ඩොනල්ඩ් ට්‍රම්ප්  යුගයක් අවසාන කරමින් ඇත!

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තම අසල්වැසියන් ඇතුලු චීනයට එරෙහිව තීරු බදු ක්‍රීඩාව පටන්ගෙන ඇත. මෙක්සිකෝව සහ චීනයේ තීරුබදු සෙනසුරාදා බලාත්මක වන බව තහවුරු කරයි
 මේ තත්ත්වය තුල පෙබරවාරි 1 සෙනසුරාදා සිට කැනඩාවෙන් සහ මෙක්සිකෝවෙන් එන නිෂ්පාදන සඳහා 25% තීරුබදු බලපාන අතර චීනයෙන් ආනයනය කරන නිෂ්පාදන සඳහා තීරුබදු 10% කින් ඉහළ යනු ඇත.  එසේම ට්‍රම්ප්  විසින්  යුරෝපා සංගමයට ඊළඟ  තීරුබදු අනතුර සංඥා කර ඇත .ඔහු යුරෝපා සංගමයට අනතුරු අඟවමින් පවසා ඇත්තේ”ඔබට සත්‍යවාදී පිළිතුර අවශ්‍යද නැතිනම් මම ඔබට දේශපාලන පිළිතුරක් දෙන්නද? ”  ඔහු තවදුරටත් පවසා ඇත්තේ ”  යුරෝපීය සංගමය අපට ඉතා දරුණු ලෙස සැලකුවා”  යන්නයි.
ඇමරිකානු ධනවාදය විසින් 2023 වසර තුල ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3.1 භාන්ඩ ආනයනය කර ඇත.එය ඇමරිකානු දලජාතික ආදායමින් 11% කි.
කෙසේ වෙතත් ,ඇමරිකාව මුහුණදී ඇති ණය අර්බුදයට ඇති එකම විසඳුම තීරුබදු වැඩි කරමින් ජනයාගේ පාරිභෝජනය අවම කිරීම බව ඇමරිකානු ධනවාදය හොඳින් දන්නා මුත් දශක 4-5 ක  පුරා චීන සහ මෙක්සිකානු ලාභ ශ්‍රමයෙන් ආතල් ගත් ඇමරිකානු මධ්‍යම පංතික ජනයා ඇතුලු අනෙකුත් පහල පංතික ජනයා ඒ සඳහා සූදානම්ද යන්නයි.ඇමරිකානු කලාපීය දේශපාලන ආර්ථිකය පිලිබඳව විශේඥයකු වන කොලොම්බියා විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳව මහාචාර්ය වරයෙකු වන නොබෙල් ත්‍යාග ලාභී JOSEPH STIGLITZ පවසනුයේ මේ තත්ත්වය විසින් ඇමරිකාවේ උද්ධමනය ඉහල යන බවයි.
ධනේශ්වර ආර්ථික විද්‍යාව පිලිබඳව බුද්ධිමතුන් කොපමණ ආර්ථික පුරෝකථනයන් කලත්, අනපේක්ෂිතව ගෝලීය ධනවාදය මුහුණ දී ඇති ප්‍රතිවිරෝධය හමුවේ එන දැවන්ත තෙරපුමට මුහුණදීමට සිදුවන්නේ එම තත්ත්වය වැලඳ ගැනීමෙන් පසුවයි.කෙසේ වෙතත් , අප මතක තබාගත යුතු වන්නේ ධනේශ්වර අතිරික්ත වටිනාකම් යනු සාධනීය ප්‍රවනතාවයක් නොවන බැවින් සර්ව අසුභවාදී ප්‍රතිඵල නුදුරු අනාගතයේ බලාපොරොත්තුවීම අපේක්ෂා කලයුතු බවයි!

More From Author

මං කැමති මෙි ගමන ඇවිදගෙන යන්නටය

වන්දි කතාව එළියට ගෙන ආණ්ඩුව ලසන්තගේ කතාව යට ගැසුවා

Leave a Reply

Categories

LDM Columns