කෙටි නවකතාවේ පරමාදර්ශය ‘සඳගමන’

අව­සන් විනි­ශ්ච­යේදී නඩු­කා­රයා පවා හිස නවා ආචාර කළ යුතු පොතක් අප ඉදි­රි­යෙහි පවතී. කපා හරි­න්නට කොට­හක් නැත. එක්කාසු කළ යුතු කොට­හක් ද නැත. වෘත්තයේ හරි මැද තිතට පිහි පහර වැදී තිබේ.

මේ කතා­වෙන් කියැ­වෙන්නේ මාන­වයා තම අර­මුණු ජය ගැනීම සඳහා කරනු ලබන අප්‍ර­මාණ කැප­වීම හා අස­හාය දරා­ගැ­නීම ගැනය. එහෙත් පවත්නා සන්ද­ර්භය තුළ ඊට වටි­නා­ක­මක් තිබේ ද? 
කතු­ව­රයා සමාජ – දේශ­පා­ලන දේහය විනි­විද යමින් නූතන මාන­ව­ක­යකු ගැන කතා­වක් දිග­හරී. වරෙක ඒ මාන­ව­කයා තමාට ම සිනා­සෙයි. කුමක්ද මේ විහි­ළුව? ලෝකය විකා­ර­යකි!

ලෝක නාය­කයෝ දෙදෙ­නෙක් රතු පලස මත පරි­ස්ස­මට පිය­වර තබ­මින් උන්හ. ඔවුන්ගේ මුළු අව­ධා­නය යොමුව තිබුණේ දීර්ඝ කාල­යක් ජීවත් විය හැකි සෞඛ්‍ය විද්‍යා­ත්මක උපා­ය­මාර්ග කෙරෙ­හිය. වසර එක­සිය පන­හක් නිරු­ප­ද්‍රි­තව ජීව­ත්විය හැකි ජීව විද්‍යා­ත්මක සාධක මේ වන විටත් පව­තින්නේ යැයි එක් නාය­ක­යෙක් කියා සිටි­යේය. එම සංවා­දය ගින්නක් සේ ලොව පුරා පැතිර ගියේය. ජීව­ත්වීම යනු ආස්වා­ද­නීය සිද්ධි­යකි! එහෙත් ජීව­ත්වීම සඳහා අර­මුණු හා ඉලක්ක පව­ත්වා­ගත යුතුය. ඒවා හඹා යා යුතුය.

දස – දෙස මිනිස්සු විවි­ධා­කාර අර­මුණු හා ඉලක්ක දරා සිටිති. ඒ අනුව ජීවිත ගොඩ­න­ඟති. ජීවිත හසු­රු­වති. දේශ­පා­ල­ක­යාගේ ඉල­ක්කය බලය තහ­වුරු කර­ගැ­නීම විය හැකිය. ඉංජි­නේ­රු­වාගේ ඉල­ක්කය අලුත් ඉදි­කි­රීම් විය හැකිය. මේ අනුව බේබ­ද්දාට විස්කි විය හැකිය. ලේඛ­ක­යාට අලුත් පොත් විය හැකිය.
මුද්‍රණ කර්මා­න්තයේ තාක්ෂ­ණය ඉතා ඉහළ මට්ට­මක පවතී. ජර්ම­නියේ මුද්‍රණ මැෂින් දෙස බලන විට එය පැහැ­දිලි වෙයි. ප්‍රකා­ශ­නය හා බෙදා­හැ­රීම ද ඉතා දියු­ණුය. විධි­මත්ය. අමෙ­රි­කාව, ඉන්දි­යාව, එංග­ල­න්තය දෙස බලන විට එය පැහැ­දිලි කර­ගත හැකිය. එහෙත් පොතක් පළ­කි­රීම යනු දුෂ්කර කාර්ය­යකි. එය විශේෂ ව්‍යාපෘ­ති­යකි.

Edgar Allan Poe

අමෙ­රි­කන් කතා කලාවේ දැවැන්ත වෘක්ෂ­යක් බඳු එඩ්ගා ඇලන්පෝ පළ­මුව ප්‍රකා­ශ­යට පත්ක­රන්නේ කාව්‍ය සංග්‍ර­හ­යකි. (1827 – Tamariane and other poems) එය කර්තෘ ප්‍රකා­ශ­න­යකි. එය මුද්‍ර­ණය කිරීම සඳහා ලේඛ­කයා දරන ලද අප්‍ර­මාණ කැප­කි­රීම හා වේද­නාව ගැන පසු සට­හන් තිබේ.

