විශ්වයක් තුළ අස්පර්ෂණිය තැන් ඇත  .    

 

විශ්වයක් තුළ

අස්පර්ෂණීය තැන් ඇත

 කිසිවෙකුට ළංවීමට පවා

 ඉඩකඩ ඇහිරුණු

හදවතේ එවන් අඩවි

අතික්‍රමණය කර,

 සෑම අහුමුල්ලක් ස්පර්ෂ කරනා

 ජීවියෙක් පැමිණෙයි

 ඉතා දිග කාලාන්තරයකට පසු…

 එවැන්නකු

නැවතුණ ද නොනැවතුණ ද

 ඒ අනන්ත අඩවියේ

සදාකාලික ව හුස්ම ගනු ඇති.

More From Author

ශ්‍රී ලාංකික සාහිත්‍යය: සිංහල අධ්‍යනාංශ වෙත ගෞරවයෙන්

ඉතිහාසයෙන් පාඩමක් මාලනී ගෝවින්නගේ 

Leave a Reply

Categories

LDM Columns