කොළඹ හැන්දෑව…

කොන්ක්‍රීට් කොටං උඩ සුදු තීන්තය ගෑව
රන් නොදත් කපුටන් ය බේරෙ වතුරෙන් නෑව
සන් කරති සවස වග සෙන්ට් සුවඳක් පෑව
පැන් වඩන උවැසියන් කොටුවෙ බෝ ගහ ගාව

සුළං රැල්ලක් හපා කහට උගුරක් බොන්න
වළං හෝදපු දෑත් සෙනේ තෙල් ගල්වන්න
බලං ඉන්නා පුංචි පැටවුන්ව නළවන්න
සැලුන් බස් දොරවල් ය හොඳ ම නළුවන් ඉන්න

ෆයර් වී හති දමන, හෝන් දඩි බිඩි ගෑව
හයර් එක මඟ හැරුණු ත්‍රීවිලර් සංකාව
වයර් මාරුව පෙනෙන ට්‍රැෆික් පහනක් ගාව
බියර් උගුරක් හොයන යදියෙක් ය හැන්දෑව

More From Author

තිඹිරිගෙන් පොත් දෙකක්

මගේ පුතු ගේ පාසල් බෑගය

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348