මාක් ටුවින්, වර්ජි­නියා වුල්ෆ් වැනි ලේඛක – ලේඛි­කා­වන් ද තම ප්‍රථම පොත සමා­ජ­ගත කිරීම සඳහා දරන ලද අස­හාය පරි­ශ්‍ර­මය වේද­නා­කාරී සට­හන් ඔස්සේ එළි­දක්වා තිබේ. ඒවා කියවා බැලීම රස­වත්ය. එමෙන්ම එය වැද­ගත් ඉගෙ­නී­මක් ද වන්නේය.

Mark Twain-Virginia Woolf

එක්තරා මාන­ව­ක­යෙක් සිය කුළු­ඳුල් කාව්‍ය සංග්‍ර­හය පළ­කි­රීම උදෙසා අසා­මාන්‍ය උත්සා­හ­යක යෙදී සිටී. ඔහු සර­සවි ශිෂ්‍ය­යෙකි. මේ ව්‍යාපෘ­තියේ පිළි­වෙළ ඔහුට වැට­හෙන්නේ නැත. ඔහු තමන්ගේ දැනු­මට අනුව ශිෂ්‍යා­ධාර මුදල එක­තු­කොට එයින් ‍ෙපාත මුද්‍ර­ණය කිරී­මට සැලැ­සුම් කරයි. තරු­ණයා මේ සඳහා ගෙන යන අර­ග­ලය කතා­වට පාදක වී ඇත. තරු­ණ­යාගේ චර්යා රටා මෙන්ම ඔහුගේ ගනු­දෙනු ද නූතන සමා­ජය විනි­විද දැකීමේ අව­ස්ථා­වක් කර­ගෙන ඇත.

නව­ක­තාව ආරම්භ වන්නේ අපූරු විලා­ස­ය­කින් හා කදිම නිරූ­ප­ණ­ය­කින් ය.
“මම හෙව­ණැල්ලේ ජින­දාස මෙන් සර­සවි අව­න්හලේ වාඩිවී සිටිමි. දේශන මඟ­හ­රි­මින් කලා­තු­ර­කින් පම­ණක් ඇවිත් යන මා බලා­පො­රොත්තු වන්නේ මාසික ශිෂ්‍යා­ධා­රය මාස දොළහ, දාහ­ත­ර­කට පසු සැලැ­කිය යුතු මුද­ලක් ලෙස එකතු කර ගන්න­ටය. ඊට හේතුව කිය­න්නට ඉක්මන් වැඩිය. අව­න්හලේ ඝෝෂාව කන් රිද­වයි. ශිෂ්‍ය නිල­ව­ර­ණය අත ළඟ නිසා ඝෝෂාව වැඩිය. රතු – කළු මුහුණු සහිත පෝස්ටර් සහ කැලෑ පත්තර එක මත එක වැදෙන උස බිත්ති කැතය. මමත් අපගේ සහෝ­ද­ර­යන් වෙනු­වෙන් නිර්නා­මික කවි පෙළක් ලියා දී ඇත. මා විසින් ලියනු ලැබුවේ ඇද­වැ­ටුන විරු­වන් මර­ණ­යෙන් නැඟි­ටු­වන අද­හ­සක් විය හැකිය. එසේ නැති නම්; අස­ම­සම බුද්ධි­ම­තකු බව පෙන්වා පව­තින ක්‍රමය ගැන නුරු­ස්සන අන්දමේ දුරස්ථ ආඩ­ම්බ­ර­යක් ඉස්මතු කරන අද­හ­සක් විය හැකිය…”

(ආර­ම්භය)
සර­සවි දේශ­පා­ල­නය ගැන පම­ණක් නොව; රටේ පොදු දේශ­පා­ල­නය ගැන ද නිරූ­පණ ඊට ඇතු­ළත්ය. කථ­ක­යාගේ කවිය හා කවිය පිළි­බඳ ඔහු­ගේම විවේ­ච­නය එක් අතෙ­කින් ප්‍රති­වි­රෝ­ධ­යක් මතු කරයි. කතු­ව­රයා පිට­පොත්ත පම­ණක් නොව; මදය ද සූප්පු කරන තැනෙ­කට තල්ලු වෙයි. ඔහු අවට සමා­ජය ගැන ද එහි ක්‍රියා­කා­ර­කම් ගැන ද දක්වන උන­න්දුව පුදු­මා­කා­රය.

