කවුද පාලනය කරන්නේ ?

මම කුඩා දැරියකගෙන් ප්‍රශ්නයක් ඇසුවා.
” ගෙදර පාලනය කරන්නේ කවුද? ” ඇය නිහඬවම බලාසිටියා මා දෙස .
“කියන්න , කවුද ඔයාලව භාරව ඉන්නේ: තාත්තාද අම්මාද ?”

දැරිය මා දෙස බලා සිටියි , ප්‍රතිචාර නොදක්වයි
“ඉතින් ඔයා මට කියන්න ? කවුද ඔයාගේ ස්වාමියා.
ඇය වික්ෂිප්තයි , නැවතත් මා දෙස බලයි.

“ඔබ දන්නෙ නැද්ද පාලනය කිරීම යන්නෙහි අර්ථය?” ඔව් ඇය දන්නවා.
“ස්වාමියා කියන්නේ කාටද ඔයා දන්නේ නැද්ද?” ඒගැනත් ඇය දන්නවා.
ඇය මා දෙස බලා නිහඬය. ඉතිං මම කෝපයට පත් වන්නද ?

නැත්නම් සමහර විට ඇය ගොළුද , අහිංසකි .

එකපාරම ඇය තණ බිමේ ඉහල ඈතට පලා ගොස් සිටියි .
එතැන සිට මා වෙත හැරී සිනාසෙමින් දිව පෙන්නා කෑගසයි:
“කිසිවෙකු පාලනය කළ යුතු නැහැ, අපි එකිනෙකාට ආදරය කානවා නම් !”.

1964 දී ජාන්නී රොදාරි ජනගත කරන පොතක් තියෙනවා “දෝෂ සහිත පොත ” නමින් . එහි කවි කතා හැත්තෑවක් පමණ ඇතුලත් . එම කතා ගොන්න අතරේ එකක් තමයි “කවුද පාලනය කරන්නේ ” කියන කතාව .

More From Author

රජරට විශ්ව විද්‍යාලයට නව කුලපතිවරයෙකු පත්කෙරේ

තිඹිරියාගම බණ්ඩාරයන්ගේ රෝස මල් කුමාරයා ගැන කථා බහක් …….

Leave a Reply

Categories

LDM Columns