භක්තියකින් හෙබි මාරියා ගොගොල්ට දාවය. මොහුගේ පියා ප්‍රවේණි දාසයින් 400ක් හිමි සුළු ප්‍රමාණයේ ඉඩම් හිමියකු විය. ඔහු වසර 12දී පාසලට ගිය අතර ඔහු වැඩියෙන් ඉගෙන ගනු ලැබුවේ ගමේ ජන පුරාවෘතයන් සහ මිත්‍යා කතා සහ අද්භූත කතා මවගෙන් අසා දැනගැනීමෙනි. එමෙන්ම මොහු නාට්‍ය රංගනයට ද පියා මෙන් දැඩි ඇල්මක් දැක්වූ තැනැත්තෙකු වේ. පසු කාලීනව ඉගෙනුමට නගරයට පැමිණියත් ඔහුට රැකියාවන් කිහිපයක්ම කිරීමට සිදුවිය. මුදල් අඟහිඟකම් හේතුවෙන් මොහු අධ්‍යාපනය නවතා දැමු අතර ඉන්පසු මොහු සාහිත්‍ය රචනයට අත් පොත් තැබූ අතර ප්‍රථම කාව්‍ය සංග්‍රහය වී අලොව් ලෙස ප්‍රක්ෂයට පත්කළත් එය සාර්ථක නොවිය.
ඉන්පසුව ගමේ සිදුවූ සිද්ධීන් හාස්‍යජනක ලෙස උත්ප්‍රසයට ලක් කරමින් මොහු ඩිකෙන්කා ගම අසල ගොවිපලක සවස් කාලය නම් කෘතිය ඛාණ්ඩ දෙකකින් ග්‍රහණයට ලක් කරන ලද අතර ඒ හරහා ගොගොල් රුසියාවේ විශිෂ්ටතම ගද්‍ය රචකයා බවට පත් විය. මෙම කෘතිය ගැන පුෂ්කින්
“ මම ඩිකෙන්කා ගම අසල ගොවිපලක සවස් කාලය නම් කතා සංග්‍රහය කියවීමි. එය මා මවිතයට පත් කළේය. එය අව්‍යාජ නිරායාස හාස්‍ය රසයයි. සැබෑ ප්‍රීති රසාස්වාදයයි. පලින් පල දක්නට ඇති කාව්‍යමය වර්ණනා අතිශය රමණියය. මේ කතා සංග්‍රහය අපේ නුතන සාහිත්‍යයෙහි මෙතෙක් මට ආසාස්වාදය කරන්නට නොලැබුණු අසාමාන්‍ය ප්‍රතිභා පුර්ණ කළා කෘතියකි. “
ගොගොල්ට අනුව මෙම කෘතිය ඔහුගේ කතාවල ඇති හාස්‍ය ඔහුගේ අභ්‍යන්තරයේ ඇති වූ දිළිඳුකමින් ඇතිවූවකි. ඇතැම් විට තේරුම්ගත නොහැකි දරුණු ශෝකයක් මා තුල පහල වෙයි. මේ ශෝකයෙන් හිත නිදහස් කර ගැනීම පිණිස මම හාස්‍යජනක ගැහැනුන් සහ පිරිමින් සිතින් මවාගෙන ලීවෙමි.
ඔහුගේ දෙවෙනි කෘතිය වුයේ MIrgorod නමැති කෘතියේ අඩංගු තරාස් බුල්බා නිර්මාණය ඓතිහාසික වීර කාව්‍යයක් සේම නව කතාවක්ද විය
රුසියානු ගද්‍ය සාහිත්‍ය නව මනයකය්ට හැරවූ හිම කබාය දිග කෙටි කතාවේ හිමිකරු වුයේද ගොගොල්ය. රුසියානු ශ්‍රේෂ්ටතම සාහිත්‍යධර පියදෝර් දොස්තයෙව්ස්කිට අනුව අපි හැමදෙනාම එලියට ආවේ හිම කබාය තුලනි. මන්ද රුසියානූ සාහිත්‍යයේ යථාර්තවාදී අවධිය පිලිබඳ වැදගත්ම සන්ධිස්ථානය වන හෙයිනි. හිම කබාය කතාවේ ඇතුලත් අකාචි අකාකචි යන චරිතය තුලින් රුසියාවේ පිඩිත පංතියේ ආත්මය පිළිඹිබු කරයි. එලෙසම ධනවාදීන් විසින් පීඩිත පන්තිය සුරා කමින් කල අකටයුතුකම් මෙම කෘතිය තුලින් අපුරුවට පාඨකයාට පෙන්නුම් කරන ලදී. එහි යථාර්තවාදී රීතිය බොහෝ රුසියානු සාහිත්‍යධරයින්ගේ නිර්මාණවලට අනුභුතියට ලක්විය.
