ඉතාලියේ රියදුරු සහ ගුවන් ගමන් බලපත් ගැටලුව සම්බන්ධ පැනයට පිළිතුරු නොදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක මඟ හරි

ඉතාලියේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් මුහුණ පා ඇති ගැටලු ගණනාවක් පිළිබඳව පසුගිය කාලය තුළ සාකච්ඡාවට ගැනුණා . මේ ගැටළු මොනවද කියන එක සම්බන්ධයෙන් රනිල් රාජපක්ෂ ආණ්ඩුවටත් වර්තමාන අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුවටත් දැනුවත් භාවයක් ලබා දෙන්න ඉතාලියේ ජීවත්වෙන මේ ගැටළුවට මුහුණ දී සිටින ලාංකිකයින් කටයුතු කරලා තියෙනවා . ඉතාලියේ ලාංකිකයන්ගේ ගැටලුව ඉදිරිපත් කිරීමට පසුගිය 29 වෙනදා ජනා අරගල සන්ධානය ප්‍රමුඛ ඉතාලියේ සිට ලංකාවට ගිය පිරිසක් ඇමැතිවරයාව හමුවෙන්නට ගිය ද ඔහුව මුණගැසෙන්න නොහැකි වුණා. නමුත් මේ ප්‍රශ්නය පිළිබඳ දැනුවත්භාවයට අදාළ ලිපි ලේඛන ඔවුන්ට භාරදීලා ආවා . ඒ අනුව අප විශ්වාස කරනවා මේ ගැටලු මොනවද කියන එක ආණ්ඩුව දැනුවත්භාවයකින් කටයුතු කරනවා ඇති කියලා .

නමුත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ උනන්දුව පිළිබඳව ගැටළුවක් මතු වෙන්නේ පෙබරවාරි 05 වන ද කැබිනට් තීන්දු තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ශාන්ත විජේසූරිය මාධ්‍යවේදියා ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන ගැටලුව ඉදිරිපත් කරලා ඒවා වෙනුවෙන් ආණ්ඩුව ගන්නා පියවර මොනවද කියලා ප්‍රශ්න කරද්දී කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස ලබාදුන්නු පිළිතුර අනුවයි .

ශාන්ත විජේසූරිය මාධ්‍යවේදියා යොමු කළ ප්‍රශ්නය
ඉතාලියේ ජීවත් වෙන ලාංකිකයන් ගැටලු ගණනාවකට මුහුණ දී සිටිනවා . විවිධ ක්‍රම වලින් ඉතාලියට ගිය, අවුරුදු දහය පහළොව ජීවත් වෙන අයට ගුවන් බල ගමන් බලපත්‍රය ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. මේ හේතුව නිසා සමහර අයට ලැබිල තියෙන රැකියාව පවා අහිමි වෙලා තියෙනවා. ඉතාලි රජය ඔවුන් වෙනුවෙන් යම් ක්‍රියාමාර්ග ගත්තත් ගුවන් ගමන් බලපත්‍රය නැති නිසා සමහර ගැටළු මතුවෙලා තියෙනවා . ඒවගේම ශ්‍රී ලංකාවේ රියැදුරු බලපත්‍රය ඉතාලියට මාරු කර ගැනීමේ ගිවිසුම අහෝසි වෙලා දැන් කාලයක් ගතවෙලා තියෙනවා . මේ සම්බන්ධයෙන් ඔබේ රජය ගන්න පියවර මොකක්ද?

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්සගේ පිළිතුර වෙන්නේ

මං මේ ප්‍රශ්නය විදේශ කටයුතු අමැතිවරයාට ඉදිරිපත් කරන්නම් . ඔහු සමග මේ ගැන කතා කරන්න සාකච්ඡාවකුත් ලබා දෙන්නම් . ඒ ගැන මට පැහැදිලි කිරීමක් කරන්න බැහැ . එතකොට මේ ප්‍රශ්න නිරාකරණය කරගන්න පුළුවන් . ඇත්තටම මට මේ වෙලාවේ ඒ පිළිබඳව මොකවත් කියන්න බැහැ .

කැබිනට් ප්‍රකාශකවරයාගේ මේ ප්‍රකාශය තුලින් අපට අවබෝධ වන්නේ අනුර කුමාර දිසානායකගේ කැබිනට් මණ්ඩලයට ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් මුහුණපා සිටින ගැටලුව සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් නැතිකම .

More From Author

‘වම’ පුවත්පතේ ‘රළ කලා සංස්කෘතික අතිරේකය කෘතියක් ලෙස එලි දකී

‘මම’ නමැති ජීවියාගේ දින චර්යාව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *