තමන්ව විශ්වාස කළ මිනිසුන්ගේ විශ්වාසය විහිලුවට ලක් කිරීම.

රන්වල යනු වර්තමාන ආණ්ඩුවේ සුජාත මුහුණේ අසූචි තලිපිටින් ගෑම ආරම්භ කළ ප්‍රථමයාය. මාලිමා ආණ්ඩුවට මසක් ගත වෙන්නටත් මත්තෙන් රන්වල ජනතාවට වංචා කළ බව රටට හෙළිකලේ මාලිමා ආණ්ඩුවේ රැකවලෙක් ලෙස සිටිනවා යැයි කියාගන්නා නිර්මාල් රංජිත්‍ දේවසිරි ය. ඔහු රන්වලගේ උපාධිය හොර එකක් බව රටට හෙළිදරව් කළේය. එවැනි උපාධියක් ඇත්නම් පෙන්වන්නට කියා අභියෝග ද කළේය.

එම අභියෝගය බාරගත් ආණ්ඩුව ඒ දවස්වල කටයුතු කළේ රන්වල පිළිබඳව පූර්ණයෙන්ම විශ්වාසය තබමින්. රන්වලගේ උපාධිය අභියෝගයට ලක්වන විට ඔහු මෙරටේ තුන්වන පුරවැසියා වන කථානායකවරයාය. කඩිනමින් තමන්ට එල්ල වී තිබෙන චෝදනාවෙන් නිදහස් වනවා වෙනුවට එදා රන්වල කළේ කාලය මැරීමය. රටේ ජනතාව තුළ මුදුන් වී ඇති අවිශ්වාසය සත්‍ය ප්‍රකාශ කිරීමෙන් තුනී කරනවා වෙනුවට ඔහු කළේ චෝදනා එල්ල කරන පාර්ශවයන් වලට විවේචනය කිරීම සහ තමන්ව විශ්වාස කළ මිනිස්සුන්ගේ විශ්වාසය විහිලුවට ලක් කිරීමයි.

කෙසේ වෙතත් අවසානයේ සමාජ පීඩනය දරාගන්න බැරුව ගිය NPP ආණ්ඩුවේ උදවියම රන්වලට කතානායක ධූරයෙන් ඉල්ලා අස්වන්නට බලපෑම් කළාය. ඉන් අනතුරුව කතානායක ධූරයෙන් ඉල්ලා අස්වූ රන්වල මාස තුනකදී තම උපාධිය ගෙනත් පෙන්වනවා කීවාට තවමත් ඒ උපාධිය ගෙන්වා පෙන්වා ඔහු නිදොස් උනේ නැහැ.

ඉතින් මේ අද දවස වන විටත් රන්වල යනු මාලිමා ආණ්ඩුවේ උගත් බුද්ධිමත් ආචාර්ය මහාචාර්ය ප්‍රථම වංචනිකයාය.

යළි මේ රන්වලම ආණ්ඩුවේ සුජාත මුහුණේ තවත් තඩි ගූ තැලියක් අතුල්ලා ඇත.

අද ඔහු මාර්ග රිය අනතුරක් සිදුකරමින් ඒ සිදුවීම තමන්ට වාසිදායක ලෙස හසුරවා ගැනීමට මාන බලමින් සිටි. පොලිසියේ හැසිරීමද ඊටම නොදෙවෙනි ලෙස සිදුවෙමින් පවතී.

පෙර රජයවන්වල කාලයේ මෙන්ම මැති ඇමතිවරු ප්‍රභූවන්දනාවේ පොලිසිය යමින් රන්වලව නිදොස් කොට නිදහස් කරන්නට කටයුතු කරන බවට නැගෙන චෝදනාව බැහැර කරන්නට බැරි, සිද්ධියට මුහුණ දුන් දෙවන පාර්ශවය ඉදිරිපත් කරන කරුණු සැලකිල්ලට ලක් කරන විටයි.

මෙහිදී ආණ්ඩුවේ රෙදි හෝදන මාධ්‍යයේ හැසිරීම රන්වලට වාසිදායක ලෙස ක්‍රියාත්මක වන බව නිරීක්‍ෂණවේ.

රිය අනතුර සිදුවන විට රන්වල මත්පැන් පානය කර සිටි බවට නැගෙන චෝදනාවදැන් වුවද රන් වලට තුරන් කර ගැනීමටඅපහසු කාර්යයක් නොවේ. හිස කෙස් පරීක්ෂාවෙන් මාස කීපයකට ඉහත දී මත්පැන් පානය කර තිබෙනවාද යන්න සොයා ගැනීමට හැකියි. රන්වලගේ සිදුවීමට විශාල කාලයක් ගතවීම් නැති නිසා ඔහුගේ රුධිර පරීක්ෂාවකින්ද මේය තාහුරු කර ගැනීමට හැකිය.

පෙර සේම රන්වල මෙතනදී ද නිදොස් වෙන්නට උත්සාහ නොදරන්නේ තමන්ගේ අත වරදක් හෝ වංචාවක් තිබෙන නිසා බවට අපට සැක කිරීමට හැකියාව තිබේ.

රන්වල හරහා අපට විනිවිද දැකිය හැකි වන්නේ ආණ්ඩුවය, ඔවුන්ගේ කල්කිරියාවය, වෙනස් නොවන පැරණි ගති ලක්ෂණ මොවුන් සතුවද තිබෙන බවය.

More From Author

මම්දානි, ඒකාධිපතියෙකු වීමට යත්න දරන සහ වෛරයට පාත්‍ර වූ ට්‍රම්ප් සමඟ “හවුල්කාරිත්වයක්” නිවේදනය කරයි

හේගල්ගෙන් මාක්ස්ව කියවීම- චමිල් ජයනෙත්තිට පිළිතුරක්.

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348