නිශ්ක්‍රීය කළ අසංවෘත බැදුම්

වචනවලට පෙරලන්න බැරි
අසංවෘත හැගුම් හුගකට
බර හුස්මක් වෙලා යන්නත් වුණා
හිතුවක්කාර හිත්වලින් පිටතටම…

පිටවුනු හුස්මේ උණුසුමට
පිච්චුනත් පපු
විරහා ගින්දරෙන් සියපාරක් ම
ආදරේ දළුලැවා ලස්සනට
ඒ පපු අස්සෙ
කිසිම හෙණයක් නැතුවාම….

ඇස්වලින් හැප්පිලා රහසින්ම
වීසිකෙරුව සිනහවත් පොලවටම
හංගන්න හැදුවාට
පපු අස්සේ පියෑඹුවා සමනල්ලු හරි සීරුවට

පත්තරේ විස්තරේ වාගෙමයි ඒ
ගහන ඇහිපිල්ලමක් ගාණට
පපු අස්සේ උතුරව්ව ආදරය
සමයි බෝපත් ඇල්ල වාගේ ම…..

ඔව් ඒ උඹත් වාගෙයි
පපුව උඩටම අහම්බෙන් බරවුණ
නිෂ්ක්‍රිය කරන්නට බැරුවම
පිපුරුණත් හරි සනීපෙට
මුළු හිතම පිච්චුණ….

ඕෂධි නවරත්න

More From Author

අවුරුදු පහළොවකට පස්සේ- දොරට වැඩූ පොතක්

තිලකසේනගේ භාෂා ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ විරුද්ධාභාසය | ක්‍රිශාන්ත ෆෙඩ්රික්ස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *