මං කැමති මෙි ගමන ඇවිදගෙන යන්නටය

හිතවතුනි මා ඉදිරියෙන් ඇත්තේ

නිතර රථ  වාහන යන එන 

යම් තදබදයක් සහිත මහා මාර්ගයකි…

එහි හතරමං හන්දිද

T හැඩති තුංමං හන්දිද

බොහෝ සුලභය…

එක්ව එක මග යාමට විත්

අතරමගදී ආපසු  හැරී ගියවුන්ද

හතරමං හන්දි තුංමං හන්දි වලින් හැරී

අතුරු මං වල ගිය උන්ද බොහෝය….

නමුත් මං කැමති හීං සීරුවේ

මේ ගමන ඇවිදගෙන යන්නටය

නුබටත් ගමනක් මිසක

අරමුණක් නොමැති නම්

අපට මේ මග එක්ව යා හැක…

More From Author

මහේෂ් හපුගොඩ

මනෝරාණි අම්මා සහ සෝමරත්නගේ අම්මා..

ඩොනල්ඩ් ට්‍රම්ප්  යුගයක් අවසාන කරමින් ඇත!

Leave a Reply

Categories

LDM Columns