“එය අවට බෝඩි­ම්වල සිසු – සිසු­වි­යන් වෙනු­වෙන් වුව­මනා දේවල් සප­යන අතරේ ඔවුන්ගේ මුදල් අමා­රු­කම් ද දන්නා කඩ­යකි. බෝල්පො­යින්ට් පෑනේ සිට සමරු පොත් සහ ඔසප් පෑඩ් දක්වා දේවල් ද භික්ෂු ශිෂ්‍ය­යන් වෙනු­වෙන් සිවුරු, අව­න්පත් සහ නේපාල් රෙදි මලු ද එහි ඇත.”
(පිටුව – 09)

“මම කඩ­යට ගියේ එහි අලවා ඇති සත­යෙන් සතය කැට­ය­කට එකතු කරන දැරි­යගේ පෝස්ට­රය බල­න්න­ටය.
(පිටු – 11-12)
මේ පෝස්ට­රය වනාහී රාජ්‍ය බැංකු­වක් විසින් 1980 ගණ­න්ව­ලදී ඉදි­රි­පත් කරන ලද ප්‍රචා­රක දැන්වී­මකි. එය ආක­ර්ෂ­ණීය දැන්වී­මක් වූ අතර කථ­ක­යාගේ අර­මුණ සමඟ ද මනාව ගැළ­පෙයි. ප්‍රධාන චරි­තයේ මනස ක්‍රියා­ක­රන ආකා­රය ඉතා සියුම් ලෙස නිරූ­ප­ණය කිරී­මට කතු­ව­රයා උත්සුක වෙයි. මේ නව­ක­තාව හැඳි­න්විය හැක්කේ ද නූතන මනෝ­වි­ද්‍යාව මත පද­නම් වූ කතා­වක් හැටි­ය­ටය.
මේ කෘතියේ අන්ත­ර්ග­තය විසින් සාහිත්‍ය සමා­ජ­ය­ටත්, දේශ­පා­ලන සමා­ජ­ය­ටත් වැද­ගත් සංවාද පහක් මතු කරනු ලැබේ. ඒ පහත සඳ­හන් අයු­රින්ය.

එක අතෙ­කින් ජීවි­තය දුෂ්කර වී ඇත. පීඩ­නය දැඩි වී ඇත. කොයි අතින් බැලු­වද සැන­සී­මක් නැත. ප්‍රංශ ජාතික නාට්‍ය­ක­රු­වකු වූ ඉයු­ජින් අය­නෙස්කෝ පෙන්වා දී ඇති පරිදි දෙවන ලෝක යුද්ධ­යෙන් පසු මිනිසා මරණ බය, සැකය, අවි­නි­ශ්චි­ත­තාව වැනි කම්ප­න­ය­න්ගෙන් පීඩා­වට පත් වී අතී­ර­ණා­ත්මක හා අවි­නි­ශ්චිත ජීවි­තය ගත කරයි. එම සන්ද­ර්භය තුළ ඔහු ලෝකය දකින්නේ විකා­ර­රූපී අයු­රින්ය.

Eugène Ionesco

කාර්මික විප්ල­වය, ලෝක යුද්ධ දෙක, ශීතල යුද්ධය නාගරී කර­ණය, කාන්තා­රී­ක­ර­ණය, ගෝලී­ය­ක­ර­ණය, දේශ­ගු­ණික විප­ර්යාස ආදී සංසිද්ධි ගණ­නා­වක් නිසා මානව සමා­ජයේ පැවැත්ම එක අතෙ­කින් අභි­යෝ­ග­යට ලක්වී ඇති අතර තව අතෙ­කින් පැවැත්ම සංකීර්ණ වී ඇත. මේ අනුව සාහි­ත්‍ය­කා­ර­යාට ද තම ප්‍රකා­ශ­නය සඳහා නව ආකෘති සොයා යන්නට සිදු වී ඇත.