ඔහුගේ සාහිත්‍ය කෘති බොහෝ භාෂාවන්ට පරිවර්තනය වූ අතර සිංහල භාෂාවට පරිවර්තනය වූ හිම කබාය, අභිරහස් විද්ධ චිත්‍රය, බිම්ගෙයි සිරකරුවා, පිස්සෙකුගේ දිනපොත තිබෙන අතර කපුවා කපෝතියි සහ රහස් කොමසාරිස් නාට්‍ය ද සිංහලයේ බෙහෙවින් සුපතල විය.
ගොගොල්ගේ කතාවල පිහිටා තිබුනේ දේශීය ලක්ෂණ වන අතර ඔහු විසින් රචිත මල මිනිස්සු රුසියානු සාහිත්‍යයේ අපුරුතම කෘතියක් විය. පුෂ්කින්ගේ ඉල්ලීමකට අනුව ඔහු මෙම කෘතිය ලිවීමට ආරම්භ කරන ලද අතර ඊට අවශ්‍ය වූ වස්තු බීජය ඔහු විසින් ලබා දෙන ලදී. මෙහි අන්තර්ගතය වුයේ ධනපතියකු විසින් තම ප්‍රවේණි දාසයින්ව රජයට උකසට තබා මුදල් ලබා ගැනීමයි. ඔහු මෙම වස්තු බීජය උපයුක්ත කොට ගෙන රුසියානු සමාජයම විවරණය පරිද්දෙන් මෙම නව කතාව ලිවීමට සිතා ගත්තේය.
මේ ගැන ගොගොල් පැවසුවේ මේක දිග හාස්‍යජනක කතාවක් ලිවීමට හොඳ විෂයක්. මට මගේ විරයත් රුසියාව වටා යමින් රුසියානු ජන සමාජයේ ජිවිතයේ හැම පැතිකඩක්ම විස්තර කරන්න පුළුවන්. මුළු රුසියාවම නව කතාවෙන් පිළිඹිබු වෙනවා. මට අපුරුම චරිත ටිකක් නිරුපනය කරන්න පුළුවන් යනුවෙනි.
1841 දී මළ මිනිස්සු කෘතිය අවසන් කල අතර මොස්කව් වාරණ මණ්ඩලය මගින් මෙය ප්‍රකාශනයට ඉඩ දුන්නේ නැත. පොතේ නම ඇසුණු විගස එහි සභාපතිවරයා ඇසුවේ “මම කවදවත්ම්ම ඔය පොත අනුම්මත කරන්නේ නැහැ. ආත්මය සදාකාලිකයි. ඒ නිසා මල ආත්ම තිබෙන්නට බැහැ. පොත් ලියන මිනිස්සු ආත්මයේ අමරණීයත්වයට අපහාස කරනවා යනුවෙනි. ආත්ම ලෙස හැඳින්වුයේ ප්‍රවේණි දාසයන් යැයි පැවසුවිට සෙසු සමිකයින් ඇහුවේ මෙම කෘතිය ප්‍රවේණි දාස ක්‍රමයට එල්ල කල පහරක්ද යනුවෙනි.
නමුදු පිටර්ස්බර්ග් වාරණ මණ්ඩලයෙන් වෙනස්කම් කිහිපයක් සිදුකිරීමෙන් අනතුරුව මෙය ප්‍රක්ෂණයට පත් කිරීමට ඉඩ ලබා දෙන ලදී. මෙම කෘතිය විචාරකයින්ගේ ප්‍රසංශාවට මෙන්ම ඉහල බලධාරීන්ගේ විවේචනයටද ලක්වූ කෘතියක් විය.
මොහු නාට්‍ය රචකයකුද වූ අතර වල්දිමිලර් නම්බුනාමය සහ ආදරවන්තයෝ සහ 1841 දී රචනා කල රහස් පරීක්ෂකයෝ නාට්‍ය විශිෂ්ට නිර්මාණ වේ.
ජීවිතයේ අවසාන කාලයේදී මව මෙන්ම ආගමික උමතුව මොහුට වැළඳුනු අතර පුජකයකු පොත් ලිවිම පාපයක් ලෙස කියූ අතර ඉන් ඔහු ගේ මනස තවත් අවුල් විය. ඒ වන විට මල මිනිස්සු කෘතියේ දෙවෙනි කොටස ලිවීමට පටන් ගෙන තිබු අතර, 1855 පෙබරවාරි 11 වන දින, තම බෑගයෙන් ගත අත්පිටපත් රැසක් මොහු ගිනි උදුනට දමා පුලුස්සන්නට පටන්ගත්තේය. එවිට සේවකයා අඬ අඬා පැවසුවේ එය සිදු නොකරන ලෙසයි. එවිට මගේ පොත් පිච්ච්චුවාම උඹට මොකො උඹ ගිහින් දෙවියන්ට යාඥා කරපන් යැයි යයි කෑගැසූ ගොගොල් ඇඳට ගොස් අඬන්නට පටන් ගත්තේය. ඉන් දවස් 12 කට පසු මෙම ශ්‍රේෂ්ට සාහිත්‍යධරයා මෙලොවින් සමු ගත්තේය
නිලක්ෂි බණ්ඩාර