පොතක් සැබෑ නම්; එය කාලයේ තාල­යට සම­පාත විය යුතුය. නැත­හොත් ගැළ­පිය යුතුය. කාලයේ තාල­යට යනු­වෙන් අද­හස් වන්නේ මානව චර්යා­වන්, සිතුම් – පැතුම් හා ඔවුන් අනු­ග­ම­නය කරනු ලබන මෝස්ත­ර­යන් යැයි සරල නිර්ව­ච­න­යක් ඉදි­රි­පත් කළ හැකිය. ඊට අනුව නූතන පාඨ­කයා ඉල්ලා සිටින්නේ මහා පත­රංග නව­කතා නොව; ප්‍රමා­ණ­යෙන් කුඩා වේග­වත් රිද්ම­යක් සහිත රස­වත් කතා පොත්ය. ප්‍රබන්ධ කතා­වට ප්‍රච­ලිත අමෙ­රි­කාව, එංග­ල­න්තය, ප්‍රංශය, ඉන්දි­යාව වැනි රට­වල සාහිත්‍ය වෙළෙ­ඳ­පොළ දෙස බලන විට ද මේ තත්ත්වය තහ­වුරු කර­ගත හැකිය. එම රට­වල ජන­ප්‍රිය පම­ණක් නොව; ප්‍රශස්ත යැයි සම්මත බොහො­ම­යක් නව­කතා ද පිටු 300ට අඩු හෝ ඊට ආසන්න සංඛ්‍යා­ව­කින් සම­න්විත බව අපගේ පිළි­ගැ­නීම වෙයි. මහා පත­රංග පොත්ගෙඩි ලියා සම්මාන ලබා­ගත හැක්කේ ශ්‍රී ලංකාව වැනි රට­ව­ලදී පමණි. අපගේ නිරී­ක්ෂ­ණ­ව­ලට අනුව කෙටි නව­ක­තාව අද ප්‍රව­ණ­තාව වේ.

අමෙ­රි­කන් කෙටි නව­කතා කලාවේ පුරෝ­ගා­මියා සේ සල­කන හෙන්රි ජේම්ස් කෙටි නව­ක­තාව හඳු­න්වන්නේ කතා කලාවේ පරි­ණත අව­ස්ථා­වක් හැටි­ය­ටය. ඔහුට අනුව කෙටි නව­ක­තාව කාව්‍යා­ත්ම­කය. සංක්ෂි­ප්තය. එමෙන්ම සංකේත භාවි­තය හා උත්ප්‍රා­සා­ත්මක භාෂාව එහි කැපී පෙනෙන ලක්ෂණ ලෙස පවතී. එරික් මේ ලක්ෂණ මනා ලෙස හසු­රුවා ගනි­මින් ස්වකීය නිර්මාණ කෘත්‍යය නිමවා තිබේ.

Henry James

මේ සුවි­ශේෂී රච­නා­වේදී නූට් හැම්සන්ගේ (Knut Hamsun) ශෛලියේ ආභා­සය ද ලබා­ගත් බව කතු­ව­රයා සඳ­හන් කර ඇත. නූට් හැම්සන් යනු 1920 දී සාහිත්‍ය පිළි­බඳ නොබෙල් ත්‍යාගය දිනා­ගත් නෝර්වී­ජි­යානු ජාතික ලේඛ­ක­යෙකි. ඔහු සාහි­ත්‍ය‍ෙය් සියලු ශානර ස්පර්ශ කළ කෘත­හස්ත කතා­කා­ර­යකු බව සඳ­හන් කළ යුතුය.

Knut Hamsun

හැම්සන්ගේ ශෛලි­යෙහි විශේ­ෂතා කිහි­ප­යකි.

(I) ආත්ම කථ­නය
(II) විඥා­නය ප්‍රමු­ඛ­කොට කතා ගොඩ­නැ­ඟීම
(III) විඥාන ධාරා සන්ද­ර්භය
ඇතැම් විචා­ර­ක­යන්ගේ හැඳි­න්වී­මට අනුව නූට් හැම්සන් නූතන මනෝ විද්‍යාව පාද­ක­කොට කතා ගොත­න්නෙකි.

‘සඳ ගමන’ කිය­වන කෙන­කුට ‘Hunger’ නව­ක­තාව සිහි­පත් වන්නට පුළු­වන. ‘Boy eating Birds food’ චිත්‍ර­ප­ටය සිහි­පත් වන්න­ටත් පුළු­වන.කල­කට පසු කිය­ව­න්නට ලැබුණු අපූරු සිංහල නව­ක­තා­වකි.

දිනමිණ

More From Author

මියේ: භූමියේ ජීවිතය – ග්‍රාමීය සංක්‍රාන්තියේ රැඩිකල් නිරූපණයක්

පර්යටන සාහිත්‍යයේ නොසිඳෙන උල්පත: ඉන්දියාව- (අවසන් කොටස)

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348